මීයාගේ කතාව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මීයා ඉතා ප්රයෝජනවත් සතෙක් ය . ඒ නිසා මීයට උපහාර පිණිස රජවරුන් ගම් බිම් පවා ප්රදානය කර ඇත. මීගමුව . මීපේ, මීතිරිගල, එයින් සමහරක්ය. මී ගුල් වල මුරට ඉන්නා මීයා මී මුරේ මීයාය.
එහෙත් මීයෝ වැඩිපුරම ඉන්නේ මීගොඩ ය
මීයන්ගේ කුණු එකතු කරන ස්ථානය මීතොටමුල්ලය..මීයාගේ නම ඇති කිරි මීකිරිය..
මීයාට ලග්නයක් ඇත, උන්ගේ ලග්නය මීන ය. මීයන්ට සෑදෙන වණ මීවණ වන අතර මී යන්ගේ සම මීසම වේ. මීයෝ නාන්නේ බක්මී වැවේ ය.
මීයන් මැහුම් ගෙතුම් වලටද දක්ෂය. ඒ සඳහා යොදාගන්නා කතුර මී කතුර ලෙස හඳුන්වනු ලැබේ. මීයන්ගේ හොටුවලින් මී ඉටිද , පැණි හලන මීයන්ගෙ පැණි වලින් මී පැණි ද නිෂ්පාදනය කරනු ලැබේ.
කඳුකරයේ වෙසෙන මීයන් ඉඳහිට දුමක් පිට කරයි, එයට මී දුම යයි කියනු ලැබේ. මීයා මත්පැන් නිෂ්පාදනයට සමත්ය. ඒවා මීවිත, මීරා වැනි නම් වලින් හැඳින්වේ.
සමහර මීයන් බොහෝ හික්මුණු ගති පැවතුම් ඇත්තෝය. ඔවුන් හික් මීයන් ලෙස හදුන්වනු ලැබේ. සමහර මීයන් අනුන්ට කරදර කාරී ලෙස ජීවත් වේ, ඔවුන් මී වද ලෙස හැඳින්වේ. එළවලු වවන මීයන් බටු මීයන් ලෙසද, සත්ව පාලනයේ යෙදෙන මීයෝ ඌරු මීයෝ ලෙසද හඳුන්වනු ලැබේ. මීයාට නෑයන් වෙන ඉගිලෙන මීයන් විශේෂයක් ද ඇත ඒ මී මැස්සෝ ය. මීයගේ මුත්තා මී මින්නාය. මීයාගේ වැඩිමහල් සොහොයුරා මීහරකාය. මීයාගේ අක්කා මී වැස්සි ය.
බොහෝ මීයෝ උණ කාරයෝ ය. උන්ට මී උණ ඇතැයි සමහරු කියති. මියාට වැළඳෙන තවත්ම රෝගයක් වන්නේ මීමැස්මොරයයි. මියාගේ ගැහැණු සතාගේ නම මීනා ය. මීයාගේ මුත්තා මීමුත්තා ය. ආච්චි මීආච්චි ය. මාමා මී මාමාය. ගොන් වැඩ කරන මීයන් මී ගොන් ලෙස හැඳින්වේ.
මීයෝ පාටි දාන්න එක්රැස් වෙන්න කැමතිය. ඒවාට කියන්නේ මීටින් කියා ය. මීයන්ගේ ගමන් දුර මනින්නේ මීටර් වලින්ය. මීයන් විසින් සොයා ගත් වායුවක් ඇත. එහි විද්යාත්මක නාමය මීතේන් ය.
මීයන්ගෙන් රෝගද බෝවේ, මීමැස්මොරය ඉන් ප්රධානය. මීයා අකමැතිම ආහාරය මීපාසානාම් ය.
මීයන් ගේ දේවතාවිය ලක්ෂ්මී දෙවගනය.
මී බබාලා උන්ගේ අම්මලාට ආදරේට කියන්නේ අම්මී හෝ මමී කියලාය. මීයා කාගේ හරි පස්සෙං යනවිට ෆලෝමී කියාද , කාගෙන් හරි අවසර ගන්නාවිට එක්ස්කියුස් මී කියාද , කතා කරන විට ටෙල් මී, කියාද, සමහර අවස්ථා වල මීයාට කේන්ති ගිය විට කිල්මී කියා කැ ගසයි. මීයා ගේ කැමතිම ගීතය මී පිරුණු සුවඳ මල් වනේ ය. මී වදයකී ජීවිතේ තවත් ගීයකි.
මීයාගේ ප්රියතම ආහාරය කොත්තු මී වේ. එමෙන්ම මීයා අතුරුපස ලෙස මී අඹ කෑමට කැමතිය.
මීයන්ගේ මාධ්ය ජාලය මීඩියා ලෙස හැඳින් වේ. මීයන් නාට්යක් ද නිර්මාණය කර තිබේ. ඒ මී පුර වැසියෝ ය.
( මේකට බලන ඔබ දන්නා මී කථා එකතු කරන්න… එතකොට ආයෙ අපට දිග කථාවක් ලියන්න පුළුවන්. ස්තූතියි සැමට)
උපුටා ගැනීම: Sandya Maithri

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!