මිතුරුකම් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගොඩක් ලියන්න බෑ.
හිත රිදුණ වෙලාවට මං කරන්නෙ අතීතයෙ සුන්දර මතකයක් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරන එක.
2014 මට ඔහු මුණගැහුනෙ අහම්බෙන්.
පුදුම පාලුවකින් ජීවත් වෙච්ච කාලයක් ඒක. ඒ පාලුව මාව ලෝකෙ පුරාම ඇවිද්දෙව්වා. එහෙම කිව්වෙ , තනිකම නැතිකරගන්න මං ලෝකෙ පුරා යාළුවො හෙව්ව නිසා. ඒ ගමනෙදි මට pen pal site එකක් හම්බුණා.
මං ඒකෙ සාමාජිකත්වය ගත්තෙ දෙවරක් නොහිතා.
මට මුණගැහුනා මිතුරු මිතුරියන් මහා ගොඩක්.
ඒ අතරෙ හිටියා ලංකාවෙ එක කොල්ලෙක්.
අනිත් අය ලෝකෙ රටවල් රාශියක විසිරිලා හිටියා.
වෙනසක් තිබුනෙ නෑ,අපි හැමෝම හරිම සතුටෙන් දුක,සැප බෙදාගෙන විනෝදෙන් හිටියා.
මගේ තනිකම , පාළුව නැතිකරලා ජීවිතේ සතුටෙන් පුරවන්න ඒ හැමෝම මට ශක්තියක් වුණා. ලෝකෙ කොහේ අපි ජීවත් වුනත් , හිත් වලින් එකම රටක අපි හිටියෙ.
ලංකාවෙ කොල්ලා මුලින් මුලින් ඉංග්රීසි භාෂාවෙන් චැට් කලත් ටික කලක් යද්දි සිංහලට බැස්සා. අනිත් අයට වගේ ඉර නඟින බහින වෙලාව ගැන ප්රශ්නයක් තිබුනෙ නැති නිසා අපිට ටිකක් වැඩියෙන් චැට් කරන්න වෙලාව ලැබුණා .
ඔහොම කාලෙ ගතවෙලා ගියා. අපි ගොඩක් සමීප මිතුරන් වුණා.
මුණගැහෙන්න කීප සැරයක් ආරාධනා කලත් මං ඒවා ප්රතික්ෂේප කලා ,එක එක හේතු කියලා. ඒ ඇයි කියලා අදටත් මං දන්නෙ නෑ.
ඔහු මට ගොඩක් උදව් කලා, විශේෂයෙන්ම මගේ ඉගෙනීමෙ කටයුතුවලට.
අපි රණ්ඩු වුණා , ආයෙත් යාළු වුණා. චැට් නොකර හිටියා මාස ගණන්. ඒත් යාළුකමේ කිසි අඩුවක් වුනේ නෑ.
මිත්රත්වය ට එහා ගිය දෙයක් ඒ සම්බන්ධෙ තිබුණෙ නෑ. ඔහුගෙ පෞද්ගලික ජීවිතේ ගැනත් සෑහෙන දේවල් කියලා තිබුණා. මං කවදාවත් ඒවා ගැන හාර හාරා අහන්න ගියේ නෑ.
ඔහුත් එහෙමයි. අපිට එහෙම ගැඹුරට අපි ගැන දැනගන්න තරම් හේතුවක් තිබුණෙ නෑ .
ඔහොම ඉද්දි එක දවසක් මට මැසේජ් එකක් ආවා , ඔහුගෙ බිරිඳ කියලා කෙනෙක්ගෙන්.
ඒක ටිකක් බරපතල මැසේජ් එකක්.
ඊට පස්සෙ ඊ මේල් එකක් ආවා. ඒත් ඇගෙන්මයි.
ඒකෙ attachment එකකුත් තිබුණා. ඔවුන්ගෙ විවාහ සහතිකේ සහ දරුවන් දෙන්නාගෙ උප්පැන්න සහතික.
මට කියලා තිබුණා ඔහුත් එක්ක තියෙන සම්බන්ධෙ නතර කරන්න කියලා.
එවෙලෙම මං ඇයට පිලිතුරක් ලිව්වා.
මට එහෙම නතර කරන්න බැරි සම්බන්ධයක් ඔහුත් සමඟ නැති බව කියලා.
එදායින් පස්සෙ කවදාවත් මං ඒ මිතුරට මැසේජ් කරන්න ගියේ නෑ.
අදටත් මං බයයි අඳුනන්නෙ නැති අයත් එක්ක මිතුරුකම් ගොඩනඟා ගන්න.
අපි තනිකම,පාළුව නැතිකරගන්න කරන සමහර ක්රියාකාරකම්වලින් නොහිතන විදියෙ ප්රතිඵල ලැබෙන්න පුලුවන්. තව කෙනෙක් ඒ ගැන වෙනස් කෝණයකින් බලන්න පුලුවන්. තව කෙනෙක් ගෙ ජීවිතේ ට අපි නොහිතන විදියෙ බලපෑමක් ඇති කරන්න පුලුවන් .
අද ඒ මිතුරා කොහේ කොහොම ඉන්නව ද මං දන්නෙ නෑ.
නමුත් ඔහුගෙ මිත්රත්වය හරිම සුන්දරයි .
මං හිතෙන් වැටුණු බොහෝ වෙලාවල , ඒ තැනින් නැඟිටින්න ඔහු මට උපකාර කරලා තියෙනවා.
ඒ වගේ අවස්ථා වර්තමානයේ මුහුණ දෙන්න වෙනකොට ඔහු මට ඒ දවස්වල දීපු උපදෙස් අදත් සමහර වෙලාවට මං කියවනවා.
මේ සමඟ අමුණලා තියෙන ලිපිය, ඔහුත් මාත් අතර තිබුණ සුන්දර මිත්රත්වයේ එක් මතක සටහනක්
උපුටා ගැනීම: Rushee Premarathne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!