මිනිස් මුහුණ වසර මිලියන ගණනාවක් තිස්සේ පරිණාමය වී ඇති අතර අනාගතයේ දී ද එය එලෙසම පරිණාමය වනු ඇත.
වාර්තාවලට අනුව, අනාගත මිනිස් මුහුණෙහි ප්රතිරූපය නිර්මාණය කිරීමට විද්යාඥයන් සමත් වී ඇති අතර නුදුරු අනාගතයේ දී අපේ පෙනුම මොනවගේ ද යන්න පිළිබඳව මේ හරහා අදහසක් ලබා ගන්න පුළුවන්.
පසුගිය වසර මිලියන දෙක තුළ මානව වර්ගයාගේ ‘මුහුණ’ සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත. නමුත් මෙම වෙනස නතර වී නැති අතර විද්යාඥයින්ට අනුව, අපගේ මුහුණ තවමත් පරිවර්තනය වෙමින් පවතින අතර නව අවශ්යතාවන්ට අනුව ඒවාට වඩා හොඳින් ප්රතිචාර දැක්වීම සඳහා අඛණ්ඩව පරිණාමය වනු ඇත.
විද්යාඥයින් විශ්වාස කරන්නේ මුහුණේ ක්රියාකාරිත්වය එලෙසම පවතිනු ඇති අතර විශාල වෙනස්කම් වලින් එකක් ලෙස මොළයේ ප්රමාණය වෙනස් වීම සැලකිය හැකි බවයි.
යෝර්ක් විශ්ව විද්යාලයේ පුරාවිද්යාඥයෙකු වන පෙනි ස්පිකින්ස් පවසන පරිදි, අපගේ ඇස් දෙක එකිනෙකට සමීප වී ඉදිරියට නෙරා එන අතර, මිනිසාගේ හකු සහ හිසේ යටි කොටස ශරීරයේ සෙසු කොටස් වලට සාපේක්ෂව ඉතා කුඩා වන අතර දත් කෙමෙන් කෙමෙන් කුඩා වනු ඇත. එනම්, අපගේ මුහුණේ භෞතික ලක්ෂණ අසාමාන්ය ස්වභාවයකින් යුක්ත වනු ඇත.
එහි පෙනුම හරියටම ප්රකාශ කලොත් අපි ච්රිත්රපට වල දැක ඇති හිසේ උඩ කොටස ලොකු ඇස් නෙරා ආපු, කට පොඩිවට පිහිටන, පිටසක්වල ජීවීන් ට තරමක් සමානවනු ඇත.
මෙම හැඩය සඳහා විශේෂයෙන්ම අපේ ආහාර රටාව වෙනස් වීම සහ අපි ආහාරයට ගන්නා අහාර වල ස්වභාවය වෙනස් වීම විශාල වශයෙන් බලපානු ඇත.
මීට වසර මිලියන 6 ත් 7 ත් අතර කාලයකට පෙර චිම්පන්සියන් මෙන් පොදු මුතුන් මිත්තන්ට වඩා අපේ මුහුණු බොහෝ වෙනස් වී ඇත. එදා පැතලි නළල, කැපී පෙනෙන මුඛය, හොදින් වැඩුනු නිකට සහ හකු දැක ගත හැකි වූ නමුත් අද සිරස් වූ පැතලි නළල, අඩුවෙන් කතාකිරන මුඛය සහ කුඩා නිකට දැකිය හැකිය.
වොෂිංටන් විශ්ව විද්යාලයේ මානව විද්යා අධ්යයනාංශයේ මහාචාර්යවරයකු වන එරික් ට්රින්කෝස් පවසන්නේ “මිනිස් මුහුණෙහි මූලික ස්වරූපය මීට වසර මිලියන දෙකකට පමණ පෙර මතුවී ආ අතර එතැන් පටන් සිදු වූ වෙනස්කම් ක්රමයෙන් කන්ඩායම් වශයෙන් කොටස් වශයෙන් අඩු වීමට පටන්ගෙන ගෙන ඇති බවයි.
මිනිස් හිස් කබල අඛණ්ඩව පරිණාමය වන්නේ නම්, විද්යාඥයින් බලාපොරොත්තු වන්නේ මිනිසා බාල වයසේදීම වැඩිහිටි පෙනුමකට ලගාවන බවත්, කුඩා මුහුණකට සමානුපාතිකව විශාල අක්ෂි කක්ෂ, කුඩා නිකටක් සහ වඩාත් රවුම් වූ හා සංවර්ධිත කශේරුකා පිහිටන බවයි.
නමුත් “නියෝටීනී” නමින් හැඳින්වෙන ක්රියාවලියක් සිදුවුවහොත් එමගින් වැඩිහිටි වියට එළඹීමෙන් පසු මිනිසුන් ඔවුන්ගේ යෞවන පෙනුම ම බොහෝ කාලයක් වයසට ගියද පවතිනු ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම පරිණාමය සිදුවීම සඳහා විද්යාඥයින් පවසන්නේ ගැහැණු ශ්රෝණිය වෙනස් විය යුතු බවයි. ඔවුන්ගේ උපත් ඇළ දැනටමත් අතිශයින් පටු බැවින් බොහෝ ළදරුවන් නොමේරූ දරු උපතක් ලෙස ලැබීමට හේතුව එය බවත්, එය කාලයත් සමග වෙනස් විය යුතු බවත් ය.
උපුටා ගැනීම: රාම් වණා