මීදුමක බිදුණු සිතුවිලි (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අලුයම ඇද හැලෙන වරුසාවෙන් ගත සීතලෙන් මිරිකී යද්දී තුවාගර් ගේ බේලෙක් කටහඩ අදත් පාන්දර හය වන විට වෙනදා මෙන්ම කාමරයේ උලුඅස්ස ගාවින් අවධි විය.
“සෑර් තේ එක හැඩුවා ලඟට ගේන්නද? අද රොසැල්ල ස්ටේශමෙන් කණු දෙකකට එහයින් නායක් ගිහින් මයේ හිතේ කෝචිචිය අද එන එකක් නෑ”
වෘත්තියෙන් කලකට ඉහත අදායම් බදු සහකාර කොමසාරිස් වරයෙක් වූ මා විශ්රාම ගැනීමෙන් පසු තනිකඩ ජීවිතය ගෙවා දමන්නේ විශ්රාම යාමේ වර්ප්රසාදයෙන් මිලදී ගත් වටවල පිහිටි තේ ඉඩමෙහිය.
රේල් පාරට ඉහල කදුබෑවුමක තේ ඉඩම මැද පිහිටි නිවසට රේල් පාරේ සෑම දිනකම උඩට පහලට යන එන දුම්රිය නොවරදින දසුනකි.
වියපත් වියට පා තබමින් සිටින මා තනිකමින් පිරුණු සිත මොහොතකට හෝ අකාමකා ගන්නේ සෑම දිනකම දුම්රියෙන් නැගෙන හඩත් සමග දුම් දමමින් කටපුලාව බිංගයෙන් මතුවෙන, නොපෙනී යන සුන්දර දර්ශනය දෙස මොහොතක් බලා සිටීමෙනි.
සදාකාලික තනිකඩයෙකු බවට පත් මාගේ අතීත ආදර අන්දරයට මේ දර්ශනය යලිත් ප්රාණය ගෙන එන්නේ ඇයත් සමග මැවෙන අතීත මතක අවුස්සාලීමෙනි.
විශ්ව විද්යාල ජීවිතය තුල ඇයත් සමග බොහෝ අවස්ථා වල දුම්රියෙන් මීදුම් ඉරා දමමින් ඇදෙනා ගමනාන්ථය තෙක් ජීවිතය ආදරය, චමත්කාරය හා ඇතැම් විටක දුක් දොමනස්සයන් ආදියෙන් පිරී ගිය දෙබස් හුවමාරු කරගත් අවස්ථා අනන්තය.
උදෑසන තේ බීමෙන් පසු තුවාගර්ගේ ඉදි ආප්ප වලට වගකීමෙන් අනතුරුව ඉස්තෝප්පුවේ ඇදි පුටුවේ වාඩි වූවත් වෙනදා උදෑසන දකින දර්ශනය අද දින දැකිය නොහැකි වන බවට නිමිත්තක් තුවාගර්ගේ උදෑසන ප්රකාශයේ ඇතුලත් විය. එබැවින් නාය යාම නිසා දුම්රිය නාවලපිටියෙන් මෙපිටට නොපැමිණෙනු ඇත.
ටික වේලාවකින් තුවාගරුත් ගමනට එක් කර ගනිමින් රොසැල්ලට ආසන්නයේ ගොස් ඇති
නාය බැලීමට තේවත්ත මැදින් ඇති අඩි පාරෙන් රේල් පාර කරා ගමන් කළෙමු.දෙමළ ගැහැණුන් කිහිප දෙනෙකු දළු නෙලමින් සිටී.
රෙල් පාරට පැමිණි අප නාය ගොස් ඇති පෙදෙස වෙත රොසැල්ල දුම්රිය ස්ථානය පසු කරමින් ගමන් කළෙමු. මීදුම් තත්ත්වය පහව ගොස් නොතිබූ හෙයින් දැඩි සීතලක් අවට විය.සාක්කුවෙන් ඇද ගත් සිගරට්ටුවක් පත්තු කරගත් මා තුවාගර් දෙස බැලූවිට සුපුරුදු බීඩිය දල්වාගත් ඔහු මා පසුපසින් පැමිණෙයි.
නාය ගොස් ඇති ස්ථානය වෙත ලංවත්ම දෙමළ තරුණියකගේ ලතෝනිය එම ස්ථානය දෙවනත් කරමින් වා තලයට මුසුවන බව ඇසෙයි.ආසන්නයට ගිය අපට පස් යට සැඟව ගිය ඇයගේ සැමියාගේ දේහය ගොඩට ගෙන ඇති බව දැකිය හැකි විය. තරුණයාගේ දේහය බදා ගනිමින් ලතෝනි දෙන දෙමළ තරුණියගේ හදවත වියෝ දුකින් පිරී ඉතිරී යන සැටි මා ටික වේලාවක් බලා සිටියෙමි.
ආපසු නිවෙස බලා පැමිණි මා දහවල් ආහාරය ලබාගැනී මෙන් පසු මද වේලාවක් ඇදි පුටුවේ වාඩි වී සිටියෙමි.එක් වරම පපුව තද කරමින් පැමිණි වේදනාවකින් ශරීරය දහ දියෙන් තෙත්වී ගියේය. තුවාගර් පැමිණ නාවලපිටිය රෝහල වෙත යාමට මාව ජීප් රථයට ගොඩකරගැනීමෙන් පසු නිවැරදි සිහියට මා එළඹුනේ නාවලපිටිය රෝහලේ ඇදක් මත දී ය.
සති දෙකක කාලයක් ප්රතිකාර ගැනීමෙන් පසු අපසු නිවෙස වෙත පැමිණියේය.
වේනදාමෙන් වත්තේ වැඩකටයුතු සොයා බැලීමට මා යොමු නොවූයේ තවමත් ඇඟ පත වේදනාව මග ඇරී ගොස් නොතිබූ හෙයිනි. අවුරුදු හතලිහක බීමත් කම විසින් උරුම කර දී ඇති මෙම තත්ත්වය ඉතිරි කාලය තුලද නොවෙනස් ව පවතිනු ඇත. එමනිසා ඇදි පුටුවේ වාඩි වී රේල්ලුවේ දර්ශනයට සම වැදී අතීතය ජීවමාන කරවීම හැර අන් යමක් නොවීය.
වෛද්ය නිර්දේශ අනුව මාස හයක කාලයකට පසු නැවතත් පරීක්ෂණ කටයුත්තක් කරගැනීම සඳහා හැටන් නගරය වෙත තුවාගර් සමග ගියෙමු. එම කටයුත්ත සිදු කරගැනීමෙන් පසු වාහනය වෙත පා ගමනින් පැමිණි අපට නායට තම සැමියා යට වීමෙන් ලතෝනි දුන් තරුණිය තවත් තරුණයෙකුගේ අතේ වෙළෙමින් ගමන් කරන ආකාරය දැකිය හැකි විය.
“දැන් මේ කෙල්ලට පරණ එකා අමතක ඇති” තුවාගර් පැවසීය.
වෙනදාමෙන්ම අදත් සුපුරුදු රාත්ත්රී දුම්රියේ හඩ මැදියම් රැයට ආසන්න වන විට ඇසෙයි. නින්දෙන් අවදි වූ මා විස්කි උගුරකින් තොල කට තෙමා ගනිමින් සීතලේම පැමිණ ඉස්තෝප්පුවේ ඇදි පුටුවේ වාඩි විය.
දෙමළ තරුණියගේ සිත කෙතරම් ඉක්මනින් සුවපත් වී ඇත් ද, මා ආදරය කළ නීලාගේ සිත්තත් එසේම වෙන්ස් වන්නට ඇති ද? ඇය දැන් දරු මිණිපිරියන්ගේ මිත්තනියක් වන්නට ඇති.මා පමණක් අතීතයේ කිමිද උඩට පහලට යන රෙල්ලුවවක් බවට පත්ව ඇත. ඇත්තටම නීලාට මා ගැන මතකයක් වත් නැතුව ඇති.
දුම්රියේ ලයිට් එලිය ඈතින් දිස් වෙයි.නැවතත් නීලාගේ රුව සමග ඇදි අතීත මතක ඔස්සේ සිත ගමන් කරයි.
සුපුරුදු ලෙස උදෑසන තේ කොප්පය රැගෙන තුවාගර් තම ස්වාමියා සොයා ඉස්තෝප්පුවට පැමිණියේය.තම ස්වාමියාගේ නිසොල්මන් දේහය ඇදි පුටුව මත වැතිරී ඇති බව ඔහුට සුළු මොහොතකින් අවබෝධ විය.
උපුටා ගැනීම:  ✍️තිළිණ රත්නායක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!