මිස් මට පුලුවන්වෙයිද කවද හරි රටේ ජනාධිපති වෙන්න”
ඉතිහාසය පාඩම අස්සෙ එකපාරම 11 වසර පන්තියෙ පිරිමි දරුවෙක් අහපු ප්රශ්නෙන් තත්පර කිහිපයක් මං නිරුත්තර උනා. මං දරුවගෙ මූණ බලන් ඉන්න අතරෙ පන්තියෙ අනිත් දරුවො ටික මේ දරුවට හිනා වෙනවා. පන්තිය වටේටම මූණ හරවලා පොඩ්ඩක් රැවුවම ළමයි ටික නිශ්ශබ්ද උනා.
“ඔයා ඇත්තටමද පුතේ ඔය ප්රශ්නෙ මගෙන් ඇහුවෙ, නැත්තම් විහිලුවටද?”
“නෑ මිස්, ඇත්තටම”
“ඇත්තටනම් ඇහුවෙ මගෙ උත්තරේ, ඔයාට පුලුවන් කියන එක”
පන්තියෙ කොල්ලො කෙල්ලො ටික ආයිත් හිනා උනා.
“මිස්, මූ ජනාධිපති උනොත් අපි ලංකාවෙන් යනවා” කටකාර කොල්ලෙක් කෑගහනවා. මං ඈයිත් පන්තිය දිහාට හැරුනා.
“ඇයි බැරි? එයාට නෙමෙයි, ඔයාලා ඕන කෙනෙක්ට ජනාධිපති වෙන්න්න පුලුවන්. අපි හද අල්ලනවා කියලා හිතා ගත්තොත් තරුවක් හරි අල්ලගන්න පුලුවන් වෙයි” මට සන්නස්ගල සර් කියලා දීපු දේකුයි මං දරුවන්ට කිවුවෙ.
පස්සෙ මං දරුවන්ට කියලා දුන්නා, ප්රේමදාස ජනාධිපතිවරයත් ඒ දරුවො වගේම සමාජ පන්තියක කෙනෙක් කියලා. ඒ වගේම ස්ටීව් ජොබ්ස් ගැනත් කියලා හිත තියනවනම් ඕන දෙයක් කරන්න පුලුවන් බවත් කියලා දුන්නා.
මගෙන් ජනාධිපති වෙන්න අහපු දරුවා ඉගෙනීමට අති දක්ෂ දරුවෙක් නෙමෙයි.නමුත් ඔහුට ඒ පිළිබද සැබෑ උනන්දුවක් තිබ්බා. ප්රශ්න පිට ප්රශ්න ඇහුවා.
පස්සෙ බලද්දි දරුවා සතියක් ඉස්කෝලෙ ආවෙ නෑ.කොල්ලා අහපු ප්රශ්නෙ නිසාම මට දරුවව මතක හිටියා.
“මොකද මේ ටිකේම සදීප නැත්තෙ”
මං ප්රශ්නෙ පන්තොයට දැම්මා.
“ආ මිස්, ඌ වීල් ගහලා අතයි කකුලයි දෙකම කඩන් ගම්පහ හොස්පිටල් එකේ”
ඒ ළමයින්ගෙ උත්තරේ
මං මුකුත්ම නොකියා, පහුවෙනිදා දරුවගෙ යාලුවෙක්ගෙන් ඇහුවා යමුද යාලුවව බලලා එන්න කියලා
“ඕන් නෑ මිස්. අද ඌ ඉස්කෝලෙ ආවා” යාලුවගෙ උත්තරේ නිසා මං දරුවව බලන්න පන්තියට ගියා. කොල්ලා අතටයි, කකුලටයි ප්ලාස්ටර් ගහගෙන පන්තියෙ ඉන්නවා.
“මොකද උනේ”
නෑ මිස්, වීල් ගහද්දි බයික් එක පෙරලුනා”
කොල්ලගෙ උත්තරේ සරලයි.
“පුතේ, අතක් පයක්, ජීවිතයක් නැතිවෙන්න යන්නෙ තත්පරයයි. ඒත් හදාගන්න අවුරුදු ගානක් යනවා”
ඒක විතරක් මං ළමයට කිවුවෙ මං මින බණ කිවුවත් කොල්ලා වීල් ගහන එක නවත්තන්නෙ නැති නිසා.
ආයිත් මාසෙකින් විතර දරුවා ඉස්කෝලෙ එන එක නැවතුනා.බලද්දි ආයිත් වීල් ගහලා අතපය කඩාගෙන.
ආයිත් දරුවා ඉස්කෝලෙ එබ එක නැවතුනේ හරියටම විභාගෙට මාස තුනක් වගෙ තියලා. ඒ වෙද්දි මං දරුවට මගෙ දරුවෙක්ට වගෙ ආදරෙයි. ඒ වෙද්දි දරුවා මගෙ විෂයට ගොඩක් උනන්දුවෙන් වැඩ කරා.හරිම ආදරණීය, කටකාර, මුරණ්ඩු, මාත් එක්කත් එකට එකකියන දරුවා මගෙ හිතට සමීප උනා.
“කෝ යාලුවා, මේ පාර බෙල්ලම කඩාගෙනද?”
මගෙ පුරුදු ප්රශ්නෙ.
“නෑ මිස්, ඌ ආයිත් ඉස්කෝලෙ එන්නෙ නෑ”
“මොකක්, ඒ මොකද ඒ”
“ඌට බෑලු”
මට දෙලෝ රත් උනා. පන්තියෙම හිටපු දඩබ්බරයා, මං වැඩියෙන්ම ආදරේ මගෙ දරුවා, කොල්ලා ඉස්කෝලෙ එන්නෙ නෑලු. මට පුලුවන් විදිහට මං හෙවුවා. කෝල් කරා. ළමයි අතෙ පණිවිඩ යැවුවා. ඒත් දරුවා ආවෙ නෑ.
ජනාධිපති වෙන්න හීන මැවුව එකා 11 වසරෙ විභාගෙ නොලියම පහු බැස්සා. මං පැරදුනා. කොල්ලව ඉස්කෝලෙ ගෙන්න ගන්නම බැරි උනා.
ඒත් මං ළමයා ඉස්කෝලෙ නොඑන්න හේතුව හෙවුවා. ඒක මංංදැනගත්තෙ අවුරුදු දෙකකට වගෙ පස්සෙ. ඒක කිවුවෙ ඒ දරුවගෙ යාලුවෙක්. හේතුව තමයි පන්තිභාර ගුරුවරිය පන්තිට ඉස්සරහා බැනපු එක.
ඒක දැනගනිද්දි මං පරක්කුයි. වගේම මට මගෙ හිතටත් සමාවක් දෙන්න බැරි උනා. ඒ සිද්දිය වෙද්දි මගෙ ගුරු ජීවිතේට අවුරුදු 2යි. හැබැයි මගෙ අතින් එහෙම දෙයක් නොවෙන්න මං ඒක පාඩමක් කරගත්තා.
දරුවා අනාගත ජනාධිපති නොවුනත්, මන්ත්රී වරයෙක් හරි උනොත් එදාට ගිරුවරුන්ට වෛර කරනවා නියතයි……මට දැනුනු දේ, දරුවන්ගෙ ජීවිත එළිය කරන්න වගේම, අදුරු කරන්නත් ගුරුවරයෙක්ට පුලුවන්……
උපුටා ගැනීම: Madhubhashini Kumarapeli Arachchi