හර්ට්ෆර්ඩ්ෂයර් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්ය රිචඩ් වයිස්මන්ට අනුව, මේ සරල මූලධර්ම හතර අනුගමනය කිරීමෙන් මිනිසුන්ට තමන්ගේ වාසනාව ලඟා කරගන්න පුලුවන්.
1.සම්බන්ධතා ඇති කරගන්න. සැහැල්ලුවෙන් ඉන්න. අලුත් අවස්ථාවන් සඳහා ඉඩ දෙන්න.
2.ඔයාගෙ බුද්ධියට හා ශක්තියට සවන් දෙන්න.
3.වාසනාව බලාපොරොත්තු වෙන්න.
4.විවිධ මනෝවිද්‍යාත්මක ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් වැඩ කරන්න.
හිතාමතාම හෝ නැතුව හෝ, තමන්ගෙ ජීවිත තුළ මේ මූලධර්ම අනුගමනය කරලා සුපිරි ධනවතුන් බවට පත් වූ පුද්ගලයින් ගොඩක් ඉන්නවා. එයාලා කරපු වාසනාවන්ත සොයාගැනීම් කිහිපයක් දැන් අපි බලමු.
01.“රාජකීය”
ඕස්ට්‍රේලියාවේ වාසනාවන්ත පතල් කම්කරුවෙක් සාමාන්‍ය ගල් එකතු කරමින් ඉන්නකොට, බාල්දියේ පතුලේ තිබුණු විශාල දිදුලන ගලක් ඔහුට දකින්න ලැබුණා. ඒකට ලස්සන පෙනුමක් තිබුණු නිසා ඔහු එය සිහිවටනයක් ලෙස ගෙදර අරගෙන ගියා. අවුරුදු 14 කට පසු ඔහු එය විශේෂඥයෙකුට පෙන්නුවම ඒක ඩොලර් මිලියන 3 කට වඩා වටින කළු පාට ඔපල් එකක් බව දැනගන්න ලැබුණා. ඒනිසා තමයි ඒකට “රාජකීය” කියන නම ලැබුණෙ.
02. තල්මසුන්ගේ වමනය
චාලි නයිස්මිත් කියන වයස අවුරුදු අටක දරුවෙක්ට මහා බ්‍රිතාන්‍යයේ වෙරළ තීරයක ඇවිදිමින් ඉන්නකොට මේ අමුතු ගල හොයාගන්න ලැබුණා. එයා හිතුවෙ මේක ගලක් කියලා. ඒත් මේක ඩොලර් 63,000 ක් වටිනා තල්මසුන් වමනයක්. සුවඳ විලවුන් නිෂ්පාදනයේ වටිනා අමුද්‍රව්‍යයක් තමයි මේ.
03. කාසි බිත්තිය
පෙන්සිල්වේනියාවේ පාළු ගෙදරක සෙල්ලම් කරමින් ඉන්නකොට, බිත්තියක් ලඟ පැරණි කාසි කිහිපයක් දැකලා තියනවා. ඊට පස්සෙ එයාලා ඒ බිත්තිය කඩලා බැලුවම ඒකෙන් කාසි සියදහස් ගණනක් බිමට වැටිලා තියනවා. මේ අතරේ ඩොලර් 8,500 ක් වටිනා සාමාන්‍ය කාසි වගේම ඩොලර් 200,000 ක් වටිනා දුර්ලභා කාසි ගොඩකුත් තිබුණා.
04. රත්තරන් කුට්ටි
ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ගොවියෙක් එයාගෙ ගෙදර අවට භූමියේ ලෝහ හඳුනගන්න උපකරණයක් මගින් යමක් හොයමින් හිටියා. ඒ අතරෙදි අහම්බෙන් දැකපු පොඩි රත්තරන් කැබැල්ලක් තවදුරටත් හාරනකොට ඔහුට ඩොලර් 315,000 ක් වටිනා රත්තරන් කිලෝග්‍රෑම් 5.5 ක් හොයාගන්න ලැබුණා.
05. සුපර් ග්ලූ
ඇමරිකානු රසායන විද්‍යාඥයෙක් වන හැරී කුවර් සහ ඔහුගේ කණ්ඩායම ප්ලාස්ටික් තුවක්කු දර්ශන සෑදීම සඳහා ද්‍රව්‍ය සංවර්ධනය කිරීමට උත්සාහ කරනකොට අහම්බෙන් තමයි සුපර් ග්ලූ හොයාගත්තෙ. එය 1985 දී ඉතා ජනප්‍රිය වාණිජ නිෂ්පාදනයක් බවට පත් වුණා. එමගින් ඩොලර් බිලියන 2.5 ක් විතර උපයා ගන්නත් එයාලා සමත් වුණා.
06. “හොක්ස්නේ හෝර්ඩ්”
බ්‍රිතාන්‍ය ගොවියෙකු වන පීටර් වොට්ලින්, ඔහුගෙ යාලුවා එරික් ලෝස් සමග ර්කතු වෙලා ගෙදර හදපු ලෝහ හඳුනගන්න උපකරණයක් මගින් එයාලගෙ නැති වුණු මිටියක් හොයමින් හිටියා. ඒත් මිටිය වෙනුවට ඩොලර් මිලියන 15 ක් විතර වටින ස්වර්ණාභරණ සහ කාසි සහිත ලී පෙට්ටියක් එයාලට හමුවුණා. පුරාවිද්‍යාඥයින් මේ නිධානයට “හොක්ස්නේ හෝඩ්” කියලා නම තිබ්බා. ඒක ප්‍රදර්ශනය සඳහා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට අරගෙන ගියා. ඒ වගේම එරික්ට ඩොලර් මිලියන 2.3 ක තෑග්ගක් ලැබුණු අතර ඔහු එය පීටර් සමඟ බෙදා ගත්තා.
07. පෙනිසිලින්
1928 දී ස්කොට්ලන්ත ජීව විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් අහම්බෙන් හොයාගත්ත දෙයක් තමයි පෙනිසිලින් කියන්නෙ. නිවාඩුවෙන් පසු ආයෙත් ගෙදරට ආවම ගෙදර තිබිලා පිරිසිදු කරන්න අමතක වුණු බැක්ටීරියා සහ අච්චු වලින් පිරුණු අපිරිසිදු කෑමක් ඔහුට හොයාගන්න ලැබුණා. මේ අච්චුව මගින් ඇත්තටම බැක්ටීරියා විනාශ කරන බව ඔහු දැක්කා. එදා ඔහුට කෑම අස් කරන්න අමතක වුණු නිසා තමයි අද අපිට ප්‍රතිජීවක ඖෂධ තියෙන්නෙ.
08. මයික්‍රෝවේව්
පර්සි ස්පෙන්සර් කියන ඉංජිනේරුවා විසින් සතුරු-ගුවන් යානා හඳුනා ගන්න උපකරණය අත්හදා බලමින් ඉන්නකොට, මැග්නෙට්‍රොන් මගින් චොකලට් උණු කළ හැකි බව අහම්බෙන් හොයා ගත්තා. මේ අහඹු නිෂ්පාදිතය නිසා ස්පෙන්සර් වැඩ කරපු රේතෙයොන් කාර්මික සංස්ථාවට ඩොලර් බිලියන 25 ක් විතර ලැබුණා.
09. පොප්සිකල්ස්
1905 දී ෆ්‍රෑන්ක් එපර්සන් කියන තරුණයා සෝඩා කුඩු හා වතුර මිශ්‍රණයක් වීදුරුවකට දාගෙන ස්ටික් එකකින් ඒක කලවම් කරමින් සීතලේ එළියට ගියා. අවුරුදු 20 කට පසු මේ “අයිස් ලොලිපොප්” ගොඩාක් ජනප්‍රිය වුණා. ඒ නිසාම එපර්සන් පොහොසත් කෙනෙක් බවටත් පත් වුණා.
10. කොකාකෝලා
ලෝකයේ වඩාත්ම ජනප්‍රිය බීම වලින් එකක් තමයි මේ. ජෝන් පෙම්බර්ටන් විසින් හිසරදයට බෙහෙතක් විදිහට තමයි මේක නිෂ්පාදනය කලේ. ඒත් ඔහුගේ සහායකයා අහම්බෙන් එහි ප්‍රධාන අමුද්‍රව්‍ය දෙක වුණු කොකා කොළ සහ කෝලා ඇට කාබනීකෘත ජලය සමඟ මිශ්‍ර කලා. ඔන්න ඔහොමයි අහම්බෙන් හරි කොකාකෝලා හැදුණේ.
උපුටා ගැනීම: Ceylon journal