තායි කෑම ලාඕ කාරයින්ටත් ලාඕ කෑම තායි කරයින්ටත් යා දුන්නට අපට ලාඕ කෑම වලට වඩා තායි කෑම යාදෙනව කියල කියන්න පුළුවන්. මේ ජාතීන් අතර මම දැකපු විශේෂ ලක්ෂණයක් තමයි අපටනම් මහ උන්මත්තක විදියට දැනෙන ලාඕ කාරයෝ සේර මදුරුතලා සහ දෙහිකොළ වැඩි වශයෙන් ආහාර වලට එකතු කරල ගන්න උත්සාහ කරන ටිපිකල් ලාඕ ටේස්ට් එක තායි කාරයොන්ගෙ දකින්න නැහැ. එයාලා ඒ වෙනුවට දාන්නෙ සෝස් වර්ග සහ බැසිල් කොළ. ගුණ අගුණ අතින්නම් සෝස් වර්ග වල කලවම් කරල හදන තායි කෑම වලට වඩා ස්වාභාවික කොළ වර්ග එකතු කරල හදන ලාඕ කෑම ඉහල ඇති කියල හිතුණට එකට බැඳුණු රටවල් දෙකක් වන මේ දෙකේ ආයු අපේක්ෂාව අනුව තායිලන්තය ඉන්නෙ පට්ට ඉදිරියෙන්. සාමාන්යයෙන් ලංකාවට බොහොම සමාන ලෙස මම දකින ඒ වගේම කැමැත්තක් දක්වන තායිලන්තය ආයු අපේක්ෂාව අතිනුත් අපේ සම මට්ටමට ඒ කියන්නෙ හැත්ත හතේ ආසන්නයේ ඉන්නෙ දශම ගණනක් ඉදිරියෙන්. ලාඕසයේ එය හැට අටට ආසන්න දක්වා පහල අගයක් ගන්නෙ. ඊට ප්රධාන හේතුව ඉතාම සංවර්ධිත මට්ටමේ තියෙන සෞඛ්ය සේවයක් අපෙත් තායිලන්තයෙත් පැවතීම වුණත් ආහාර වලිනුත් ඊට බලපෑමක් නැති වෙන්න බැහැ.
ඉතින් පහල පින්තූරෙ තියෙන්නෙ තායිලන්ත ආයතනයක් වන අපේ බලාගාරයේ අවන්හලේ පිසුණ තායි කෑමක්. Stir chilli paste with chicken කියල හඳුන්වල තියෙන මේ ආහාරයේ ඇති සැරක්නම් නෑ. එක්තරා සෝස් වර්ගයක් , ළුෑණු , මාළුමිරිස් , බැසිල් සමඟ තවත් රස කාරක එක්කරලා හදපු කුකුල් මස් ව්යංජනයක් වන මෙය අපේ උගුරෙන් පහලට යන තවත් කෑමක්. සාමාන්යයෙන් බොහෝ රටවල වගේ ලාඕසයේ සහ තායිලන්තයේත් බත් සමඟ ලැබෙන්නෙ බොහෝ විට එක ව්යංජනයයි. අපේ රටේ වගේ ගොඩක් එළවළු වර්ග කලින් උයලා අවශ්ය වෙලාවට බෙදලා දෙන සංස්කෘතියක් කෑම ගත්ත වෙන කිසිම රටක මම දැකල නැහැ. ඉන්දියානු අවන්හලක වුණත් ඒ වෙලාවට ව්යංජන හදලා දෙනව මිසක් අපේ රටේදි වගේ වෙනම හදල තියල බෙදල දෙන්නෙ නැහැ. ඉතින් විනාඩි පහක් දහයක් ඇතුළත හැදෙන මේ ව්යංජන හරිම නැවුම්.
ලාඕසයේදී මම ලබන අත්දැකීම් ඉදිරියේදී මම වීඩියෝ මගින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද ලාංකික පාඨක බොහොම දෙනා ලිපි කියවන්නට කැමැත්තක් දැක්වූවාට වීඩියෝ නරඹන්නට දක්වන්නේ උදාසීන ගතියක් බව පසුගියදා මම වං වියංහි ගල්ගුහා පෙන්වන්නට ගිය දුෂ්කර චාරිකාවේ පළමු කොටසෙන් මට තේරුම් ගියා. ඉතින් ඉදිරියේදිත් අපි පින්තූරයකින් සහ කෙටි සටහනකින් අත්දැකීම් බෙදා ගනිමු..
උපුටා ගැනීම: Thilina Ariyarathna