මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ විශ්මිත නිර්මාණ 10 ක් (ලෝක ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ආශ්‍රිතව ගොඩනැගුණු ශිෂ්ටාචාරය මෙසපොතේමියානු ශිශ්ටාචාරයයි. ලොව පැරණි පැරණිතම ශිෂ්ටාචාරය ලෙස සැලකෙන්නේද මෙසපොතේමියානු  ශිශ්ටාචාරය යි.  ලෝකයේ පෙරළිකාර වෙනසක් ඇති කිරීමට සමත් වූ මෙම ශිෂ්ටාචාරය වසර සිය ගණනක් පැරණියි. මෙහි ජීවත් වූ මුල්ම වැසියන් හැඳින්වූයේ “සුමේරියන්වරුන්” ලෙසයි. මොවුන්ගේ ප්‍රධාන වගාව වූයේ තිරිඟු බෝග වගාවයි.

මෙසපොතේමියානු ශිෂ්ටාචාරය තුළ නව නිර්මාණ ගනණාවක් මෙලොවට දායාද වුණා. ඒ නිර්මාණ අතරින් කිහිපයක් හා ඔවුන්ගේ සංස්කෘතිය පැවති ආකාරය ඔබ වෙත මෙලෙස ගෙන එනවා.

1. වාරිමාර්ග ක්‍රමය හඳුන්වා දීම.

මෙසපොතේමියන්ගේ වාරිමාර්ග ක්‍රම

අතීතයේ මෙසපොතේමියානු  ශිෂ්ටාචාර ප්‍රදේශවල වර්ෂාවේ හිඟයක් පැවතිණි. නිසි කලට වර්ෂාව නොලැබුන නිසා ඔවුන්ගේ අස්වනු විනාශ වීමට පටන් ගත්තා.  අස්වනු විනාශ විමට පිලියමක් වශයෙන් මෙසපොතේමියානු වැසියන් වර්ෂා කාලය එළඹෙන විට ගංගාවන් සහ ඇළ දොළවල් හරස් කරමින් ජලය එක් රැස් කර ගැනීමට කටයුතු කළා. ඔවුන් ඇල මාර්ග, වේල්ලවල්, කාණු පද්ධති ඉදිකරනු ලැබුවා. වේලි සකස් කර ගනු ලැබුවේ ලෝහ හා දැව උපයෝගී කරගෙනයි. වර්ෂාව එළඹි විට ඒවාට ජලය එකතු කර ගත්තා. එකතු කර කර ගන්නා ජලය, වර්ෂාව හිඟ කාලයේ දී අස්වනු සඳහා භාවිත කිරීමටත් ගොවීන් සඳහා ලබාදීමටත් ඔවුන් කටයුතු කළා. මේ හේතුවෙන් කිසිදු බාධාවකින් තොරව වර්ෂාව හිඟ කාලයේ දී පවා ගොවිතැන් කටයුතු කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණා.

2. රුවල් බෝට්ටු නිපදවීම.

මෙසපොතේමියන් භාවිතා රැවල් ඔරුවක්

යුප්‍රටීස් සහ ටයිග්‍රීස්  ගංගාවන් දෙක මැද බිහිවූ  මෙසපොතේමියානු ශිශ්ටාචාරය තුළ එහි වැසියන්ට ප්‍රදේශ හරහා ගොඩබිමින් ගමන් කරනවාට වඩා පහසුවෙන් වේගයෙන් ඉක්මනින් ගංගා හරහා ගමන් කිරීම පහසු වුණා.  එහෙත් ඒ වෙනුවෙන් ඔවුන්ට නිශ්චිත ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කලේ අක්‍රමවත් ලෙස සකස් කරන පහුරු භාවිත කරමින් ගමන් කිරීමට මෙසපොතේමියානුවන් කටයුතු කිරිමයි. නමුත් එය ප්‍රායෝගික වුණේ නැහැ. ඊට හේතුව වැඩි බරක් යොදවාගෙන එමගින් ගමන් කළ නොහැකි වීමයි. එමෙන්ම ගංගාවේ සැඩ පහර නිසා අනතුරුදායක වන්නට ඉඩ ඇති බව ඔවුන් කල්පනා කළා. ඒ  වෙනුවෙන් උපක්‍රමයක් කල්පනා කළ ඔවුන් නිර්මාණශීලී ලෙස ද රුවලක් සහිත බෝට්ටුවක් රුවල් බෝට්ටුවක් නිපදවනු ලැබුවා  එම රුවල් බෝට්ටු අදටත් භාවිතයට ගැනෙනවා.

3. රෝදය නිර්මාණය කිරීම

මෙසපොතේමියන් භාවිතා කල ලී රෝදයක්

වත්මන් ලෝකයේ ප්‍රවාහනය ඉතාම දියුණු  මට්ටමක පවතිනවා.  ඒත් අතීත ලෝකයේ  ප්‍රවාහනය පහසු වුණේ නැහැ. මෙසපොතේමියානු  ජනතාව සුමේරියන් යුගයේදී රෝදය නිර්මාණය කිරීමත් සමඟ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල  පෙරළියක් ඇතිවුණා.  ප්‍රවාහනය සඳහා සතුන් යොදා ගැනීම වෙනුවෙන් එළුවන්, හරකුන්, ඔටුවන්  වැනි සතුන් යොදාගෙන සත්ව පාලන ක්‍රමයත් මොවුන් සිදුකළා.මුල් කාලයේ රෝද බරින් වැඩි වුණු නිසා, ඒවා ඇදගෙන යාමට හරකුන්, බූරුවන් ඔවුන් භාවිත කලා. ඉන්පසු ඔවුන් කල්පනා කළේ රෝද වල බර අඩු කර වැඩි යමක් ප්‍රවාහනය කිරීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලී සිදුරු ක‍ර සැහැල්ලු රෝද නිෂ්පාදනය කෙරුණා.

4. නඟුල හා අනෙකුත් මෙවලම්  නිර්මාණය කිරීම

නගුගක්

මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තයයි. ඔවුන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා විවිධ මෙවලම් නිර්මාණය කළා. එය නිර්මාණ අතර නගුල බිම සකස් කිරීම සඳහා මේ නිර්මාණය කළ තවත් එක් මෙවලමක්. මීටම අමතරව කෘෂිකර්මාන්තය සඳහා ඔවුන්  පොරව හා උදැල්ල නිර්මාණය කළා . මේවා නිර්මාණයය කරලා තියෙන්නේ ලෝහ වර්ග යොදාගෙනයි.

නගුල මුල් කාලයේ ඉතා බරින් වැඩිය. පසුව එය ක්‍රම ක්‍රමයෙන් කුඩා වුණා. එදා සිට අද වන තුරුම කෘෂිකර්මාන්තයට නැතිවම බැරි මෙවලමක් ලෙස නගුල හඳුන්වන්න පුළුවන්.  අදටත් බොහෝ ප්‍රයෝජන ගෙන දෙන කෘෂිකාර්මික උපකරණයක් ලෙස නඟුල භාවිත කරනවා.

5. ලේඛනය හා භාෂාව ආරම්භ කිරීම.

මෙසපොතේමිවන්ගේ අක්ෂර

ලේඛනය හා භාෂාව ආරම්භ වුණේ මෙසපොතේමියානු ශිශ්ටාචාරය හරහායි. මෙසපොතේමියානු ශිශ්ටාචාරය ජීවත් වුණු වැසියන් ඔවුන්ටම ආවේණික වූ අක්ෂර පද්ධතියක් හරහා ලේඛන නිර්මාණය කර ඇති බව කැණීම් වලින් සොයා ගන්නා ලද මැටි පුවරුවලින් සනාථ වෙනවා. මොවුන් භාවිත කර ඇත්තේ සංකේත අක්ෂරයි. ඒවා “කූන්‍ය” ලෙස හඳුන්වනවා.දේපළ පිළිබඳ තොරතුරු, වෙළඳ වාර්තා පවා ඔවුන් සටහන් කොට තිබුණේ මැටි පුවරුවලයි.  මැටි පුවරු වල ලිවීම සඳහා ඔවුන් විවිධ වර්ගයේ සංකේත 700ක් පමණ භාවිත කර ඇති බව කැණීම්වලින් හෙළිවිනි. ලොව පැරණිතම කෘතිය ලියැවී ඇත්තේ මෙම යුගයේදීය. ගිග මේෂ් නැමැත්තා විසින් ලියන ලද විර කතාව එයයි. ඒ වගේම තමයි පැරණිතම නනීති පොත ලියවෙන්නෙත් මෙම යුගයෙදීය.

6. සිතියම් විද්‍යාව හඳුන්වාදීම.

මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ සිතියමක්

ලෝකයේ පැරණිතම සිතියම් ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු පූර්ව 600 දි සොයා ගන්නා ලද මැටි පුවරුවක් මත අදින ලද බැබිලෝනියානු ලෝක සිතියමයි. එහි කටු නදිය නම් වූ සාගරයෙන් වටවුණු පැතලි තැටියක් සේ පෘථිවිය දක්වා තිබෙනවා.

යුප්‍රටීස් ගඟ ලෝකයේ මැද පිහිටා ඇති සෘජුකෝණාස්‍රාකාර‍යක් ලෙස දා අනෙකුත් රාජ්‍යයන් කුඩා වෘත්ත මඟින් ද පෙන්නුම් කර තිබෙනවා. සාගරයට එපිටින් සතුන් වාසය කරන හඳුනා නොගත් දූපත් ඇති බවද එහි සඳහන් කර තිබෙනවා.

7. අංක ක්‍රමය හඳුන්වා දීම.

මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ අංක

මෙම ශිෂ්ටාචාරයට පෙරදී ජීවත් වූ වැසියන්ට නිශ්චිත අංක පද්ධතියක් තිබුණේ නැහැ. එහෙත් මෙසපොතේමියානු යුගයේ වෙළෙඳපොළ ආර්ථිකය පැවති නිසා ඔවුන්ට අංක අවශ්‍ය වුණා. ඉලක්කම් ලිවීම සඳහා අංක දෙකක් පමණක් ඔවුන් භාවිත කර තිබෙනවා.

8. වෙළදාම සහ කාසි භාවිතය ආරම්භය කිරීම.

භාවිතා කළ මැටි කාසි

මෙම ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමඟ නගර අභ්‍යන්තරයෙහිත් ගංගා හරහාත්  වෙළඳාම ඇරඹ්ණි. භාණ්ඩ හුවමාරුව සිදු විය. ඇඳුම් පැළදුම් හා ආහාර පාන අලෙවිය වෙළදාම් තුළ සිදුවිය. ගනුදෙනුවල දී මුදල් ඒකකයක් ලෙසින් මැටි බෝල භාවිත කර තිබෙනවා. පසුව මැටි බෝල වෙනුවට මුද්‍රා භාවිත කර තිබෙනවා.

ක්‍රිස්තු පූර්ව 2500 වන විට භාණ්ඩයක වටිනාකම තීරණය කිරීම සඳහා රිදී භාවිත කළා.  ඉන්පසුව ලෝහයෙන් සකස් කරන ලද  මැද සිදුරක් ඇති කාසි වර්ගයක් භාවිතයට පැමිණියා. රන්,  තඹ, ලෝහ, රිදී යොදා සකස් කරන ලද කාසි නොයෙක් ප්‍රදේශවලින් සොයාගත් බවට මැටි පුවරු වල සඳහන් වෙලා තිබෙනවා.

9. දෙවියන් ඇදහීම සිදු කිරීම

දෙවියන් ඇදහීම

අද කාලේ වගේම ඒ කාලෙත් දෙවියන් ඇදහීම සිදුවෙලා තිබෙනවා.  මෙසපොතේමියානු ශිෂ්ටාචාරය තුළ අධිපති දෙවි කෙනෙක් සිට තිබෙනවා. එනම් “අනු දෙවියා” ලෙස සසලකුණු සලකනු ලැබූ දෙවි කෙනෙකි. දේව මං මණ්ඩලයේ ප්‍රධාන දෙවියා ලෙස සලකා ඇත්තේ මෙම දෙවියන්වයි. පොලවට අධිපති දෙවියා ලෙස ‘එන්කකි” නම් වූ දෙවියන් හඳුන්වා තියෙනවා. ගොවිතැනට අධිපති දෙවියා ලෙස “එන් ලිලි” නම්  වූ දෙවියන් හඳුන්වා තිබෙනවා.

10. පූජකයන් බලවත් කොට සැලකීම.

පූජකයන්

මෙම ශිෂ්ඨාචාරය තුල පූජකයන්ට ඉතාමත් සැලකීම සිදු වෙලා තියෙනවා. ඔවුන්ව විටෙක වෛද්‍යවරුන් ලෙසත් සලකා තිබෙනවා. ඔවුන් සිට ඇත්තේ හිස මුඩු කර ගෙන බැටළු හම් සහිත වස්ත්‍ර ඇඳගෙනයි.ලෝකයේ පෙරලියක් සිදුකල ශිෂ්ටාචාරයක් ලෙස මෙසපොතේමියානු ශිශ්ටාචාරය හඳුන්වන්න පුළුවන්. මෙවන් නිර්මාණ බොහොමයක් මෙම ශිෂ්ටාචාරය හරහා ලෝකයට දායාද විය. සංස්කෘතිමය වශයෙනුත් තාක්ෂණික වශයෙනුත්  ලෝකය දිනෙන් දින දියුණු වීමට පටන් ගත්තේ මෙම මෙසපොතේමියානුවන් හරහායි.

 

උපුටා ගැනීම: Fox Media

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!