ඇමෙරිකානු කළු ජාතික මයිකල් ජැක්සන් ( Michael Jackson 1958 – 2009 ) ලෝප්රකට පොප් ගායකයෙකි,
නර්තන ශිල්පියෙකි, ගීත රචකයෙකි එසේම නළුවෙකි. නැසීගිය ඇමරිකානු ජාතික සුපිරි රොක් ගායක එල්විස් ප්රෙස්ලිගේ ( Elves Presley 1935 – 1977 ) මරණයෙන් ඉක්බිතිව මේ වන තෙක්ම ලෝකයේ “පොප් රජු” ( King of Pop ) ලෙස කිරුළ දරාගෙන සිටින ජැක්සන් වූ කලී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෙවීගිය විසිවැනි සියවසේ දිවිගෙවූ තමාටම ආවේනික වූ සුවිශේෂී ගායන ගෛලයක් හා ඊට නොදෙවැනි වූ නර්ථන විලාශයකින් ලොව කැළඹූ විශිෂ්ටගණයේ පොප් ගායකයෙකි. කුඩා සංදිධියේ පටන් තම පවුලේ සහෝදරයන් සතර දෙනා සමගින් Jackson Five යන නමින් සංගීත කණ්ඩායමක් සාදාගෙන තම පියාගේ මූලිකත්වයෙන් දැඩි විනයක් සහිතව ප්රසිද්ධ වේදිකාවට පැමිණි ඔහු එම සංගීත කණ්ඩායමේ වූ ප්රධාන ගායකයාද වූයේය.
1985 – 1995 වූ කලී ජැක්සන්ගේ පෞද්ගලික ජීවිතයේ හා වෘත්තීමය ජීවිතයේ ස්වර්ණමය කාලපරිච්ඡේදය විය.මෙහිලා වෘත්තීමය ජීවිතය පැත්තෙන් ගෙන බැලුවහොත්, “ගායන සුපිරි තරුවක්” වශයෙන් ඔහු ජනප්රියත්වයේ මුදුන් පෙත්තටම නැග්ගේ මෙම කාලපරිච්ඡේදය තුළදී ය. ඔහුගේ ගීත ඇල්බම් හා විඩියෝ ඇල්බම් ලොව වටා මිලියන ගණනින් නව අලෙවි වාර්තා තබමින් අලෙවි විය. ඔහුගේ ගීත ලොව ඉහළතම ගීත දර්ශකවල මාස ගණන් ඉහළම අංකවල රැදුණි. ඔහුගේ සංගීත සංදර්ශන සංවිධානය වූයේ අවුරුදු දෙකකට හෝ තුනකට කලින් ය.ඔහුගේ සංගීත සංදර්ශනවල ප්රවේශ පත්ර උණු කැවුම් මෙන් විකිණී අවසන් වූයේ සංගීත සංදර්ශන පැවැත්වීමට මාස ගණනාවකට පෙරය. ඔහුගේ සජීවී සංගීත සංදර්ශනයක් නැරඹීමට ලැබීම තම ජීවිතයට එක්වරක් ලැබෙන මහත් භාග්යයක් මෙන් බොහෝ දෙනෙකු සැලකූහ. ඔහු සජීවීව වේදිකාවට පිවිසෙත්ම එහි වූ ප්රේක්ෂකයන් බොහෝ දෙනෙකු සිහිසුන්ව ඇද වැටුණි.ඒ අතර තරුණියන් ප්රධාන ය. කෙටියෙන් කිවහොත් “මයිකල් ජැක්සන් උන්මාදය” ලොව අස්සක් – මුල්ලක් නෑර පැතිර ගියේය. මෙය කොතරම්දැයි කිවහොත් ඔහුගේ රුව රැගත් ටී -ෂර්ට්, ඔහුගේ ජායාරූප ලොව වටා මිලියන ගණනින් විකිණි ගියේය.ලොව තරුණයෝ ඔහුගේ කොණ්ඩා විලාසිතාවට මෙන්ම ඔහුගේ කලිසම් විලාසිතාවට බෙහෙවින් ප්රිය කළහ. ඇතැම් විට ඔහුගේ රුවට සමාන වෙනත් අයෙකු ලොව කොතැනක හෝ සිටිත්ද ,ඔහු අනිවාර්යෙන්ම එම සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත්විය.
ජැක්සන් වසර ගණනාවක්ම අන්තර්ජාතික සම්මාන පිට සම්මාන ( World Grahame’s Award ) ලැබුවේය. ඔහු රූපවාහිනී වැඩසටහනක් වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් අය කළේය. ඔහු ලෝප්රකට Papcicola බීම සමාගමේ “සන්නහම තානාපතිවරයකු” ( Brand Ambassador ) වශයෙන්ද ක්රියා කළේය.මෙම තනතුර, එහි වෙළද ප්රවර්ධන කටයුතු හා වෙළද දැන්වීම් සදහා ඔහු අයකරන ලද මුදල ඩොලර් මිලියන ගණනාවකි. එවන් වූ විශාල මුදලක් ලොව වෙනත් කලාකරුවෙකුට සිතීමටවත් නොහැකි තරම්ය.ලොව කිනම් හෝ රටකට ඔහු පෞද්ගලික හෝ වෘත්තීමය කටයුත්තක් සදහා පිටත්ව යන්නේද … එම රටේ ගුවන් තොටුපලේ ඔහු වෙනුවෙන් විශේෂ පරියන්තයක් වෙන් කෙරුණු අතර ඔහු පිළිගැනීමට පැමිණීයේ එරට ආගමැති හෝ මුල්පෙලේ මැති – ඇමතිවරුන් ය.ඔහු ලොව කොතැනකට යන්නේද එතැන දහස් ගණනින් ඔහුව සියැසින් බලාගනු පිණිසත් ඔහුගේ ඡායාරූපයක් ගැනීම පිණිසත් ඔහුගේ ශරීරය ස්පර්ෂ කිරීම පිණිසත් එසේම ඔහුගෙන් අත්සන සමරු සටහනක් වශයෙන් ලබා ගැනීම පිණිසත් ඔහුගේ ප්රේක්ෂයෝ දහස් ගණනින් පොද – බැද ගනිමින් එක්රොක් වූහ.
ජැක්සන් පෞද්ගලික ජීවිතය හා වෘත්තීය ජීවිතය හා බැදුණු ඉතා සුවිශේෂී වූ චර්යාමය පද්ධතියක් තිබූ බව කියැවේ. ඔහු තමාටම ආවේනික වූ විශේෂ විලාසිතා කරන ලද අතරම එම විලාසිතා වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් අතදිගහැර වියපැහැදම් කළේය.ඔහුගේ බොහෝ ප්රසාංගික විලාසිතා ලොව මිල අධික සුදු රත්තරං ( White Gold ), රත්තරං ( Gold ), දියමන්ති ( Diamond ) හා මුතු ( Pearl ) යනාදිය යොදාගනිමින් නිර්මාණය විය.ඔහු ප්රසාංගික වේදිකාව වෙනුවෙන් භාවිතා කරන ලද තම දකුණු අත්වැස්ම තනි මුතු යොදා ගනිමින් නිර්මාණය කරන ලදි. ඔහුට ඇදුම් නිර්මාණය ශිල්පීන් හා වේශ නිරූපණ ශිල්පීන් බොහෝ සංඛ්යාවක් වූහ. එසේම ඔහු තම සංගීත ප්රසංග වේදිකාවේදී තම පෞරුෂය හා ආකර්ෂණය පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කළ බව සදහන් ය.
ජැක්සන් සතු විශාල ගෙවතු සහිත සුවිසල් මන්දිර කීපයක්ම ඇමරිකාවේ ප්රකට ප්රාන්ත කීපයකම තිබුණි. ඒ සෑම සුවිසල් මන්දිරයකම. වූ පොදු ලක්ෂණයක් වේ නම්, ඉතා අලංකාර ගෙවතක්හා දැවැන්ත වේදිකාවක් සහිත ගෘහස්ථ රංගශාලාවක් පිහිටා තිබීමයි.
එපමණක්ද නොව ජැක්සන් තම වෘත්තීය හා එහි ගරුත්වය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළ පුද්ගලයෙක් විය. ඔහු තමා ගායනා කරන කිනම් හෝ ගීතයක් හා ඊට ආදාල කිනම් හෝ නර්ථනයක් වේද, ඒ වෙනුවෙන් ඔහු පෙර පුහුණුවීම වාර 100 150 අතර සංඛ්යාවක් කළ බව කියැවේ.
ඔහු තම සංගීත ප්රසංග වේදිකාව සදහා භාවිතා කරන ලද්දේ ලෝව ඉහළම හා අති නවීන තාක්ෂණය යි. ඔහුගේ සංගීත කණ්ඩායම ඇතුළු සෙසු ප්රසංග සංවිධාන කණ්ඩායමේ සාමාජිකයන්ගේ ගණන 500 – 750 අතර සංඛ්යාවකි. ඒ අතර තාක්ෂණික ඉන්ජිනේරුවරුන්, වේදිකා නිර්මාණකරුවන්, තාක්ෂණික ශිල්පීන්, නර්ථන ශිල්පීන් හා පෞද්ගලික ආරක්ෂකයන් ප්රධාන ය ඔහු තම ගුවන් ගමන් – බිමන් සදහා විශේෂ වූ පෞද්ගලික ගුවන් යානාවක් භාවිතා කළ අතර තම ශිල්පීන් වෙනුවෙන්ද තමාගේම පෞද්ගලික තවත් ගුවන් යානාවක් යොදාගත් බව කියැවේ.
ඔහු සතු වූ බොහෝ විනෝදාංශය අතර ප්රධාන විනෝදාංශය වූයේ … ලොව ඉපැරණි කෞතුක භාණ්ඩ ( Antiques ) එකතු කිරීමයි. ඔහුගේ එම කෞතුක භාණ්ඩ අතර පුරාණ ඊජිප්තු මමීද තිබුණු බව කියැවේ. ඒ වෙනුවෙන් ඔහු ඩොලර් මිලියන ගණනින් අතදිගහැර වියපැහැදම් කළේය.එසේම ඔහු සතා – සිව්පාවන්ට අපමණ ආදරයක් දැක්වීය. තමා කැමති සතුන් මිලදී ගැනීම පිණිස ද ඔහු ඩොලර් මිලියන ගණනින් අතදිගහැර වියපැහැදම් කළේය.ඔහුගේ අති – සුඛෝපභෝගී ප්රධාන මන්දිරය වූ Neverland හි වෙනම සත්තුවත්තක් තිබුණු බව කියැවේ.
තවද ජැක්සන් ගහ – කොළ සහිත හරිත වර්ණයෙන් යුත් පරිසරයට මහත් සේ ප්රිය කළ පුද්ගලෙක් විය . ඒ බව ඔහු තම ගීත නිර්මාණ වලින් ද ප්රකට කළේය. ඔහුගේ අමරණීය ගීතයක් වූ Heal the World මෙයට කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැක.
ජැක්සන්ගේ සමාජය සත්කාර වැඩසටහන් ලොව පුරාම ක්රියාත්මක විය.විශේෂයෙන් අප්රිකා මහද්වීපයේ වෙසෙන අන්ත දිළිඳු දරුවන්ගේ කුසගින්න හා සෞඛ්ය කෙරෙහි ඔහුගේ විශේෂ අවධානය යොමු විය.එබැවින් ඔහු “යුනිසෙෆ්” ( UNICEF ) ලෝක සංවිධානය සමග එක්වී එහි ප්රවර්ධන කටයුතුවලට තම උපරිම දායකත්වය ලබා දුන්නේය.එපමණක්ද නොව ඒ වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් අතදිග හැර විපැහැදම් කළේය.
ජැක්සන් ලෝකයේ හිටපු සුපිරිතම සුපිරි
තරුවක් වුවද ඔහුගේ ජීවිතය මහත් චිත්ත පීඩාවන්ගෙන් හා අනවශ්ය ප්රශ්නවලින් ගහණ විය. ඒවා අතර තම සංගීත ප්රසංගයක් අතරතුරදී විදුලි කාන්දුවීමක් නිසා ඔහුගේ කොණ්ඩය ගින්දරට හසුවීම, අසාර්ථක විවාහ දෙකකින් දික්කසාද වීම ( මෙහිලා මහත් ආන්දෝලනයකට තුඩුදුන් Lisa Marie Presley ගෙන් දික්කසාද වීම. ) හා ළමා අපචාර චෝදනා එල්ල වීම යනාදිය සදහන් කළ හැකිය.
තිදරු පියෙක් වූ ජැක්සන් තම දරුවන්ට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පියෙක් වූ බව කියැවේ. Paris Jackson, Gury Indiana United Jackson ll , Michael Joseph Jackson යන නම් වලින් හැදින් වූ ඔවුන් තම පියාගේ අකල් මරණය තෙක්ම පිය සෙනෙහස නොඅඩුව ලැබූ දරුවෝ වූහ.
ලෝක සංගීත ඉතිහාසයේ ප්රසාංගික වේදිකාව තම අද්විතීය ගායනයෙන් හා ඊට නොදෙවැනි නර්ථනයෙන් උඩු -යටිකුරු කළ මෙම විශිෂ්ටගණයේ සුපිරි තරුව ( The World Greatest Entertainer ) 2009 ජූනි මස 25 වැනි දින තම නිවසේ දී නර්ථන පෙර පුහුණුවකදී හටගන්නා ලද හෘදයාබාධයක් හේතු කොටගෙන තම ජීවිත නර්ථනයෙන් සමුගෙන ගියේ …. ලෝසුවහසක් ජනයා මහත් කම්පාවට පත් කරවමිනි.
මයිකල් ජැක්සන්ගේ ගීත ඇල්බම් පිළිවෙලින් මෙසේය.
Off the Wall – 1978 , Thriller – 1982 , Bad
– 1987, Dangerous – 1991 , History – 1995, Invisible – 2001 , Xscape – 2014
උපුටා ගැනීම: Ridma Lasanthika