දිනය : 1986 සැප්තැම්බර් 05 වෙනිදා..
නිර්ජා වෙනදානෙන්ම ඇගේ කෙටි වූ කොන්ඩයද සකසමින් කාටත් කළින් සේවස්තානයට පැමිණියා. අංක 73 (Pan AmFlight73) ගුවන් යානය පකිස්ථානයේ කරච්චි නුවර අන්තර්ජාතික ගුවන්තොටුපොළින් පිටත් විමට නියමිත වූඅතර සුරූපී නිර්ජා එහි ප්රධාන ගුවන්සේවිකාව වූවා.
ගුවන් යානයේ මගීන් 361 සහ කාර්ය මණ්ඩලයේ 19 ක්.
සුරූපී නිර්ජාගේ 23 වන උපන්දිනයට තව දවස් 02යි. ඇය සිටියේ සතුටින්.. ඇය මහත් උද්යෝගයකින් ගුවන් යානයේ මගීන්ට අසුන් පණවමිනුයි සිටියේ..
ඒ ඇසිල්ලේම ඇය ගුවන් යානයේ වාකවුලු අතරින් කළබලෙන් මෙන් දිව එන මිනුසුන් පිරිසක් දකිනවා… ඒ වගේම ඔවුන් අත අවිආයුදද තිබෙන බව ඈ හොදින් වටහා ගන්නවා.
දෙවියනේ… ත්රස්තවාදීන් 4දෙනෙක්.. ඉක්මන් වූ නිර්ජා ඒ ශණිකයින් රහස් කේත ඔස්සේ නියමුවන්ට ඒ බව දන්වනවා… එකෙනෙහිම ගුවන් නියමුවන් රහස් දොරටුවෙන් යානයෙන් එළියට පැන දුවනවා..
දැන් යානයේ ඉන්නේ මගීන් 361ක් දෙනයි. ගුවන් සේවිකාවන් 10 ක් වගේම ත්රස්තවාදීන් 4ක් පමණයි.
කුමක් සිදුවේවිද?..
ත්රස්තවාදීන් අනික් ගුවන් සේවිකාවන් 9දෙනාම යානයේ අසුන්වල බැද තබනවා. නිර්ජා සික් ජාතිකයෙකු වූ හේතුවෙන් ඇය බැද තබන්නේ නෑ..
නිර්ජාට ඒ නිසාම වැඩ ගොඩයි. ඇය ගුවන් යානයේ සිටි සියළුම මගීන්ට ආහාර සැපයූවේ තනියම. කිසිත් නොවුනා සේ සිනාසෙමින් ඇය ඇගේ රැකියාව හරි අපූරුවට සිදු කළා. නමුත් ඇයගේ හිතේ තිබුනේ වෙනම පැලෑනක්. ඇය හැර කිසිවෙකු එය දැනගෙන උන්නේ නෑ.
ඇය ගුවන් යානයේ සිටි ශක්තිමත්ම පිරිමියෙකු සොයාගෙන ඔහු අතට ඈ සගරාවක් දෙනවා.
එහි කුමක්ද තිබුනේ ??
ඇත්තටම එහිතිබුනේ ගුවන් යානයේ හදිසි දොරටු විවෘත කරන ආකාරය ගැන සටහනක්.
මේ අතර තවත් කළබලයක්.. උරන වී සිටින ත්රස්තවාදීන් ඇමරිකානු මගීන් මරන්න තීරණය කරනවා….
නමුත් ඔවුන්ට ඇමරිකානුවන් හදුනාගන්න ක්රමයක් තිබුනේ නෑ. ඇය ඔවුන්ට යෝජනාවක් ගෙනඑනවා. අනික් ගුවන් සේවිකාවන් ලිහා දමන ලෙසත් ගුවන් මගීන්ගේ මගී බලපත්ර එකතු කර එහි ඇමරිකානුවන් සිටීනම් ඔවුන්ට පවසන්නම් ලෙසය.
නිර්ජා.. බොහෝම සූක්ෂම ලෙස ඇමරිකානු මගී බලපත්ර 41හොරුන්ට හොරෙන් සගවන්නේ ඇමරිකානුවන් මරණින් මුදවා ගැනීමටයි.
ඒ වගේම ඇය සියළු මගීන්ගේ බිය නැති කිරීමට මවක් මෙන් ඔවුන්ව සනසවන්නට යොමුවනවා.
හොරකල්ලියට ඇය ගැන සැක පහල වන්නේ ඉන් පසුවයි. ඇය කුමක් හෝ කුමන්ත්රණයක් ඔවුන්ට හොරෙන් කරණ බව ඔවුන්ට ඉව වැටෙනවා. නොසිතූ ලෙස ත්රස්තවාදීන් යානයේ සිටි මගීන් සියලුම දෙනා මරන්නට තීරණය කරනවා..
හැම අතින්ම වෙඩි හඩ ..මගීන් මර බියෙන් කෑ ගසනවා… නිර්ජා…. ඇය කුමක් කරන්නද දැන්… නෑ ඇය නිකන් ඉන්නෑ…අනිත් සේවිකාවන් බියෙන් මර ලතෝනි දෙද්දී ශනිකයින් ක්රියාත්මක වන මේ දෙව්දුව හදිසි දොරටුව විවෘත කර රබර් දෝනාව පහලට දමනවා..
ඇය සගරාව ලබාදුන් පුද්ගකයා එකෙනෙහිම අනික් හදිසි දොරටුව විවෘත කරනවා.. මිනිසුන් හැකි ඉක්මනින් පොකුරු පිටින් දොරටුව වෙත පැමිනෙන්නේ මරබියෙන්…
නිර්ජා සිටියේ දොර අසලමයි.. ඇයට සියල්ලන්ටම පෙර පහලට යන්නට හැකි වූවත් ඇය එසේ කරන්නෑ. ඇය මුලින්ම තම මගීන්ට පහලට යන්නට උදව් කරනවා…..
රබර් දෝනාවට මගීන්ව තල්ලු කරන නිර්ජාව දකින තුවක්කු කරුවෙක් ඇයට වෙඩි වරුසාවක් තබනවා.. ඇය ඒත් යානයේ අවසාන මගියාත් බිමට ඇද දමන්නේ ලේ විලක් මැද සිටියදීයි….
එකෙනෙහිම පකිස්තානු කමාන්ඩෝ බටයින් යානයට කඩා වදිනවා ත්රස්තවාදීන් 4දෙනාම ඔවුන් මරා දමනවා…
පන බේරුන මගීන් ගනන 359ක් 19 දෙනෙකු මිය යනවා. මිය ගිය පිරිස අතර, සුරදූතියක් වන් මේ දෙව් දුවද සිටියා.. ඇයගේ ශරීරය වෙඩි උන්ඩ වලින් වැසී ගොස් තිබුනා..
නිර්ජා බානොට් ඇයට පණ බේරා ගැනීමට හැකියාව තිබුනත් ඇය මිනිසුන් වෙනුවෙන් කැපවූවේ අපරිමිත වූ දයානුකම්පාව ඇය සතු වූ නිසයි….
ඇය සදානුස්මරණීය වීරවරියකි….

නිර්ජා මිය ගිය පසුව ඉන්දීය රජයෙන් ලබා දෙණ ඉහලම සිවිල් සම්මානය වූ අශෝක චක්රයෙන් පිදුම් ලබනවා…. නිව්යොක් ටයිම් සගරාව ඇයවෙනුවෙන් ඔවුන්ගේ කලාපයක්ම වෙන් කෙරුවා… ඇමරිකානු රජය ඇයට ඉහලම සිවිල් සම්මාබයක් පුද කළා…ඒ වගේම ලොව සෑම රටකම පාහේ ඇයවෙනුවෙන් ශෝකය පළ කරනවා..
නිර්ජා… ඇය උතුම් කාන්තාවක්.. ඇයවෙනුවෙන් පළවූ ටයිම්ස් සගරාවේ ලිපියක මෙසේ සදහන් වී තිබුනා..
“වෙඩි උන්ඩයට වඩා නිර්භීත කම වේගවත්…. මානුෂීය වගකීම බෝම්බයකටත් වඩා බලවත්…” ලෙසයි…
2016 වසරේදී ඇගේ නමින් ඉන්දියාවේ චිත්රපටයක්ද නිමවනවා.
සෝනම් කපුර් නිර්ජාගේ චරිතයට ජිවය දුන් අතර ඇය ඇගේ ජීවිතයද නැවතත් අපිට ජීවමාන කරන්නට සමත් වූ බව පසක් කළ යුතුමයි. එතෙක් මෙතෙක් බොලිවුඩයේ හද කම්පා කළ චරිතප්රධානය අතුරින් නිර්ජා යනු විශිෂ්ඨ වූ රගපෑමකි…
එදා සමස්ථ ගුවන් සේවයටම ආඩම්බරයක් එක් කළ නිර්ජා භානෝගේ මතකය අදටත් මුළු ලෝකයම සිහිකරනුයේ මහත් ආඩම්බරයකිනි.
ඇගේ විර ක්රියාවේ මතකය සිහිපත් කරන්නට නිර්ජා ජීවත්ව නොසිටියත් ඇගේ මතකය කිසි දිනෙක කිසිවකුගේ මතකයෙන් ගිලිහි නොයනු ඇත.
උපුටාගැනීමකි
මූලාශ්රය: Ridma Lasanthika