මෙහෙකාර සහෝදරයා (5 කොටස) mehekara sahodaraya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

“අයියෙ පොඩ්ඩක් ඉක්මනට යමුද….” මම ත්රීවිල් එකේ අයියට කිවුවෙ අහිංසා මිස්ගෙන් බැනුම් අහන්න වෙයි කියලා බයට.

“පේනවනෙ මල්ලි ට්රැෆික් එක.ඉක්මනට යන්න බෑ…”
ඒකත් ඇත්ත. පේන තෙක්මානෙ වාහන පෝලිම.මට දාඩියත් දාලා.රස්නෙට වඩා බයටම.අහිංසා මිස් මට කොච්චර නපුරු උනත් මට එයාගැන පුදුම ගෞරවයක් පොඩි බයක් එක්කම තිබුණා.ඒක ඇතිවුනේ එදා ආපුම දවසෙ රෑ එයාව දැක්ක වෙලාවෙමයි.හරියට මගේම අක්කා කෙනෙක් වගේ දැනෙන්නෙ.එයා මට කොච්චර බැන්නත් මට තරහක් හිතුනෙ නෑ.වෙන කෙනෙක් වුණානම් මෙලහකට මම රණ්ඩුවෙලා ගිහින්.

ඒත් අහිංසා මිස්ගෙ හිත රිද්දන්න මට හිතෙන්නෑ.
මේවා හිත හිත ඉඳලා පියවි සිහියට එද්දි ත්රීවිල් එක ගේලඟටත් ඇවිත්.මම හොරෙන්ම ගෙනාව බඩුටික කුස්සියෙන් තියන්න ගියෙ.

ඉවරයි.අහිංසා මිස් කුස්සියෙ.කමලා නැන්දා බීම එකක් හදනගමන් අහිංසා මිස්ට.

“ආ දැන්ද එන්නෙ.දැන් පැය කීයක්ද ටවුමට ගිහින්.මොනාද කලේ මෙච්චර වෙලා ලමයො.ගෙදර තව වැඩතියෙනවා.”

කමලා නැන්දා ප්රශ්න වැලක් අහගෙන අහගෙන ගියා.මොකට ඉස්සෙල්ලා උත්තර දෙනවද කියලා මට හිතාගන්න බැරිවුණා.කොහොම හරි උන සිද්ධිය මම කෙටිකරලා කිවුවා අහිංසා මිස්ටත් ඇහෙන්නම.

ඒත් අහිංසා මිස් මං දිහා බලන් හිටියෙ රවාගෙන.”මං ඉවරයි”.මට තනියම කියවුණා.

“එනවා ටිකක් එලියට.කතාකරන්න ඕනි තමුන් එක්ක.”

මං බයටම බිම බලාගෙන අහිංසා මිස්ගෙ පස්සෙන් ගියා.මිදුලට ගිහින් අහිංසා මිස් නතරවුනා.මමත් නතරවුනා.ඒත් අහිංසා මිස්ගෙ මූණ දිහා බලන්න බෑ.

“මේක අහගන්නවා.මට කමලා කිවුවා තමුන් මංගැන විස්තර ඇහුවා කියලා.ඒ මොකටද ආ.මම තමුන්ට වඩා වැඩිමල්.ඒ හැරත් තමුන් අපේ ගෙදර වැඩකාරයෙක්.”🤬

“තමුසෙලාවගේ ,කෙල්ලන්ට පැණිහලන කොල්ලො අපි ඕනතරම් දැකලා තියෙනවා හරිද.ඒක හින්දා හෙටම මෙහෙන් යන්න ඕනි…හරිනෙ.හෙටම.තාත්ති අලුත් වැඩකාරයෙක් ගෙන්නගනී.”😬

“අනේ අහිංසා මිස් කවදාවත් මම මිස්ගැන වැරදියට හිතලා නෑ.එහෙම හිතන්නෙත් නෑ.මිස් මට මගේම අක්කා කෙනෙක් වගේ.අනේ වැරදියට හිතන්න එපා අහිංසා මිස්.”😥😥

“මිස්ට මං ඉන්න එක කරදරයක්නම් මම හෙටම මෙහෙන් යන්නම්.ඒගියත් මිස්ගැන තරහක් නෑ මගේ.

මිස්ට මංගැන සැක ඇති.ඒකත් සාධාරණයි ඉතින්.අනික මංවගේ අනාතයෙක්……”

මට එච්චරයි කියන්න වුනේ.අහිංසා මිස් යන්න ගියා ගේ ඇතුලට.මට මාර දුකයි.අහිංසා මිස් මංගැන වැරදියට හිතලා.මං කොහොමද දෙයියනේ එයා ගැන එහෙම හිතන්නෙ.මම තීරණයක් ගත්තා හොඳට කල්පනා කරලා.උදේ වෙන්නෙ කීයටද කියලයි මම හිටියෙ.

“කමලා නැන්දේ මම යනවා.මගෙන් වරදක් වුණානම් ලොකුසර්ගෙනුයි අහිංසා මිස්ගෙනුයි මම සමාව ඉල්ලුවා කියන්න.මාව මෙහේ වැඩට ගැලපෙන්නෑ.සමාවෙන්න.
මම පවන්..”

මම මේ ලිවුම කොලේක ලියලා කමලා නැන්දට පේන්න කුස්සියෙ බ්රෙන්ඩර් එකයටින් තිබ්බා.
ඇඳුම් මෙහෙන් හම්බුණ එ්වයි,ගෙනාව දෙක තුනයි සේරම දාගත්තු බෑග් එක කරේ එල්ලගෙන හිමීට ගේට්ටුවෙන් එලියට පැන ගත්තා.ඒ වෙනකොටත් අහිංසා මිස් කොහේහරි ගමනක් ගිහින්.එයාගෙ කාර් එක තිබුණෙ නැතිනිසා එහෙම හිතුනා මට.

මගදි වීල් එකකට අතදාලා ටවුමට ආවා.මම දැන් නුගේගොඩට යන්න ඕනි. මේ පොඩිදුර යන්න රත්නපුර බස්එකකට අතදැම්මොත් බැණුම් අහන්න වෙනවා කියලා දන්න හින්දා 138 බස් එකක් එනකල් බලන් හිටියා මං පාර අයිනට වෙලා.ඉස්සරහින් කිරුලපන පොලීසිය.

ට්රැෆික් වෙලාව ඉවර නිසා පාරෙ ලොකු වාහන තදබදයක් තිබුණෙ නෑ.එත් කොළඹ පැත්තෙ ඉඳන් මේ පැත්තට එන වෑන් එකක් එනවිදිය හරිනෑ කියලා මට තේරුණා.ඒක ටික වෙලාවක ඉඳන් ටිකක් පේන දුරින් නවත්තලා තිබුණා කියලා මට ශුවර්.

මම නිකමට පාර එහා පැත්ත බලද්දි අහිංසා මිස් පාර අයිනෙ.කාර්එකේ දොර ඇරලා මොනවා හරි හොයනවා.මම මොකක් කරන්නද.දැක්කොත් තරහ යයි.

ඒත් අර වෑන් එක අහිංසා මිස්ගෙ පැත්තට එනවා කියලා මට හොඳටම තේරුණේ අහිංසා මිස් කාර්⁣එකේ දොරවහලා පාර අයිනටම එද්දි වෑන්එක ඒපැත්තට කපලා ස්පීඩ් කරපු නිසා.

මම එකපාරටම වාහන බැලුවෙත් නෑ.පාරඑහා පැත්තට පැන්නෙ අරවෑන් එකෙන් අහිංසා මිස්ව බේරගන්න එයාවත් තල්ලු කරගෙනමයි.ඒ එක්කම මට මොකක්ද උනා කියලා තේරුණා.මට කිසිදෙයක් පේන්නැතුව ගියා……………

————————————————————————–

” අනේ පවන්.මල්ලි කතාකරන්නකො.ඔයාට මෙහෙම ඉන්න බෑ.මාව බේරලා ඔයාට එහෙම යන්න දෙන්න බෑ.මල්ලි කතාකරන්නකො.”

මට ටික ටික බොඳවෙලාවගේ හැමදේම පේනවා.ඇඟිලි හොලවන්න පුලුවන්.ඒ එක්කම මගේ අතින් කවුරුහරි අල්ලගත්තා.අර වචන ටික ඇහෙද්දියි මට ටික ටික පේන්නයි ඇහෙන්නයි ගත්තෙ.මුලු ඇඟම රිදෙනවා.දකුණු අත ගොඩක් රිදෙනවා.

“ඩොක්ටර්.එයාට සිහිය එනවා.අනේ ඉක්මනට එන්නකො.ඩොක්ටර්……”

“එයාට කොහොමද ඩොක්ටර්…”

“මට හිතාගන්න බෑ මිස් අහිංසා…එයා ගොඩක් වාසනාවන්තයි.ඒවගේම ඔයාට ඔයාගෙ මල්ලිව ආයිත් ලැබුණා.ඒක පුදුමයක්.දවස් හතරක් තිස්සෙ සිහිය නැතුව ඉඳලා අද තමයි මෙයාගෙ සුවයක් දැක්කෙ.”

අහිංසා මිස්ගෙයි ඩොක්ටර්ගෙයි කතාව අහන් ඉද්දි මටම පුදුමයි.

“එදා මොකක්ද වුනේ.මම දවස් හතරක් සිහිය නැතුව ඉඳලද එතකොට.”

මම මගෙන්මයි ප්රශ්න කලේ.ටික ටික හැමදේම හොඳට පේන්න ගත්තා.මම වටපිටාව බැලුවා.දෙයියනේ අහිංසා මිස්.

එතකොට අර දවසක් මම බෑග්එක බේරලා දුන්න පොලීසියෙ අක්කත් එතන.එයා කොහොමද මේක දන්නෙ.මට සේරම පැටලිලා තියෙන්නෙ.මගේ දකුණු අත ගොඩක් රිදෙන හින්දා ඒ පැත්ත බැලුවා.මුලු අතම වෙලලා.

“මල්ලී පවන්.ඔයාට කොහොමද.මට සමාවෙන්න පැටියෝ මම ඔයාට කලේ කොච්චර නපුරුකමක්ද.ඒත් ඔයා මගේ ජීවිතේ බේරුවා.” 🤗😍

අහිංසා මිස් මගේ වම් අතින් අල්ලගෙන අඬනවා.ඇයි ඒ.මංගැන අනුකම්පා හිතිලද?…🙄

“අඬන්න එපා අහිංසා මිස් මං හින්දා.මම ඔයාලගෙ ගෙදර වැඩකාරයා.ඒකවත් මට කරගන්න බෑ හරියට.” එහෙම කියද්දි මටත් ඇඬුණා.😥

“මට සමාවෙන්න ඔයාලට කරදරවෙන්න…..” “ෂ්..ෂ්..ඇති.”අහිංසා මිස් මගේ කට එයාගෙ අතින් තදකරලා වැහුවෙ එහෙම කියන ගමන්මයි.❤️🤗

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!