මිනිස්සුන්ට පේන්න හඩන්න එපා.. කව්ද ගණන් ගන්නේ ” ( Taylor Swift ) ( චරිත )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නිකමට හිතන්න..
අද වැරදි කෙනාට ඔබ මෙච්චර ආදරේ කලා නම් හරි කෙනා හම්බුන දවසට ඔබ එයාට කොච්චර ආදරේ කරයිද?
දැන් ඔබ ඔබ ගැන ආඩම්බර වෙන්න.ඔබ ඒ තරම් ගැඹුරෙන් අවංකව ආදරේ කරපු එක ගැන.ඔබට ලොකු හදවතක් තියෙන එක ගැන.හැම කඩාවැටීමක් මැද්දෙම ඔබ ලගා කරගත්ත ඉලක්ක ගැන.ජීවිතේදී ඔබට සෘණාත්මක අදහසක් ඇතිවුනේ නැත්නම් ඔබ දැන ගන්නේ නෑ ඔබ මේ තරම් වටිනවා කියලා..ඔබ කවදාවත් තේරුම් ගන්නේ නෑ ඔබ කොයි විදියටද සැලකුම් ලබන්න ඕන කියලා…ඔබ අවබෝධ කරගන්න එකක් නෑ ඔබ කොයි තරම් බුද්ධිමත් ද ශක්තිමත් ද වැදගත් ද කියලා..
ඔව් සමහර වෙලාවට අපි රැවටෙනවා..අපි මිනිස්සු අපිට එහෙම වෙන්න පුලුවන්..හැබැයි එකම දේට දෙපාරක් රැවටෙන්න බෑ..කවුරුහරි ඔබව එක පාරක් රැවැට්ටුවොත් දවසක ඒ අය ලැජ්ජවෙයි ඒ ගැන.හැබැයි ඒ අය ආයෙමත් ඔබව රැවැට්ටුවොත් ඔබ ලැජ්ජ වෙන්න ඔබ ගැන.
මොනවා හරි ශ්රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් ඔබ ජීවත් වෙන්න පටන් ගන්න.පුද්ගලයෙක් වෙනුවෙන් නෙවෙයි අරමුණක් වෙනුවෙන්.
මම ඔබට අභියෝග කරනවා.ඒ අය නැති කරගත්තේ ,නැති කරගන්න යන්නේ කොයි තරම් වටින චරිතයක්ද හදවතක්ද කියලා ඔබ ඔප්පු කරන්නම ඕන.
ඇයි ඔබ ඔබව දාලා ගිය මිනිසුන්ට ඒ තරම් වටිනාකමක් දෙන්නේ?ඔබව දාලා ගිය මිනිසුන්ට වැඩිය ඔබ ඔබේ කොණ්ඩෙට ආදරේ කරන්න.අලුත් hairstyle එකකට යන්න.හිනාව මරපු අය වෙනුවෙන් අඩන්න ලෑස්ති වෙන්න එපා.
ඕනෙම නම් කාටවත් පේන්නේ නැති තැනකට වෙලා ඇති තරම් අඩන්න.ආයේ මේ කාරනාව වෙනුවෙන් අඩන්නේ නෑ කියන පොරොන්දුව පිට..
මිනිස්සුන්ට පේන්න අඩන්න එපා..කවුද ගනන් ගන්නේ?
හිනාවෙන්න පටන් ගන්න ..හරියට taylor swift වගේ..
ඔබ බලන්න.ඇය ඇගේ පලවෙනි ආදරේ වෙනුවෙන් teardrops on my guitar සිංදුව ලියනවා..ඒ සිංදුව 2009 BMI සම්මානය දිනා ගන්නවා.ඒත් එක්කම ඇය මිනිස්සුන්ට වැඩිම බලපෑමක් කරන්න පුලුවන් ඇමරිකානුවන් 100 දෙනා අතරට එකතු වෙනවා.
දෙවනි ආදරේ වෙනුවෙන් forever and always ,better than revenge ලියනවා.
ඊලග පෙම්වතා වෙනුවෙන් back to december ලියනවා.
අනෙක් පෙම්වතා වෙනුවෙන් dear john සිංදුව ලියනවා.
අනිත් කෙනා වෙනුවෙන් all too well ලියනවා .
ඊලග කෙනා වෙනුවෙන් out of the woods ලියනවා.
ඇය මේ වෙනකොට සම්මාන 311 දිනාගන්නවා.සම්මාන 728 කට නිර්දේශ වෙනවා.
මේ හැම අවස්ථාවකදිම ඇය සිංදු ලියුවේ සතුටට නෙවෙයි ඇත්තටම දුකට.හැබැයි ඒවා අන්තිමේදි ඇයව ඉහලම තැනින් ගෙනත් තිබ්බා.
කාලෙකදි දුකට හේතුවක් වුන කරුනු කාලෙකදි සතුටට හේතුවක් වුනා.
මම ඔබට taylor swift වගේ වෙන්න කියන්නේ නෑ.ඔබ ඔබ වෙන්න .නමුත් ජීවිතේ ඔබව මගහරින මිනිස්සුන්ට සමුදෙන්න තරම් පරිනත වෙන්නම ඕනේ.
නිකමට හිතල බලන්න ,ඇයි අපි තවකෙනෙකුට වදයක් වෙන්නේ ? ඇණයක් වෙන්නේ? අපිව වදයක් ඇණයක් විදියට සලකන අයගේ පස්සේ ආයේ ආයෙමත් එල්ලි එල්ලි යනකොට කාටද අවනම්බු වෙන්නේ? ඔබට..
ඉස්සර වුන දේවල් අමතක කරන්න .අද ඉදන් අඩු තරමේ මේ දැන් ඉදන් ඔබේ ආත්මාභිමානය ගොඩ නගන්න.යන්න කණ්නාඩිය ඉස්සරහට .ගිහින් මතක් කරගන්න .
ඉහලටම යන්න ඕන නම් ඔබව පහලටම අදින දේවල් අතාරින්න වෙනවා
Credit goes:- Shihara Harim🌸🖤

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!