දහම් පාසල් යන කාලේ ‘ගගේ බොඩියක් පාවුන’ අති බිහිසුනු කතන්දරේ කලින් කිව්වනේ. මේකත් දහම් පාසල් කතාවක්. හැබැයි ගොඩක් හිච්චි කාලෙ වුන දෙයක්.
එදා ඉරිදා දවසක් විය යුතුයි මගේ මතකේ හැටියට.ඔව්නේ දහම් පාසල් තිබේ ඉරිදනේ. අපේ දහම් පාසලේ සිරිතක් තිබුනා හැමදාම උදේ ගාථා කියලා ඉවර වුනාම උදේ රැස්වීමෙදි සිංහල කතාවක්,ඉංග්රීසී කතාවක් ලමයින් ලව්වා කියවන එක.පොඩි පන්ති වලට එච්චර හපන්කමක් කරන්න ඕන වුනේ නෑ උන් කලේ සිංදුවක් කියපු එක.ඉතින් එදා උදෑසන රැස්වීම යෙදිලා තිබුනේ තුන බී පංතියෙ පුංචි අපිට. කලින්දා සතියක සිංහල සිංදුව හා ඉංග්රීසි සිංදුව පුරුදු වෙලා එන්න කියලා ලමයි දෙන්නනෙක්ට භාර දීලා. අදාල සතියේ උදේ වෙනකන්ම ඒ දෙන්නගේ නම් අතර මගේ නම තිබුනේ නැහැ.
මං මොනතරම් පිංවන්ත දරුවෙක්ද කියනවනම් සිංහල සිංදුව කියන්න භාර දීපු එකා එදා දහම් පාසල් ආවේ නෑ. කණයා නැති මොක්ද්ද එකට ලූලා පඩියා වෙනවලුනේ. මං දන්නවා මේ අවස්ථාව මගේ කියලා.අහස කඩන් වැටුනා වගේ පංතිය දුවගෙන ආපු ටීචර් අපෙන් මෙහෙම ඇහුවා.
‘ හරි වැඩේනේ ලමයි. ශෙහාන් අද ඇවිල්ලා නෑනේ. කාටද පුලුවන් ලස්සනට සිංදු කියන්න ? ‘
ඒ ආර් රහමන්ගේ පුතා වගේ මම ටීචර් ලගට ගියා.
” ටීචර් “
” ටීචර් “
” ඉන්න ලමයො මෙතන වැඩක්නේ “
” නෑ… මේ ටීචර් “
” ඇයි? “
” මට පුලුවන් සිංදුව කියන්න “
ටීචර් තප්පර කිහිපයකට ගොලු වෙලා මගේ දිහා බලන් හිටියා. මොකද්දො ගුප්ත බියක් ඒ ඇස් වල රැදිලා තිබුනා මට පෙනුනා. මමත් ටීචර් දිහා එක එල්ලේ බලන් හිටියා. ටීචර්ගේ ඇස් දිලිසෙනවා. ඒ ඇස් වලින් මට මාවම පේනවා තප්පර කිහිපයකට අපි අපේම ලෝකෙක තනි වු…( සොරි මේ වෙන කතාවක කෑල්ල. වැරදිලා ලියවිලා. ආයේ කතාවට එමු)
ටීචර් මං දිහා බීරාන්තව බලන් හිටියා.
” හැබෑට , තව කාටද පුලුවන් “
ටීචර් ආයේ අනෙක් උන් දිහා හැරිලා ඇහුවා. එකෙක්වත් අත ඉස්සුවේ නෑ. ඒකට හේතුව කලින්ම මං උන්ට තරජනය කරපු එක කියලා ටීචර් අදටත් දන්නෙ නෑ.
” හ්ම්ම්… ඒනම් ඔය ලමයා කියන්න. මොකද්ද කියන සිංදුව “
” රෝස මලේ “
” පිස්සුද ලමයො. ඔය ලමයා මොන්ටිසෝරියෑ. ලස්සන සිංදුවක් කියන්න. දන්නවද ‘ මිදුලේ වැලි…”
“අහා ඔව් ටිචර් “
මට නිතරම අහන්න ලැබුන ලස්සන සිංදුව මතක් කලේ ටීචර්.
“වචන මතකද “
” ඕ ඕ ටීචර් මතකයි.”
ඔන්න ඔය විදියට උදේ රැස්වීමේ වැඩ පෙන්නන අවස්ථාවක් මං ලබා ගත්තා. ඒ වෙලේ ඉදන් මට දැනුනේ මුලු පන්තියෙම ගෞරවය සහ නම්බුව මගේ කර පිටට වැටුනා වගේ. මම ලොකු අභිමානයකින් වගේම පීඩනයකින් හිටියේ. මොකද පන්සලේ ලවුඩ්ස්පීකර් ගමට ඇහෙන්න දාන බව මම දන්නවා. දහම් පාසල් ඉවර වෙලා යද්දි මිනිස්සු මං ගැන කතා වෙන හැටි මට මැවිලා පේනවා. පුංචි සෙහාන් මිහිරංග කියලා මට නමකුත් දායි.
ඔන්න වෙලාව ආවා. නිවේදනය කරපු අයියා විසින් මගේ නම මුලු ගමටම ඇහෙන්න කිව්වා. සනුහරේ අභිමානයත් අරගෙන මම වේදිකාවට ගොඩ වුනා. පෙරකී අයියා විසින් එයාගෙ විශ්ව දණ්ඩ මගේ අතට දුන්නා( මයික් එක හොදේ) මාව වයිබ්රේට් වෙන්නේ ඇයි කියලා මට තේරුනේම නෑ. සමහර විට මයික් එකේ කරන්ට් එක ඇති.
” සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණීයේ සිංදුවක් කීමටයි “
හුටා… මොකද්ද මං කියන්න ආපු සිංදුව. කොච්චර පුරුදු වුනත් මෙතනට ආවම සේරම අමතකයි. ඇස් ගෙඩි දෙතුන් සීයක් මං දිහා බලන් ඉන්නවා. වයිබ්රේට් එකත් වැඩි වෙනවා.
ටිචර්ට වැඩේ තේරුනා. හීන් සැරේ පැත්තක ඉදන් එයා සිංව මතක් කලා.
” මිදුලේ වැලි… මිදුලේ වැලි… “
හරිනේ දැන් මතක් වුනා. නිතරම අහන සිංදුව මට කෝම අමතක වුනාද මංදා.සිංදුවෙ ටෙම්පො එකට අදාල වැනිල්ලත් මගේ ඇගට ආරූඩ වුනේ ඉබේම වගේ.මං ඇස් දෙක පියාගෙන සිංදුව පටන් ගත්තා.
“මිදුලේ සුදු වැලි තලයේ
මිරිවැඩි සගලක සලකුණු
දැක මා හද වත සසැලේ කවුරුද ආවේ…
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ…”
දෙවෙනි පාරටත් ‘ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ ‘ කියද්දි මයික් එකේ හඩ කෙමෙන් අඩු වෙන බව මට තේරුනා. මම ඇස් ඇරලා බැලුවා.
මල් වගේයැයි කියපු දහම් පාසල් සිසු කැල සීසීකඩ විසිරී සිනාසෙයි. ලොකු හාමුදුරුවෝ උන්තැන ගල් ගැසී බලා ඉදී. මම හෙමින් අපේ ටීචර් දිහා හැරිලා බැලුවා. සුදුවට හිටපු එයා රතුම රතු පාට වෙලා. ඇලජික් එකක්වත්ද?
විශ්ව දණ්ඩ නැවත සිය භාරයටගත් නිවේදක අයියා සභාව ඉවර කලා. සභා තෙමෝ සතුටින් විසිර ගියා.
සියල්ල අවසානයේ මවෙත පැමිණි ටීචර්…
” ඇයි පුතේ මට ඒම කලේ?”
” ඉතින් ඔයානේ මට කිව්වේ මිදුලේ වැලි මාලි… හුටා… මං ඒක නෙවෙද කිව්වේ ?? “
උපුටා ගැනීම: කලියුග කුමරු