මෙම පුද්ගයන් අතුරින් මාස හයක ලදරුවා පනපිටින් වළලනු ලැබූ බව විශේෂඥයන් සොයාගෙන ඇති අතර මෙම 8 දෙනා පුරාණ ගොවීන් බවත් ඔවුන් මීට වසර 500 කට පෙර ග්රීන්ලන්තයේ ජීවත් වූ බවත් තහවුරු කරගෙන ඇත.
1972 දී අතහැර දමන ලද ඉනූට් කඳවුරක් දඩයම්කරුවන් විසින් සොයා ගත් අතර වසර සිය ගනනකට පසුවත් ඔවුන්ගේ සම, නියපොතු සහ හිසකෙස් නොවෙනස්ව පවතී. මෙම සිරුරු ස්වාභාවිකව මමීකරනය වූ බව තහවුරු කෙරේ.
ග්රීන්ලන්තයේ බටහිර වෙරළ තීරයේ කිලකිට්සොක්ගේ ජනාවාස ආක්ටික් ප්රදේශයට සැතපුම් 280 ක් උතුරින් පිහිටා ඇති අතර පුරාවිද්යාඥයින් සිතන්නේ ක්රි.ව. 1475 දී පමණ මෙම කණ්ඩායම මිය ගිය බවයි. මෙහිදී දරුවන් දෙදෙනෙක් වන අතර අනෙක් හයදෙනා වැඩිහිටි කාන්තාවන් වේ. බොහෝ දෙනෙක් ඔවුන්ගේ නළල හා නිකට මත දැඩි ලෙස පච්ච කොටාගෙන තිබේ.
මෙම මළ සිරුරු මීටරයක් දුරින් සොහොන් දෙකක් ද තිබී හමුවි ඇත. මෙහි වඩාත්ම කම්පිත කරවන කාරණය නම් මාස 6ක ළදරුවා පණපිටින් වළලා තිබීමයි. මෙම සිරුරු සත්ව හම වලින් ඔතා තිබූ අතර එහි සත්ව හම් කොටස් 78ක් හමු වී ඇත.
එවකට පැවති සම්ප්රදායට අනුව මවක් මිය ගියහොත් ඇගේ දරුවන් ඇය සමඟ භූමදාන කළ යුතුය. ඒ පවුලක් ලෙස මරණින් මතු ජීවිතයට පිවිසීම සහතික කිරීම සඳහා ය.
දශක ගණනාවක අධ්යයනයක් කළද, පවුල මිය ගියේ කෙසේද හෝ ඇයි යන්න තීරණය කිරීමට පර්යේෂකයන්ට නොහැකි වී තිබේ. මෙම මමී වලින් සිව්දෙනෙකු නූක් හි ග්රීන්ලන්ඩ් ජාතික කෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා ඇත
උපුටා ගැනීම: රාම් වණා