එක් දිනක් මා දුටුවේ පුංචි දෝණියක්. ඔව්, පුංචි දෝණියක්. හැබැයි ඇය දුටුවම මගේ හිත, ඇස් පවා වෙනස්වුණා. ඔව් ඇය කුසේ දරුවෙකු තබාගත් පුංචි දෝණියක්. කොටින්ම අවුරුදු 12ක කෙලිදෙලෙන් දුව පැන යා යුතු දියණියක්.හිමි හිමිහිටඅඩිය තියමින් කුසට අත තබාගෙන උනු දේ සිතාගත නොහැකිව, නමුත් තනිව දරාගෙන හිනැහෙන දියණියක්. අදටත් ඒ දසුන මා සිත පාරවනවා.
ඔබ දැන සිටියාද මේ සමාජයේ වාර්තා වන ළමා ගැබ් ගැනීම් ගැන. වාර්තා නොවන
ළමා ගැබ් ගැනීම් ගැන. මෙවන් ළමා මව්වරුන් ගැන. ඒ අයගේ සිතුවිලි ගැන. ඒ අයගෙ හැගීම් ගැන. නැහැ, ඔබ බොහෝ දෙනෙක් දැන සිට නැහැ. ඒ ළමා මව්වරුන්ට උපදින බිළිඳුන් ගැන. ඒ අයගේ අනාගතය ගැන සහ මේ කරුණ
කථා කළ යුතුම මාතෘකාවක් බව, ඔබ මෙතෙක් දැන නොසිටියා වන්නට ඇත.
මා පෞද්ගලිකව අසා ඇති , දැක ඇති ළමා ගැබ් ගැනීම් වල සිද්ධි අධ්‍යනයන් සිතෙහි
තබා ගනිමින් මේ සටහන තබමි.
මීට වසර 10 පමණ පෙර ළමා ගැබ් ගැනීම් වල චූදිතයා වූයේ බොහෝ විට දියනියගේ පියා,සහෝදරයා, අසල්වැසියා හෝ දන්නා
හඳුනන පුද්ගලයෙකි. වැරදිකරුවන්ට දඩුවම් ලබා දීම අතින් නීතිය නිසි ලෙස ක්‍රියාත්මකවූ සහ නොවූ අවස්ථාවන් ද එමටය.
නමුත් වර්තමානයේ ළමා ගැබ් ගැනීම් බොහෝමයක් සිදු වන්නේ අවුරුදු 12-18 අතර දියණියන් ඇති කර ගන්නා ප්‍රේම සබඳතාවයන් වල ප්‍රතිඵලයක් ලෙස බව පෙනී යයි. මෙහිදී ඇති ප්රධානතමගැටළුව වන්නේ මේ ප්‍රේමවන්තයා විවාහකපුද්ගලයෙකු,සුළු පියා, පියාගේ මිතුරන් වැනිපිරිස් වීමය. ඊටත් එහා සිතා බැලවහොත් තමාගේ ළමා කාලයවිනාශ කර දමා තම කුසට දරුවෙකු දුන් මේ මිනිසුන්ට මේ පුංචි වයසේ දරුවන් දැඩිව බැදී සිටීමයි. එය ප්‍රේමය නොව ආශාවන් නිසා හටගත් බැදීමක් බව සිතන්නට තරම් ඒ පුන්චි හදවත් මෝරා නැතුවා වන්නටද පුලුවනි.
නැවත අධ්‍යාපනයට යොමු වීම වෙනුවට මේ චූදිතයන් සමඟ ගොස් පවුල් ජීවිත ගත කරන්නට සිහින මවන ළමා මව්වරුන් අපේ රටේ සිටින
බව ඔබ දන්නවාද. ඔවුන්ගේ මනස යළි
නිවැරදි සිතුවිලි ගොන්නකට ගැනීමට බොහෝ වෙහෙස දැරිය යුතුව ඇත.
අවසන කෙසේ බැලුවත් අසරණ වන්නේ
තනිවන්නේ, මානසික රෝහල් කරා යන්නේද මේ ළමා මව්වරුන් විය හැක.
උප්පැන්නයේ පියාගේ නමට ඉරක් වැටෙන්නේ මේ රටේ අනාගත පරපුරේ සාමාජිකත්වයට හිමිකම් කියන උපදින බිළිදා නොවන්නේද ?
නිසි මාර්ගෝපදේශනය අවැසි වන්නේමෙවන්දියණියන් හටය. වරද කාගේද කියා සොය සොයා යාම වෙනුවට ඔබට මට කළ හැකි යමක් වේ නමකළයුතු නොවන්නේද.
තම දියණිය මලක් සේ නිර්මාණය කරන්නට එපා, සුකුමාලවිය යුතු තැන්වල සුකුමාල වීමටත්, තමා අකමැති දෙයකට එරෙහි විය යුතු තැන් වල එරෙහි වීමටත්, හඩ නැගිය යුතු තැන හඩ නැගීමටත් හුරුකරවන්න.
දියණියට මේ සමාජයේ විෂකුරු බවද මැනවින් වටහා දෙන්නට උත්සාහ
කරන්න.
ඔබේ දියණිය ඔබේම අනියම් පෙම්වතාගේගොදුරක් කර ඇයගේ ළමා කාලය විනාශ
කරන මවක් වන්නට එපා.
තම දියණිය ආරක්ශා කරමින් තවකෙකුගේ දියණියක් ,සොයුරියක් බිලිගන්නා නරුම පිරිමියෙකු වන්නටද එපා.
ගරු කරන්න සෑම දියණියකටම. ඔබේ පුතාටද කියා දෙන්න සෑම ගැහැනියකටම ගරු කරන්නට. ඔවුන්ට හිමි ළමා කාලය විදින්න දෙන්න.
මව්කිරි සුවඳ යන්නටත් මත්තෙන් ඒ දියණියට ළමා මවක වන්නට හැර ඔබ මොහොතක සුවය
විදින්නට නොයන්න.
ළමා මනස විකෘති
කරන කිසිවක් නොකර සිටීමට වගබලා
ගන්න. ඔබේ ලෙයින් උපන් දියණිය කිසිවෙකුගේ ගොදුරක් වී ළමා මවක් වනතුරු නොසිට සමස්ත දියණියන් වෙනුවෙන් පෙනී සිටින්න.
එකම හෝ දියණියකගේ කුස තුළ පියෙකුගේ නමක් නොමැති බිලිදෙකු නොවැඩෙනු
ඇත.
සිතන්න යමක් ඔබට ඉතිරිව ඇත.
උපුටා ගැනීම: Nimmu Chanu Kumari