මෙහෙම මඟුලක්.. (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අප හමුවූයේ අහම්බෙනි. එසේ මෙසේ අහම්බයකින් නොව පට්ටපල් අහම්බයකිනි. ඔහු මා බලන්නට ආ මනමාලයාගේ හොඳම මිතුරා වූ අතර වැරදීමක් මා බුලත් හෙප්පුව දුන්නේ ඔහුටය.එයින් සිදුවූයේ කතා කල මඟුල කැඩී යද්දි කිසිදා විවාහ නොවෙමියි සිතා සිටි මට නොසිතූ මඟුලකට පැටලෙන්නට සිදූ වීමය.
එය සාමාන්ය සිදුවීමක් ලෙසින් අමතක කර දැමීමට මට හැකි උවත් මේ කොලුවා එසේ පහසුවෙන් එය අතහැර දැමීමට සූදානම් නොවීය. මා කොතෙක් අකමැති උවද ඔහු නැවත නැවත අප්රතිහත ධෛර්යෙයන් යුතුව මගේ ප්රෙමය පතා ආවේය.
ඇත්තටම නම් සිදු වූ ඔහු නොනැවතීම මා හට ලිපි එවීමය. පෑනක් සුදු කොලයක් දැක්ක හැටියේම නින්ද යන තරමටම ලීවීමට අකමැති ඔහු මාස තුනකටත් අඩු කාලයක් තුල එතරම් ලිපි ගනනක් කෙසේ ලීවාදැයි මට තබා ඔහුටවත් සිතා ගන්නට බැරිය. එයට ඔහුගේ කරදරකාරී රැකියාවද එක්වූ විට තත්වය බෙහෙවින්ම බැරූරුම් වන්නට ඇත.
අනෙකාගේ පෞද්ගලිකත්වය බෙහෙවින්ම අගය කල අපේ පවුලේ උදවිය කිසිදාක කිසිවෙකුගේ නමට තැපෑලෙන් එල ලිපියක් කඩා නොබලන නිසා ඒ සෑම ලිපියක්ම නිරුපද්රිතව මා අතට පත්විය.
එසේම එවකට මා විවිධාකර සමිති සමාගම් සංගම් ගනනාවකම සාමාජිකාවක වූ නිසාද තැපැල් මාර්ගික පාඨමාලවක් හදාරමින් සිටි නිසාද නිතර නිතර මා නමට ලිපි ඒම සාමාන්ය දෙයක් නිසා කිසිවෙක් ඒ ගැන හොයා බැළුවේද නැත.
මේ කොළුවාගේ අනවතර ආයාචයන් අවසානයේ සිදුවූයේ මා තුල ඔහු ගැන ඇතිව තිබූ අනුකම්පාව මටත් හොරෙන් ආදරයකට පෙරලීමය. අනුකම්පාවක් ඇති වුයේ මගෙන් කිසිදු ප්රතිචාරයක් නොලබාම දිගින් දිගටම එසේ ලියන්නට ඔහු තුල වූ ඉවසීමටය.
එසේ මෙසේ කෙසේ හො අප ආදරවන්තයින් වීමු. එහෙත් ඔහුගේ වදකාර රැකියාව නිසා අනෙක් ආදරවන්තයන්ට මෙන් අපට ඇදරයෙන් ඇලී ගැලී පැටලී හින්දට අවස්ථාව ලැබුනේ නැත.
ඩිජිටල් සන්වේදන තාක්ෂණය එතරම්ම ව්යාප්තව නොවූ ඒ අවදියේ අපේ ප්රේමය ගලාගිය ප්රධානම සන්නිවේදන මාධ්යය වූයේ ලිපිය.එයත් ලැබුනේ මසකට හතර පහක් වුයේ එවකට යුධ හමුදා නිලධාරියෙකු ලෙස ඔහු උතුරු යුධ පෙරමුනේ සේවය කරමින් සිටි නිසාය.
ඒ අතරේ මහා කලඹගෑණියක් ඇතිවූයේ අපේ ප්රේමය නිවසට හසුවීම නිසාය. වැරදීමකින් මගේ නමට ආ ලිපියක් අම්මා කඩා බැලීම නිසා මේ හුපටය ඇති වූ අතර ඉන් පසු සාම්ප් රධායික මා පියන් සේ ඔවුහු අපේ ප්රේමයට එරෙහි වූවෝය.
එය එසේ වූයේම ඔහු හමුදා නිලධාරියෙකු වූ නිසාය.
සිය එකම දියණිය හමුදා නිලධාරියෙකුට පාවා නොදෙමියි ඔවුහු තරයේ තීරණය කර තිබීම නිසා තත්වය බෙහෙවින් බැරූරුම් විය. එහෙත් ඔහුව අත්හරින්ට මට කිසිම උවමනාවක් නොතිබුන අතර සැබැවින්ම නම් සිදු වූයේ ඒ විරෝධය නිස මට ඔහුව උවමානම බැව් වඩාත් තහවුරු වීමය.
කොහොමටත් මා මුරණ්ඩු හිතුවක්කාර එකිය ක විමි. එහෙත් මේ ගැටළුව කෙසේ විසඳාගත යුතුදැයි මට වැටහුනේ නැත. අවසානයේ අප කතාකාකර ගත්තේ නිවැසියන්ට රහසින් විවාහ වන්නටය.
එහි පුදුමයක් නැතත් පුදුමාකාර දේ වූයේ එවකට මට විවාහය යනු එතරම් බැරෑරුම් සහගත දෙයක් ලෙස හැඟී ගොස් නොතිබුන එකය. මට ඇවැසි වුයේ නිවැසියන් මාව වෙනත් අයෙකු විවාහ කරදීම වලකා ගන්නට විතරය.
මාස ගනනක් තිස්සේ සැලසුම් කිරීමෙන් අනතුරු අප දෙනනා හමුවිය හැකි වූ පලමු අවස්ථාවේම රහසින් විවාහය ලිපාපදිංචි කලෙමු. සත්තකින්ම ඒ විවාහ ලියා පදිංචියට සහභාගී වූයේ අප දෙදෙනාට අමතරව විවාහ රෙජිස්ටාර් වරයාත් සාක්ෂි කරුවන් දෙදෙනාත් විතරය.
ඊටත් වඩා පුදුම සහගත දේ ඔහුව ඇරෙන්නට ඊට සහභාගී වූ අනිත් තිදෙනා මා අදටවත් දන්නේ නැති එකය.
අපේ සාක්ෂි කරුවන් වූයේ ඒ මොහොතේ විවාහ රෙජිස්ට්රාර් කාර්යාල පැමිණ සිටි දෙදෙනෙකි.. කෙල්ලක විඳිහට මා එදා කල දෙය කෙතරම් බරපතලදැයි දැන් මට සිහිවන්නේ මා යොවුන් දියණියකගේ මවක නිසාය.
විවාහ ලියාපදිංචියෙන් අනතුරුව ඔහු රෙජිස්ට් රාර්වරයා විසින් ලබාදුන් විවාහ සහතිකයේ තුන්වන පිටපත් රැගෙන නැවතත් කඳවුරු බලා පිටත් වූ අතර මා ආපසු නිවසට පැමියේ අපගේ විවාහ ලියාපදිංචිය පිලිබඳ කිසිදු නීතිමය ලියවිල්ලක් රහිතව පමණක් නොව අවශ්ය වුව හොත් එවැන්නක් ලබා ගන්නේ කොතනින් කෙසේදැයි යන්නවත නොදැනය.
ඉන්පසු සුපුරුදු පරිදි කාලය ගත වූ අතර මා කිසිවක් නොවූ එකියක සේ නිවසට වී සිටියෙමි. ඊලඟ නිවඩුවේදි ඔහු හදිසියේ අප නිවසට පැමියේය. එදින ඉරිදා දියක් වූ අතර අම්මාත් තාත්තාත් අයියලාත් සියල්ලෝම නිවසේ විය. කුමක් සිදුවේ දැයි සිතා ගන්නට නොහැකිව අන්ද මන්ද වූ මා කාමරයට වී සැඟව සිටියේ ගැහෙන හදවතිනි.
අප නිවැසියන් ඔහුව කෙසේ පිලිගත්තා ද කෙසේ ප්රතිචාර දැක්වූවා දැයි මම නොදන්නේ මා කාමරයට වී සිටියේ කිසිවක් නෑ සෙන්නට දෙකන වසාගෙන නිසාය.
දිගට කතා කරන්න දෙයක් නෑ..කෙලින්ම කියන්නම්..අපි කැමති නෑ අපේ දුවව ඔය ළමයට දෙන්න..
තාත්තාගේ දිග කතාවේ සාරංශය එසේ විය. ඔවුන් කියනා ලෙසට ඔහු මාව අතහැරියත් ඔහුගේ රැකියාව අත් නොහරින බැව් මා දැන සිටියෙමි. මන්ද ඔහු මටත් වඩා එයට බෙහෙවින් ආදරය කලේය.
ඔව් අපි කැමති නෑ..අපේ නංගිව ආර්මි එකේ කෙනෙතුට දෙන්න..
අයියලාත් කියනවා මට යන්තමට ඇසිනි.
කුමකින් තුමක් සිදුවේදැයි කෙතරම් බියෙන් සිටියත් මට උවමනා වූයේ අනිත් කිසිවෙකුගේ නොව ඔහුගේ ප්රතිචාරය දැන ගැනිමටය. ඔහු කිසිසේතම කලබල වන කෝප ගන්නා අයෙක නොවන බැව් මා දැන සිටිය ද මෙවන් අවස්තා වක කෙසේ හැසිරේවි දැයි මට අනුමාන කල හැකි නොවීය.
නෑ කලබල වෙන්න ඕනි නෑ..මං ආවේ ඔයාලගෙ දුවව ගැන කතා කරන්න නෙවී..එයා ගැන මට කතා කරන්න දෙයක් නෑ..
සියළු දෙනාගෙ කතා අවසන්ව යද්දි ඔහු කීවේ පුරුදු සන්සුන් හඬින්මය. මගේ දෙපා වෙව්ලා ගියේය. ඒ කියන්නෙ සියල්ල එතැනින් අවසන් වන බවද එවිට එවිට අර විවාහයට කුමක් සිදුවන්නේ ද මාව වෙව්ලනවා මටම දැනෙන්නට විය.
එහෙනං මෙහෙට ආවේ ඇයි..මට මතක විඳිහට එසේ ඇසුවේ ලොකු අයියාය.
මගෙ වයිෆ්ව එක්කගෙන යන්න.. අර නිරවුල් පැහැදිලි සන්සුන් හඬ නැවතත් ඇසුනේය. මට දැනුනේ එකවරම කාල බෝම්බයක් පුපුරා ගියාක් වැනි හැඟීමකි.
මොකක්.. ඔවුන සියළු දෙනාම කීවේ කවරමද වෙන් වෙන්වදැයි මට මතක නැත.
ඔව් නෙරංජි..මගෙ වයිෆ් මේ… ඔහු දක්වන්ට ඇත්තේ අර විවාහ සහතිකයේ පිටපත වන්නට ඇත. විවාඩි ගනනාවක්ම විසිර පැතිර තිබුනේ නිහඬතාවයයි.
හිමිජ්ජි වාගේ ඉදගෙන මේකි පෙනේද කරලා තියන හපංකම..අපි දැං කොහොම ද රටේ ලෝකේ මිනිස්සුන්ට මූණ දෙන්නෙ.. අම්මා විස්සෝප වුවාය.
ඔහොම හූ කියන්න ගියොත් තමා රටේ ලෝකෙ මිනිස්සුන් මූණ දෙන්න බැරි වෙන්නෙ..අම්මට තාත්තා සහෝදරයටන්ටත් වඩා වටින හින්දනෙ ඔහොම දෙයක් කරගෙන තියෙන්නෙ..
දැන් ඉතිං මොනා කරන්නද..තම තමන්ගෙ කැමැත්ත කියලා ඕනි දෙයක් කරගන්න අරගෙන යන්න දෙන්න වෙන්නෙ.. අවසානයේ තාත්තා කීවේය.
ඒත් මෙහෙම හදිසියෙන්… රට්ටු මොනා නොකියයිද..?
දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. කෙල්ලව නිකම්ම ගෙයින් එලියට බස්සන්න බෑනේ…ඔය ලමයා දෙමාපියො එක්ක තතා බහා කරලා වෙඩින් එකට දිනයක් දා ගන්න.. අවසානයේ තාත්තා කිවේය.
ස්ථානෝචිත මෙව්වා එකෙන් ප්රශ්න විසදන්නේ ඔන්න ඔහොමය. එවකට රුපියල් එකසිය හත ලිස් හතක් වූ විවාහ ලියාපදිංචි ගාස්තුවෙන් කෙලවර කරන්නට තිබූ විවාහකට ඔවුන් පසුව රුපියල් ලක්ෂ ගනනක් වියදම් කරගත්තේ අපරාදේය.
උපුටා ගැනීම: Priyanga Gunathilaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!