එවිට රාත්‍රී අටට පමණ වන්නට ඇත .මා රුපවාහිනී ප්‍රවුර්තී අසමින් උන්නේ
පත්ත්රයක්ද බලමිනි
“සර් , ඕ .අයි .සී .මහත්තයාම කවුද අල්ලන් ඇවිත්
සර් කෝ අහනවා “
සවස හය පමණ තෙක් රෝහලට වී සිටියේ සුළු සේවක ආරවුලක්
විසදන සකච්චාවේය , එයද ලෙහෙසි පහසු නොවිණි , සියල්ලෝ
හොදින් ඉන්නා විට කා ,බි එකට නටති . එවිට නීති රීති නොමැතිය
යන්තම් හෝ ආරවුලක් වූ කල්හි ,ආයතන සංග්රහයද කියවා සේ
මස් රාත්තලම ඉල්ලන සේ සන්ඩු කරති
ඉදින් මේ ගැටළු බාගෙට හෝ විසදා නිල නිවසට විත් නාගෙන
හිද ගත්තා පමණි
මගෙන් දිග සුසුමක් පිටවිය
“මෙහෙට එක්කන් එන්න කියන්න පෙරේරා “
“මමත් කිව්වා සර් , මොකද්දෝ ප්‍රයිවට් ප්‍රස්නයක්ලු “
“හ්ම් ..මම එනකම් ඉන්න කියන්න “
ඒ දුෂ්කර පළාතේ රාත්‍රියේ රෝහලේ ගමන් කිරීම පවා භයානක
පොලොන්ගුන් ,කරවලුන් කොහෙන් මතු වේ දැයි කිව නොහැකි බැවිනි
එනිසාවෙන් සවස් වූ කල මා රෝහලට යන්නේ දිගු පාවන් දා එලියක්ද
අනිවාර්යෙන් ගෙන දිගු පොල්ලකුත් අත ඇතිවය
කාර්යාලය අසල බංකුවේ කෙට්ටු මිටි කාන්තාවක් හිදගෙන සිටි
ඈ ලේන්සුවකින් නහය කට වසාගෙන සිටින්නී ඒ ලෙයින් තෙත් වෙලාය .
නහය කට වසා සිටින අත් දෙක අල්ලා මාන්චුද දමා තිබේ
මුහුණ තැලී ලේ පුරා කළු වී තිබේ
ඒ අසල කාන්තා පොලිස් නිලධාරිනියකි
මා කාර්යාලයට ගොස් හිද ගත්තෙමි , එතෙක් කොරිඩෝවේ සිටි ස්ථාන භාර
නිලධාරියා ඇතුලට ආවේය
” ඩොක්ටර් මෙයා නාමල් දෙනියේ , මෙයාගේ මහත්තයා බැංකුවක මැනේජර් කෙනෙක්
අපට කෝල් එකක් ආවා මෙයා එයාට කතුරකින් ඇන්නා කියලා , ගෙදර යද්දී කතුරත්
අතේ තියන් බිම වැටිලා හිටියේ , අපි ඇහුවට තාම කතා නෑ “
” කොහොමත් අපි හොස්පිටල් එකේ නතර කරමු ,ගොඩක් තුවාල නම්
ට්‍රාන්සර් කරන්නත් වෙයි “
“පොඩ්ඩක් කතා කරලා ඉන්න ඩොක්ට ,මේ ගෑණි මොකුත්
කියන්නෙත් නෑ ,අපි යද්දී මනුස්සයා ගෙදරත් නෑ ,තාම හොයනවා
මොකුත් කරලද වෙලාද දන්නේ නෑ ?”
පොලිස් නිලධාරින්ද ඉන්නේ ගැටලුවක සේ පෙනේ .ලේ තැවරුණු දිග කහපාට මිට
ඇති කතුරක්ද ඉටි කවරයක දමා ඔවුන් අත තිබේ
“අපේ වැඩ කරන කෙනෙක් ,නර්ස් කෙනෙක් එක්ක එයා එක්ක
පොඩ්ඩක් කතා කරන්න දෙන්න “
රෝහලේ වාට්ටුවෙන් හෙදියක් හා සුළු සේවිකාවක් ගෙන්වාගත් මා
එළියේ සිටි කාන්තාව කාර්යාලයට ගෙන්වා ගත්තෙමි
ඈ සුදු මැලිව ගොසිනි ,ඇස් මලානික වෙලාය
” මිස් කෝකටත් බ්ලඩ් සුගර් ,ප්‍රෙෂර් බලමුද ?”
අදාළ උපකරණ ඉකමනින් ගෙනවිත් මැන බැලුවෙමි
ඇගේ රුධිර සිනි මට්ටම ඉතා අඩුය ,රුධිර පීඩනයද අඩු වෙලාය , හෙදිය සමගින් එක්වී
සේලයින් දමා සාන්ද්‍ර සිනි රුධිරගත කලෙමි
ඇය කෙදිරි ගාමින් ඇස් අරින්නට විය
කතා නැත කියා හිටියානම් තව පොඩ්ඩෙන් ඈ එලොව යන්නීය
” මොකද්ද නම ?”
” එයා මැරෙනකම් තමයි දිගටම බලාන උන්නේ ..තාම නෑනේ ?”
ඇය අවසිහියෙන් කියවයි , මැය ස්වාමියාට කතුරෙන් ඇන මරා දමලාද ?
ඒ කොහිද , මිනිය කොහිද ?
“කතුරෙන් ඇන්නද ?”
හෙදිය ඇගෙන් විමසුවේ උරහිස් සොලවමිනි
“ඇත්ත කියන්න ,මේ හොස්පිටල් ඉන්නේ
පොලිසිය ගියා “
” අනිනවනම් කි පාරක් ඇනලද මිසි ,මරනවානම් කි පාරක් මරලද
මම ඔය මොකුත් කලේ නෑ . මැරෙනකම් බලන් හිටියා විතරයි
එත් මාව මරන්නයි හැමදාම ලෙස්තිය ..මෙව්වා ඔයාලට තේරෙන්නේ නෑ “
මමද වික්ෂ්ප්ත උනෙමි , ආතතිය මෙන්ම රුධිර සිනි සංයුතියේ අඩුවක් වීම
නිසාවෙන් මැය දොඩවන්නේද ? නැතිනම් ස්වාමියා මරා දමා බොරුවක්
කරන්නේද ?
“ඔයා කියන දේ තේරෙන්න කියන්න ,අපි මොකුත් දන්නේ නෑ
උන දේවල් කිව්වොත් හැමදේම හරියාවි “
“කියන්න කියන්න දුකයි සර් .. නමුත් නොකියා බැරි නිසා කියන්නං ..”
නහයෙන් ලේ ගලන බැවින් හෙදිය පුළුන් තබා ප්ලාස්ටරයක් ගැසුවාය
” මම ගුරුවරියක් සර් , ඉස්කෝලේ විතරක් නෙමේ දහම් පාසලෙත් උගන්වනවා
මම මෙයා එක්ක යාලු උනේ ඉස්කෝලේ එකොළහ පන්තියේ ..අනේ මන්දා
සංසාරේ හුරුවකටද දැක්ක ගමන් හිත් ගියා .. මේක දැනගත්ත එයාගේ ගෙදරින්
අකමැති උනා .. අපි කුලෙන් අඩුය කියලා .. නමුත් පස්සේ හරිගිහින් අපි බැන්දා
ලොකු ප්‍රශ්නයක් නුනට අවුරුද්දෙන් දෙකෙන් අවුල් වෙන්න ගත්තා “
“මොකටද ?”
“අපට දරුවන් නැහැ ..මහත්තයාට ඒක මුලදී ලොකු ගැටළුවක් නුනාට නැන්දම්මලා
අවුස්සලා හිත නරක කළා . මේ නිසා කල් යද්දී යද්දී එයා ටිකෙන් ටික බොන්න
පටන් ගත්තා “
“ඒ මොකද හේතුව හොයා බැලුවේ නැතිද ?”
වද භාවය වෙනුවෙන් ඇය හේතු හොයන්නට ප්‍රතිකාර ගන්නට බොහෝ උත්සාහ
කර තිබුණි . විවිධ පර්යේෂණ විවිධ ප්‍රතිකාර අවසානේ අසමත්ව ගොසිනි .
කුජ බුධ සිකුරු ධෝශයන්ට බැදී සුරද , භූත ප්රෙතාදීන්ට කල පුජාවන්ද
දේව පුජාවන්ද අන්තිමේ නුරුස්නාවෙන් ගුටි බැට හුවමාරුවෙන් දිනෙන් දින
අසතුටින් අවසන් වුවා මිස දරු උපතකට හේතු වී නොමැතිය
ඉතින් ඔහු බීම වන්තයෙකු විය , අවසානේ ඇය මෙසේ සිතුවාය
කොහොම හිටියත් අපවාදයෙන් බේරෙන්නට නොහැකිය
දික් කසාද වී කුමක් කරන්නද .. වෙනත් ඇසුරකට ගියත් බොහෝ අවුල් ඒවි
සියදිවි නසා ගත්තත් අපායට යාවි ,දුප්පත් අම්මා අඩාවි .. ස්වාමියා මරා දැම්මත්
අන්තිමේ පව් මදිවාට හිරේය .එල්ලුම් ගස්ය
ඒ නිසා හොදම දේ ඔහුද ඇයද මියෙන තෙක් ඔහේ ජිවත් වීම පමණකි
ඉදින් ඇය මේ මියෙන තෙක් ජිවත් වන කතාව ඔහු ටිකක් බිමත්
වෙලාවේ කියා ඇත
“උබට ඕනා මම මැරෙනවා දකින්නද ? දැන්ම මරාපිය “
කියා කතුරක් අතට දුන් හේ ඇයට පහර පිට පහර දී සිහසුන් වූ පසු
කතුර අතේ තබා පොලිසියට වෙනත් අයෙකු සේ අමතා මැය ස්වාමියාට
කතුරින් ඇන්නාය කියා සැගවිලාය
කරුණු සොයාගෙන සියල්ල සමාදාන වූ නමුදු , මා හට නිතර සිහිවන ඇගේ
කියමන බොහෝ පවුල් දකිද්දී සිහිවේ
බාහිරින් බොහෝ සිනාමුසු මුහුණින් සිටියත් බොහෝ යුවලවල්
ජිවත් වන්නේ ‘ මැරෙනකම් ඔහේ ‘ කියාද කියා මට සිතෙන වාර බොහෝය
දරුවන් හින්දා ,ලෝක ලැජ්ජාව හින්දා ,කරන්න දෙයක් නැති හින්දා , බැද ගත්ත හින්දා
සේම මියෙනකම් බලාන පවුල් කන ජිවිත ඇති නම් විවාහ කුමටද , කියා කල්පනා කොට
බැලිය යුතුය
උපුටා ගැනීම: Premanayake Cyril