මිහිරැති වසන්ත කාලේ! (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එංගලන්තයේ කාලගුණය මාර ය. අසුරු සැණින් වෙනස් වෙයි. මොනතරම් වෙදර් ෆොර්කාස්ට් බැළූවත් අන්න එහෙම වෙනස් කං නිසා නාන්න වෙන දවස් එමටය. ඒත් එක්තරා මාර්තු පලවෙනි දාක “දඹුල්ලේ යනගමන් තලගොයි එලන්න” ගිය ගමනකදී ලන්ඩන් නගරයේදී හිම කුණාටුවක අතරමං වුනෙමි .
පොතේ හැටියට නම් මාර්තු මාසය වෙද්දී සිසිර සෘතුව වින්ටර් අහවර වී වසන්ත සෘතුව ස්ප්රින් උදාවේ. නමුත් අබුද්දස කාලේ ලබුත් තිත්ත වන්නේ යයි කියන්නේ මේන්න මේ ආකාරයේ සංගෙදි වලට විය යුතුය. චිත්රපටවලදී නම් හිම වරුසා හරිම හැඩය. ප්රේමාන්විතය. නමුත් ඒවා ඇත්තටම මාර පල් බව දන්නේ එහෙම නෑමක් නෑ උදවිය ය.
එදින උදෑසන පටන් වැහිබරිතව බුම්මාගෙන සිටි අහස අළුපාට ද කාලවර්ණ ද වී මුලින්ම වැස්සක් වස්සා ටිකකදී නොනැවතීම හිම කැටිති මුදාහරින්නට පටන් ගති. ඒවා ආකාසයේ කොයි අනන්තයේ සිට පතිත වන්නේ දැයි කවුරුත් නොදන්නා මුත් අසුරු සැනින් පොලෝගැබ ඉන්නාවූ අසරණ ජනීජනයා ද සතුන් හා සියළු වස්තුන්ද තෙත බරිත කරයි. සිහිතලෙන් ගල් බවට පත්කරයි . ප්රීතිමත් මුහුණු ඇඹුල් කරවයි. තද සුලං කුණාටුවේ බලය කුඩ අඹරවා විසිකරවයි. තවද ඒ හිමකැටිති මාර්ග වල ගමන් ගන්නා පදිකයින් ගේ සපත්තුවල තැලී ඝනකැමති වීදුරු තහඩුවක් පොලෝ මත නිර්මාණ වේ .එවන් පොලොවක නොලිස්සා යන්නට නම් හොඳ නොගෙවුණ අඩි සහිත පාවහන් තිබිය යුතුමය.
කරුමෙට එදා මගේ සපත්තු පරණය. ඝර්ෂණය අඩු නිසා හිම මත ඇවිද යාමට කොහෙත්ම ඉඩ නොදී කිහිප වරක් පය ලිස්සාගොස් වැටෙන්න ගිය නිසා අළුත් හිම සපත්තු ජෝඩුවක් මිලට ගැනීමට සිදුවිණි. අය්යෝ සල්ලි, ගවොම් කීයක් ගන්න තිබුණා ද ? ඒ වීදියේ බඩුභාන්ඩ මිල අධික ය. කලින් සැලසුම් කල ලෙසට පැය කිහිපයක්ම ගතකරන්නට නියමිත වූ නිසා ඒ කට්ට කන්නම සිදුවුණි.
ඒ අවු අස්සේ බොහොම තදින් බත් බඩ ගින්නක් ඇව්ළී ආවේ පසුවූ දින කිහිපයක් ම ලංකාවේ කෑමක් හරිහැටි නොකෑ බැවිනි. ඒ වීදියේ ශ්රීලාංකික හෝ ඉන්දියානු කෑම කඩ නොපෙණුනෙන් ජපන් කෑම කඩයකට රිංගා ගත්තේ බතක් ම ඔනෑවූ නිසාමය. ඊයා අනේ මොකට ඒ ලාටු බත් , පැණි රස මෑ ඇට කනවාද අම්මපා. මට අඬන්නම හිතුණේ මූදු හතක් එපිට ඈත ඈත අපේ ගෙදර අපේ කුස්සියේ ඉදෙන උණු උණු රතු බත් ද, නැහැමින් රතුළූනු දමා ගලේ අඹරන පොල්සම්බෝලයද කීරමින් කරවල කූරයියන් ද මතක් වීමෙනි.
ඒ ඇඬියාව අමතක වන්නට හිම සමග සෙල්ෆි චායා රූප කිහිපයක් ගත්තත් එහි මා පෙනෙන්නේ බතල හොල්මනක් මෙනි . මා කැමති ප්රීතියෙන් සිනාසෙන පින්තුරැ වලට පමණි . ඔබ සැමටත් ප්රීතිමත් මාර්තුවක් වේවා!
උපුටා ගැනීම: Bhadhra Piyadigama Koswatte

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!