එක්තරා යුවළක් විවාහ දිවියට පත්ව ඉතා සතුටින් ආදරයෙන් දිවි ගෙවව්වා.එයාලගේ ජීවිතය සර්ව සම්පූර්ණකල එක් ආදරණීය බව්වෙක් එයාලට හිටියා.ඒ තමා රෙනෝල්ට්
මෙයාලා කෙතරම් ආදරයෙන් බැඳී සිටියාද යත් ඔවුන් තමන්ගෙ සුරතලාට සැලකුයේ තමන්ගෙම දරුවෙක් ලෙසටයි.
කිසිම විටෙක අඩුපාඩුවක් නොපෙන්වා සතුටින් ආදරයෙන් සලකපු එයාලට මේ බව්වා තමන්ගෙ හදවතින්ම දහස් ගුණයක ආදරේ එයාලාට ලබාදුන්නා.
මේ බව්වගෙ තිබූ තවත් එක් සුවිශේෂි ලක්ෂනයක් වූයේ.එයාගේ අතේ තිබූ උපන් ලපයයි.එය ඔවුන්ගේ රටේ මතයකට අනුව බව්වට වගේම පවුලෙ අයටත් වාසනාවේ සලකුණක්ලු.
ඒ වගේම ආගමික කටුයතු වලදි පවා බව්වා වෙනුවෙන් ඔවුන් නිරතුරුවම එයාගෙ යහපත උදෙසා වැඩකරා.උපන්දින වෙනුවෙන් අසරණ බව්වන්ට උදව්කරා.
එහෙත් කාලය දෛවය නොසිතූ ලෙස හරස් වුනා හිටිගමන් දැඩි රෝගාතුර වන රෙනෝල්ට් සදහටම පවුලෙ අයව අතහැර යන්නේ ඒ ආදරනීය යුවල කියාගත නොහැකි වේදනාවකින් හඬවමිනි.
හඬාවැළපෙන ඔවුන් ගෙමිදුලේම එයාව භූමිදානයකර එයා වෙනුවෙන් සිහිවටනයක් නිර්මාණය කරා.
බව්වා වෙනුවෙන් ඉහලින්ම දානමානාදිය දුන් වැන්ග් මහත්මිය දෙවියන්ගෙන් දිගින් දිගටම පැතුවේ එකම එක ඉල්ලීමයි.ඒ තමන්ගෙ මිය ගිය රෙනෝල්ට් දරුවෙක් විලස නැවත තමන්ට ලබාදෙන ලෙසයි.
සති දෙකකට පසු ඇය ගැබ් ගත්තා.ස්වාමිපුරුෂයා ඇයට දැන් බව්වා වෙනුවෙන් නොහඬා දරුවා වෙනුවෙන් මතකය අලුතෙන් පටන්ගන්න ලෙස දිගින් දිගටම ඉල්ලීම් කලා.
මාස 9 ට පසු ඇය දරුවා ප්රසූත කලා හැබැයි පවුලෙ සියල්ලන්ම දරුවා දැක විනාඩි කිහිපයකට ගල්ගැසුනා.
ඒ බව්වාගේ පිහිටා තිබූ උපන් සලකුණ ඒ අයුරින්ම කිසි වෙනසක් නොමැතිව දරුවාගේ ඒ අතේම පිහිටා තිබීමයි.
ඔවුන් පවසන ලෙස ඔවුන්ගෙ මියගිය රෙනෝල්ට් දරුවෙක් ලෙස නැවතත් ඒ ගෙදරම පැමිණියා.
බව්වන්ගේ ලෝකය වෙනුවෙන්.
උපුටා ගැනීම: – කාවින්ද චරිත් –