මෙහෙකාර සහෝදරයා (4 කොටස) mehekara sahodaraya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මමත් කලබල වුනා එකපාරටම.මොකද කියලා.ඉක්මනට දිවුවෙ ඒකයි එයා ළඟට.

“අක්කෙ ඇයි මොකද ප්රශ්නෙ…”මම ඇහුවෙ අඳුරන්නැතිවුනත් කෙල්ලෙක්ට කරදරයක් වෙලාවට පිහිට වෙන්න ඕන නිසා.

“අනේ මල්ලි අර දුවන එකා මගේ හෑන්ඩ් බෑග් එක අරන් දුවන්නෙ.”

අක්කා අඬඅඬම කියවනවා.ඒගමන් එයත් දුවනවා අරූගෙ පස්සෙන්.මොනවා කරන්නද.මගේ අතේ තිබ්බ කවර දෙක අක්කා අතට දීලා මම හොරාගෙ පස්සෙ පන්නන්න ගත්තා.

මටත් මළ පැන්නා.පුලුවන් තරම් හයියෙන් දුවන හින්දා අරූට ටිකටික ලංවෙන්න පුලුවන් උනා.මං හිතන්නෙ ඌට තේරුණා මම උගේ පස්සෙ පන්නනවා කියලා.යන්තම් ලංවෙද්දිම මම උගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලගත්තා.
දුවන්න බැරිම තැන මූ එකපාරම මට එකක් ගැහුවා.ඒ ගහපු පාරට මගේ කටට අමුතු රසක් දැනුණා.මට තේරුණා මගේ තොල පැලුනා කියලා.ආපු කේන්තියට ගහගෙන ගහගෙන ගියා මමත්.විනාඩි පහක් විතර ඌට බිම පෙරලගෙන.

“නවත්තනවා ඕක දෙන්නම…”මං ගැහිල්ල නවත්තලා හැරිලා බැලුවා කවුද ඒ කියලා.

අම්මටසිරි පොලිස්සියෙන්.තව ගැහුවොත් පොලිස්සියෙන් මට කන්න වෙනවා කියලා තේරුණා.මම අරූගෙ කොලර් එකෙන් ඇදගෙනමයි නැගිට්ටෙ.එතකොටම මං දැක්කා බෑග් එක අයිති අක්කා එතනට එනවා.මම අරූවත් පොලීසියට දීලා බෑග් එක අරන් ඒ අක්කා ළඟට ගියා.

“අක්කෙ මෙන්න ඔයාගෙ බෑග්එක.මෙන්න හොරාව පොලීසියට බාරදුන්නා.බලන්න මොකුත් අඩු නෑ නේද කියලා.”

මම එහෙම කියලා බෑග් එක ඒ අක්කා අතට දුන්නා.

“මැඩම් ඔයාට ප්රශ්නයක් නෑනේද.හැමදේම තියෙනවා නේද බලන්න.” පොලීසියෙන් එහෙම කිවුවම මට අමුත්තක් තේරුණා.මම එයාට අක්කෙ කියද්දිත් පොලීසියෙන් ඇස් ලොකු කරන් බලන් හිටියෙ.⁣පිරිලා හිටිය සෙනඟ ටික යන්න ගියා.

අක්කා ගියා බෑග් එක උස්සපු එකාලඟට.එකපාරටම ගැහුවා උගෙ කනට එකක්.මං ගහපු ඒවට වඩා ඒපාරනම් සැරවෙන්න ඇති.මගේ ඇස් උඩගියා.

” මහේන්,පීරිස් මූව ගිහින් දාන්න ඇතුලට.මම කරන්නම් හොඳවැඩක් මේවගේ වැඩ ආයි කාටවත් නොකරන්න.”

“ආ..මැඩම් දැන් එනවද පොලීසියට.?” එක නිලධාරියෙක් මේ අක්කාගෙන් අහනකොට මගේ ඇඟවෙවුලන්න ගත්තා.

“ඔව් මම එන්නම්.ඔය දෙන්නා මූව අරන් යන්න…” එහෙම කියපු ගමන් හොරාවත් අරන් පොලීසියෙ දෙන්නා මෙයාට සැලුට් කරලා යන්න ගියා.

මට තේරුණා අක්කෙ කිවුවට මෙයා පොලීසියෙ ලොක්කෙක් කියලා…මොනවා කියන්නද කියලා මට තේරෙන්නෑ.වචන පැටලෙනවා වගේ.ඇයි යකෝ මම පොලීසියෙ මැඩම් කෙනෙක්ට අක්කෙ කියලා තියෙන්නෙ.ඇයි දෙයියනේ කවුද හිතන්නෙ මෙච්චර ලස්සන අක්කා කෙනෙක් පොලීසියෙ ලොක්කෙක් කියලා.

“අ..අ..අනේ ම..ට සමාවෙන්න මැඩම්.දන්නෑ ඔයා පොලිස් ඔෆිසර් කෙනෙක් කියලා.කලින් දන්නවනම් කීයටවත් අක්කෙ කියන්නෑ.අනේ සොරි මැඩම්.”

මම කිවුවෙ මැඩම් ඉස්සරහා මහපාර අයිනෙම දනගහගෙන.වචනත් වෙව්ලනවා.මතක් වෙන්නෙම මැඩම් අරූට ගහපු කනේ පාර.

“අයියෝ මොකද මේ.නැගිටිනවා මල්ලි.මට ලැජ්ජකරන්නද හදන්නෙ.මිනිස්සු බලබල යනවා මොකද මේ කියලා.”

“ඒත් මැඩම්.මට සමාව දෙනවා නේද.” “හරි හරි දැන් නැගිටින්නකො මල්ලි”

එහෙම කියලා මැඩම් ම මගේ උරහිස් දෙකෙන් අල්ලලා මාව නැගිට්ටුවා.

“දන්නවද මල්ලි මම ඔයාට සමාව දෙනවා හැබැයි එක පොරොන්දුවක් වෙන්න ඕනි….”

“ඒ මොකක්ද” ඒ සැරේ මම තවත් බය වුනා.

“ඔයා ඔය මැඩම් කියන එක නවත්තලා මට අක්කෙ කියන්න ඕනි.හරිද.ඔයා මම පොලීසියෙ කියලා දැනගෙන නෙවෙයිනෙ උදවුකලේ.මට අක්කෙ කියලා උදවුකලේ මගේ සහෝදරයෙක් වගේ.ඒක හින්දා අක්කෙ කියන්න ඕනි.”

“ඒ….ත් මැඩම්….”
“මම කිවුවනෙ.පොලිස් ඔෆිසර් අක්කා කෙනෙක්ගෙ කීමට පිටුපානවද.”

“හරි අ…ක්..කේ…” තාමත් මට ගොත ගැහෙනවා.

“මෙච්චර සෙනඟ ඉන්න ටවුමෙ මට පිහිට වුනේ ඔයාවිතරයි මල්ලි.කෙල්ලෙක්ට කරදර කරන්න ගොඩක් බලාඉන්නවා.ඒත් උදවුවකට කවුරුවත් එන්නෑ.ඔයාට මේ වෙලාවෙ උදවුවක් කරන්න විදියක් නෑ.ඒත් මේ…”

අක්කා හෑන්ඩ් බෑග්එකෙන් කාඩ්එකක් ගත්තා.

“ආ මේක ඔයා තියාගන්න.පොලීසියෙන් උදවුවක් ඕනිවුනොත් මට මේ නම්බර්එකකට කෝල් කරන්න.හැබැයි වැරදිවැඩ කරලා නම් අහුවෙන්න එපා..මම යනවා පොලිස් ස්ටේෂන් එකට අරූගැන බලාගන්න.” අක්කා කිවුවෙ හිනාවෙලා.

“ආ…ඔයා මේ පැත්තෙමද මල්ලි…”

“ඔව් අක්කෙ 4වෙනි පටුමගේ ගෙදරක වැඩකරන්නෙ.”

“එහෙමද.මගේ යාලුවෙකුත් ඉන්නවා එහේ…”
“අනේ ඇත්තද.මම ගොඩක් අයව අඳුරන්නෑනෙ අක්කෙ.”

“හරි මම යනවා එහෙනම්.පරිස්සමින් යන්න මල්ලි එහෙනම්.” “හරි අක්කේ ඔයත් පරිස්සමින් යන්න..”

එහෙම කියලා ත්රීවිල් එකක් හොයාගෙන මමත් ගියා ගෙදරට යන්න.හොඳටම පරක්කුයි.අහිංසා මිස් ගෙදරනෙ අද.හොඳට අහගත්තැහැකි.එහෙම හිත හිතමයි මං ත්රීවිල් එකක⁣ට නැග්ගෙ.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!