මියගිය තාත්තාගේ ආදරය (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එකල මා තෙවන වසරේ වයිද්ය සිසුවෙක්මි . ඒ රෝහලක සායනික අධ්යාපන කටයුතු
ඇරබුනා පමණි .ලෙඩුන් ගැන නුහුරු ,අමුතු පරිසරයේ උගත යුත්තේද යම් පීඩනයකිනි
ඒ ඉරිදාවක සවසකි .වාට්ටුවට යද්දී වෙනදා නැති තරමින් ප්රතිකාර කරන හදිසි රෝගියෙකි
බොහෝ ප්රධාන වයිද්යවරු පැමිණ ඇති අතර හෙදියන් හා සේවකයෝද උනන්දුවෙන් එහා
මෙහා යති . කලින් ආ මගේ මිතුරු මිතුරියෝද ඒ අසල ගෙල දිගු කරමින් බලා හිදී .
ඒ අසාද්ය රෝගියෙකි .නහයින් කටින් ලේ දමයි , සිරුර සුදු කහ පාටය .සේලයින් බෝතල්
දෙකක් ,ලේ , ප්ලාස්මා ,රුධිර පට්ටිකා වේගයෙන් සිරුරට ගමන් කරයි .
“මේ කවුද ..?”
මම මිතුරෙකුගේ කනට කර ඇසුවෙමි
“පැරණ බැංකු මැනේජර කෙනෙක් ,දිගටම බීලා සිරෝසිස්
බඩේ නහර පුපුරලා “
“මැරෙයි වගේ මටනම් ..හිතෙන්නේ ..?”
“නෝනා රිටයර් ඩොක්ටර් කෙනෙක් ..එකයි මෙච්චර සැලකිලි “
රෝගියාට එන්න එන්නම අමාරුය ,ස්වල්පයකින් හදවත නැවතුණි ,හදිසි ප්රතිකාර බොහෝ කලද
ඔහු මිය ගියේය
එතැන් සිටි ප්රධාන හෙදිය ඉතා දුක් බර ලෙසින් හඩා වැලපෙන ඔහුගේ බිරිද වත්තම් කරගෙන යන්නට විය
අරුමයකි
ඒ මුහුණේ කිසියම් හුරුවක් තිබේ
මා දිගින් දිගටම කල්පනා කලෙමි .සිත බොහෝ අතීතයට ගමන් කරයි
එකල මා හයවෙනි පංතියේය .
ගමේ පාසලේ උගත් මා ශිෂ්යත්වයෙන් සමත්ව නගරයට ආවෙමි
ඒ හොද උනත් දුෂ්කරය
උදෙන්ම අවදි විය යුතුය ,කිලෝ මීටර් භාගයක් වෙල් මැදින් බස් පාරට
ආයුත්තේ පහයි තිහ වද්දිය .ඉතින් පාසලට යද්දී හොදටම තෙහෙට්ටුය
සවස ආපිට නිවසට එද්දී පහවත් වෙයි
මේ නිසාමදෝ රාත්රියට අමුතු කැස්සක් හැදෙන්නට විය .පාසල් යන්නටද කම්මැලි
වන්නට වුයෙමි .උදෙන්ම අවදියද අපහසුය
එකල මෙකල මෙන් නොවේ .මෙතරම් රෝහල් මෙන්ම පුද්ගලික අංශයද දියුණු නැත
අම්මා මා ග්රාමීය රෝහලට ගෙන ගොස් බෙහෙත් අරන් දුන්නාය
එහිදී දී තිබුනේ කාටත් දෙන උණ පැණිය ,පැරසිටමෝල් ,පිරිටන් , සැල් බියුටමෝල් කියා
අද මට තෙරේ . බෙහෙත් සමග කැස්ස තරමක් අඩු උනත් මම වෙව්ලන්නට උනෙමි
පසුදින තාත්තා මා ටවුමේ ගෙවන දිස්පන්සරියට එක්ක ගියේය .එහි සිටින දොස්තර මහතා
ආයුර්වේද මුත් ඉංගිරිසි බෙහෙත් ද දෙයි
මෙලෙසින් සතියක් ගතවිය
කැස්ස අඩු නැත
රාත්රියේ සියල්ලන්ට නිදන්නද අමාරු තරමට සද්දය
පාසල් ගමනද අඩාලය
මේ අතර ලොකු නැන්දා අපේ ගෙදර ආවාය
“අපේ ලොකු කෙලීටත් ඔහොම තිබුනා ,බෝගම්බරින් ගෙනාවම හරිගියේ ..”
නැන්දාගේ කතාව අම්මා සවස ගෙදර ආ තාත්තාට කිව්වේය .
පහුවදාම තාත්තා සමග බෝගම්බර ලය රෝහලට පිටත් උනෙමු .
ඒ ගමනද ලෙහෙසි නැත .දවසකට දෙන්නේ නොම්බර සියයකි .ඉතින් උදෙන්ම ගොස්
ඉස්සරහ බංකුවක හිද ගත යුතුය
පාන්දර හතරට පාරට ආවේ හුළු අත්තක් පත්තු කර ගෙන වෙල මැදිනි ,තත්තා සරම කමිසය ඇද
සුපුරුදු මල්ල කරේ දා ගත්තේය .මමද පාසල් නිල් කොට කලිසමට බැනියමක් ඇද ගත් පසු කණට
හිසට පිණි කියා අම්මා පොඩි තුවායක් ඔතා ලෙඩෙක් සේම සැකසුවාය
එකල ලංගම බස් පමණි .ඒද එක දොරේ පොඩි බසය ,අප කියන්නේ පාන් බාගේ කියලාය
පිරුණු බසේ හිටගෙනම නුවර ආවෙමු
ඒ වන විටත් බංකු පිරුණු ගානය ,තාත්තා ගේ මුහුණ ඇබුල් විය .අන්තිම හරියේ වාඩි වී
පැය දෙක තුනක් උන්නෙමු ,නිල ඇදුම් ඇදගත් අය එහා මෙහා යති ,හැමෝම එබී බලමින් සිටි
රෝහල් ගන්ධය ඔක්කාරය ගෙනෙයි ,අපහසු ලෙඩ්ඩු කෙදිරි ගාති ,සමහරු ආප්ප කා තේ බොති
එකල සුළු සේවකයින් අදින්නේ සුදු සරමය ,කමිසය වටා පටි දෙකේ ලෝගුවකි
මිටි මහත එවැන්නෙක් නොම්බර බෙදන්නට විය
එකේ සිට දහයට බෙදා ඉන් පසු දෙන්නේ විස්සය
දහයේ සිට හා නවය තෙක් “ස්ටාෆ් ” කියයි
නමුත් එහෙම නොවේ ,එව්වා එකක් රුපියල් විස්සක් දී තාත්තා ද නොගන්නට එදා
බෙහෙත් ගනු නොහැකිය
දවල් එකොළහ පමණ වන විට දොස්තර නෝනා ලගට යත හැකි විය .ඇය හරි
ලස්සණ මුත් නපුරු යයි මට සිතුනි .වැඩි කතාවක් නැතිව නලාව තබා තුන්ඩු තුනක්
ලියා දුනි
එකක් සෙම බලන්නය
අනික බෙහෙතය
අනික අත ට බෙහෙත් විද ක්ෂය රෝග පරික්ශාවය
බෙහෙත් බි දින තුනෙන් ආ යුතුය
බෙහෙත සේ දී තිබුනේ පිරිටන් පමණි
ඉදින් දින තුනකින් පෙර සේම ගියෙමු .මෙදා රුපියල් විස්ස බේරා ගන්න පාන්දර
තුන හමාරේ බසයෙන් ගියෙමු .
යන්තම් ක්ෂය රෝගය නොතිබුණි
“ළමයට ලොකු ලෙඩක් නෑ
මෙහෙ එන්න ඕනි නෑ
ගමේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න
අදට මේ පෙති ටික අරන් යන්න “
තාත්තා තුණ්ඩුව දෙකට නැමී ගත්තාය
“නෝනා “
“ඇයි “
“දරුවා සති දෙකක් ඉස්කෝලේ ගියේ නෑ
නුවර ඉස්කෝලේ යන්නේ ,පොඩි ලියුමක්
දෙන්න හැකිද බෙහෙත් ගත්තා කියලා “
දොස්තර නෝනා මහත් වෑයමෙන් සිනා සුනි .අවට සිටියෝද එදා
අපට ඔච්චමට වූ සිනාව තාමත් හදවතේ තිබේ
“හිතුවද අපට වැඩ නෑ කියා ,ඉස්කෝල වලටත් ලියුම් ලියන්න
ඇයි ඔහේගෙ ළමයා දොස්තර කරන්නද කල්පනවා
ඒක ටිකක් අමාරුයි ..හොදද .?”
මට ඒ කතාවේ වේදනාව දැනෙන්නට හා තේරෙන්නටද අවුරුදු කිහිපයක්
ගත විය .
එලියට ආ තාත්තා
“ඒ ගෑනිට ….කියා මිමිනුවා පමණි “
තාත්තා නුවර ටවුම දිගේ මා එක්ක ගියේය .එවිට දහවල් එකට පමණ ඇත
ඒ එක්ක ගියේ පුද්ගලික දිස්පන්සරියකටය
එතන නම් හොද යයි මට සිතුනි .සේවකයාද සිනාසී කතා කළේය .උස මහත
ලස්සණ ටයි දැමු දොස්තර මහතා ආදරෙන් නලාව තියා ලෙඩ බැලුවේය
“මෙයා ෂවර් එකෙන් නානවද ?”
තාත්තාට තබා මටද නොතේරුනි
“ඒකෙනුත් නානවා ඇලෙනුත් නානවා “
නමුත් දොස්තර මහතා සිනා සුනේවත් නැත්තේ මන්දැයි පසු කාලේ
මට සිතුනි
බෙහෙත් නම් තොගයක්ම දෙන ලදී
පැණි දෙකකි
පෙති වර්ග අටකි
“කියද ?”
බෙහෙත් දෙන්නාගෙන් තාත්තා ඇසුවේය
“හත්සිය පනහයි “
තාත්තා පොඩ්ඩක් කල්පනා කළේය
“පොඩ්ඩක් බෙහෙත් තියන්න ,මේ මාකට් එකේ මුදලාලිගේ පුතා
මම ගිහින් සල්ලි ඉල්ලන් එන්නම් ,දුන්නු සල්ලි මදි “
එලියට ආ මම කුතුහලයට පත් උනෙමි
“කවුද තාත්තා මුදලාලි ..?”
“යමංකො “
තාත්තා ගියේ උකස් කඩයකටය .එහි ගිය ඔහු ඔහුගේ ඉනේ පටියේ තිබු රත්තරන්
පවුම් කාල කුඩා පිහියකින් ගැලවුවේය ,මගේ කැස්ස වෙනුවෙන් ඔහු එය උකස් කොට
බෙහෙත් අරන් දුන්නේය
ඒ බෙහෙතින් නම් ලෙඩේ හොදවිය
තාත්තා මෙන්ම අම්මාද ඊට සතුටු විය
උකස් කිරීම ගැන අම්මාට නොකියන්න කියා තාත්තා මට කිව්වේය .තාත්තා කියන දෙයක්
මා එලෙසම පිලි ගන්නෙමි
උකස බේරා ගත්තේ නැත . මම පාසල් ගියෙමි , ඒ ආදරණිය තාත්තා රෝහලක ඇදෙන වැටි
මිය ගියේ ඊට වසර කීයකට පසුවය
එදා මා සායනික ඉගෙනුමට ගියවිට දුටුවේ අර දොස්තර නෝනාය ,ඒ මියගියේ ඇයගේ ස්වාමියාය
කෙසේ නමුදු මමද අද දොස්තර කෙනෙකි
මගේ අත් දැකීමේ හැටියට කිසිවිට දුප්පත් මිනිසුන්ගේ කතා හෑල්ලු කල සිනා නොවන්නෙමි
උපුටා ගැනීම: Premanayake Cyril

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!