මීමැස්සන් පිළිබඳ කරුණු 10 ක් (පරිසරය හා ස්වභාවධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
🍯. ලොව දක්නට ලැබෙන සිත්ඇදගන්නාසුළු සහ මිනිසාට පෙන්ම පරිසරයටද අතිශය ප්රයෝජනවත් කෘමී විශේෂයක් වන මීමැස්සා පිලිබඳ මෙම කරුණු ඔබ දැන සිටියාද❓
1⃣. මී මැස්සා යනු පලතුරු සහ එළවළු ඇතුළු බොහෝ බෝග වගාවන් සඳහා ඉතා වැදගත් පරාග කාරකයකි.🌺
📍. මල් වල පිරිමි කොටස් වල සිට ගැහැණු කොටස් වෙත පරාග මාරු වීමට ඔවුන් සෘජුවම දායක වන අතර ගොවියාට මෙන්ම පරිසරයටද ඉමහත් සේවයක් සලසයි. වනාන්තරවල ඇති වල් පැලෑටි වලින් 90% ක් සහ ප්රධාන ගෝලීය වගා භෝග වලින් 75% කම පැවැත්ම රඳා පවතින්නේ සත්ව පරාගණය මත ය. අපගේ සෑම ආහාර වේලකින්ම තුනෙන් එකක් පරාග වාහකයන් මත රඳා පවතී. පරාගණය මත යැපෙන බෝග, අන් බෝග වලට වඩා පස් ගුණයකින් ජීවයේ පැවැත්මට ඉවහල් වෙයි.🌾
2⃣. මී මැස්සන් වද වල (ජනපදවල) ජීවත් වේ. ඔවුන්ගේ කාර්යභාරය අනුව සාමාජිකයන් වර්ග තුනකට බෙදා ඇත.🐝🐝🐝
🎯. රැජින (Queen) : රැජින යනු ජනපදය තුළ මූලිකයා ලෙස සැලකෙන අතර ඇයගේ කාර්යය වන්නේ තම වර්ගයාගේ මීළඟ පරම්පරාව සඳහා නව මී මැස්සන් බිහි කිරීම උදෙසා බිත්තර දැමීමයි. ඊට අමතරව රැජින අනෙක් මී මැස්සන්ගේ හැසිරීමට මඟ පෙන්වන රසායනික ද්රව්ය ද නිෂ්පාදනය කරයි.
🎯. කම්කරුවන් (workers) : මොවුන් සියල්ලන්ම මී මැස්සියන් වන අතර ඔවුන්ගේ කාර්යභාරය වන්නේ රොන් ගෙනඒම, ජනපදය තැනීම, එය ආරක්ෂා කිරීම සහ පියාපත් ගසා පිරිසිදු වාතය ජනපදය තුළ සංසරණය කිරීමයි. සාමාන්යයෙන් අප පිටත පියාසර කිරීමේදී බොහෝ විට දකින එකම මී මැස්සන් වන්නේ මේ කම්කරුවන් ය.
🎯. පිරිමි මී මැස්සන් (male bees) : ඔවුන්ගේ අරමුණ නව රැජින සමඟ සංසර්ගයේ යෙදීමයි. වසන්ත හා ගිම්හාන කාලය තුළ සිය ගණනක් දක්නට ලැබේ. නමුත් ශීත සෘතුව වනවිට නොනැසී ඉතිරිවන කොටසද පන්නා දමයි.
3⃣. මී පැණි ගබඩා 🍯
📍. රසවත් මී පැණි! ශීත සෘතුවේ දී ඔවුන්ගේ පරිභෝජනය සඳහා මී පැණි නිපදවා රැස්කර ගබඩාකර තබාගන්නා බව බොහෝ දෙනා දන්නා කරුණකි. නමුත් මෙම කාර්යක්ෂම කුඩා මී මැසි කම්කරුවන් ඔවුන්ට අවශ්ය ප්රමාණයට වඩා 2-3 ගුණයක් මී පැණි නිපදවන බව ඔබ දැන සිටියාද මෙනිසා රසවත් සංග්රහයක් භුක්ති විඳීමට අපටද අවස්ථාව ලැබේ.❄
4⃣. මී මැසි රැජින මිය ගියහොත්,🐝
📍. තම මී මැසි රැජින මියගිය විට කම්කරුවන් (සෙසු මී මැස්සියන්) තරුණ කීටයන් (අලුතෙන් බිහි කරන ලද කෘමීන්) තෝරාගෙන ඔවුන්ට “රාජකීය ජෙලි” (royal jelly) නමින් විශේෂ ආහාරයක් ලබා දීමෙන් පෝෂණය කර නව රැජිනක් නිර්මාණය කරනු ලබයි. මෙමගින් කීටයන් සාරවත් රැජිනක් බවට වර්ධනය වේ.🐝
5⃣. මී මැස්සන් යනු වේගවත් කෘමි පියාසර කරුවන් විශේෂයකි.
📍. ඔවුන් පැයට කිලෝමීටර් 25 ක පමණ වේගයෙන් පියාසර කරන අතර තත්පරයට 200 වතාවක් පමණ පියාපත් සලයි.🐝
6⃣. සෑම මී මැස්සෙකුටම ගන්ධ ප්රතිග්රාහක 170 ක් පමණ පිහිටා ඇත.
📍. එයින් අදහස් කරන්නේ ඔවුන්ට බොහෝ දුර සිට ගන්ධයන් හඳුනාගැනීමට ප්රභල හැකියාවක් ඇති බවයි. ඔවුන් එම හැකියාව සන්නිවේදනයට සහ රොන් සොයා යාමේදී විවිධ වර්ගයේ මල් හඳුනා ගැනීමට මෙන්ම වෙනත් අය රොන් ගන්නා ලද මල් කලින්ම හඳුනාගැනීමට භාවිතා කරයි.🌺🐝🌼
7⃣. සාමාන්ය සේවක මී මැස්සියන් ජීවත් වන්නේ සති පහක් හෝ හයක් පමණි. මෙම කාලය තුළ ඇය මී පැණි තේ හැඳි දොළහක් පමණ නිපදවනු ලබයි.🐝
8⃣. රැජිනට අවුරුදු පහක් පමණ ජීවත් විය හැකි අතර ඇය දිනකට බිත්තර 2500 ක් පමණ දමයි. ගිම්හාන මාසවලදී ඇය වඩාත් කාර්යබහුල වෙයි.🐝
9⃣. මී මැසි නැටුම් 🐝🐝🐝
මී මැස්සන් තුළ නැටුම් වැනි චලනයන් දක්නට ලැබේ. එය ‘වැග්ල් නැටුම’ලෙස හැඳින්වේ. නමුත් සැබවින්ම එය ඔවුන්ගේ නර්තන විලාසයක් නොව, හොඳම ආහාර ප්රභවය සොයා ගැනීමට කොතැනට යා යුතුදැයි තම පිරිස හා සන්නිවේදනය කිරීමේ ක්රමයකි. සසෙක්ස් විශ්ව විද්යාලයේ පර්යේෂකයන්ට වැග්ල් නැටුම විකේතනය කිරීමට වසර දෙකක් පමණ ගත වී ඇත.🐝
🔟. කනගාටුවට කරුණක් නම්,🍯🐝
පසුගිය අවුරුදු 15 තුළ, මී මැසි ජනපද අතුරුදහන් වී ඇති අතර, ඊට හේතුව තවමත් අනාවරණය වී නොමැත. ජනපද බිඳවැටීමේ ආබාධයක් ලෙස හඳුන්වනු ලබන මෙම ක්රියාවලිය හේතුවෙන් ලොව පුරා මී මැස්සන් බිලියන ගණනක් තම ජනපද වලින් ඉවත්ව යන අතර කිසි විටෙකත් ආපසු නොඑනු ඇත. සමහර කලාපවල මී මැස්සන්ගෙන් 90% ක් පමණ අතුරුදහන් වී ඇත..
උපුටා ගැනීම :  Saranga Dilshan

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!