“මම ප්රෙග්නන්ට්නේ ඩොක්ටර්”
මට එහෙම කියන්න හිතුනත් මම එහෙම කිව්වේ නෑ. සහේන් ලැබෙත්දි ප්රයිවෙට් හොස්පිටල් එකක ඇඩ්මිට් වෙනවා කියලා මම තීරණය කරේ සල්ලි තියෙන හින්දා නෙමෙයි. එක පැත්තකින් අපි කසාද බැඳලා අවුරුදු 4හමාරක්. මිස්කැරේජස් 2ක්, IUI 5ක්. ඒ කාලේ දිගටම මාව බලපු VOG ගවන්මන්ට් හොස්පිටල් එකක වැඩ කරේ නැති එකත් එක හේතුවක් උනා. දන්න කියන ගොඩක් දෙනෙකුට රජයේ හොස්පිටල් වලදි මූණ දෙන්න වෙච්ච අප්රසන්න අත්දැකීම් එක්ක කොහොමත් මගේ හිතේ තිබුනේ සුළුපටු බයකුත් නෙමෙයි.
ඩොක්ටර් කියපු නිසාම මිඩ්වයිෆ්ට කෝල් කරලා කාඩ් එක ලියවගත්තට එතනින් එහාට මුකත් කරන්න ඕනේ උනේ නැත්තෙත් ඕන කරන හැමදේම ඩොක්ටර්ගේ ප්ලේස් එකෙන් ලැබුන හින්දමයි. ප්රෙග්නන්ට් වෙලා මාස 5 වෙනකොට මගේ පෙනුම බබා ලැබෙන්න කිට්ටුම වෙච්ච අම්මා කෙනෙක්ගේ වගේ වෙනකොට මම හිතුවේ දවසට වේල් 6ක් විතර කන හින්දා කියලා උනාට ඒක එහෙමම උනේ නෑ.
“හැමදේම හොඳින්. එක ප්රශ්නයක් ඇරෙන්න. ඔයාගේ වෝටර් බෑග් එකේ වතුර ප්රමාණය ටිකක් වැඩියි. ෂුගර් වැඩි උනාම තමයි සාමාන්යයෙන් එහෙම වෙන්නේ. සමහර විට ඔයාට සති 40 කිසිම ප්රශ්නයක් නැතුව ඉන්නත් පුළුවන් වෙයි. එහෙම නැතුව ඊට කලින් වෝටර් බෑග් එක ඩැමේජ් උනොත් එක්කෝ ඔයාට සිද්ධ වෙනවා හොස්පිටල් එකක බෙඩ් රෙස්ට් කරන්න, බබා මැචුව වෙනකම්. හදිසියේවත් බබා ඉක්මනට ගන්න උනොත් බබාව බේබි රූම් එකට දාන්න වෙනවා. ඒ දෙකෙන් මොකක් උනත් ලොකු බිලක් ගෙවන්න වෙනවා. ඒක ඔයාට දරාගන්න බැරි වෙයි. හොඳම දේ රජයේ රෝහලක රෙජිස්ටර් වෙන එක”
අකමැත්තෙන් උනත් අපි ඊටපස්සේ හොයලා බැලුවා ගවන්මන්ට් හොස්පිටල් එකක් ටිකක් හරි ෂේප්. එකක් හම්බ උනා. ඒක හරිම ප්රසිද්ධයි, ඒ වගේම අමිහිරි අත්දැකීම් තියෙන අය හිටියත් ඒවා නොසලකා හරින්න පුළුවන් මට්ටමේ ඒවා නිසාම ඒ හොස්පිටල් එකේ වෝඩ් එකක් භාරව හිටපු ටිකක් ප්රසිද්ධ VOG කෙනෙක්ව චැනල් කරා ප්රයිවෙට් හොස්පිටල් එකක. මගේ අංකය 2.
වැඩි සෙනගක් හිටියෙම නෑ. මගේ වාරේ ආවම අපි ඇතුළට ගියා. ඒ යත්දිම නර්ස් හරහා ඩොක්ටර් දන්නවා මම කලින් ආපු නැති අලුත්ම අම්මා කෙනෙක් කියලා. කතා කරන්න කලින් මට ඇඳට නගින්න කියලා, ඊට පස්සේ තමයි මගෙන් ඒ ප්රශ්නේ ඇහුවෙ.
“මොකද මෙච්චර බඩ ?”
ඒ ප්රශ්නෙ VOG කෙනෙක් ප්රෙග්නන්ට් අම්මා කෙනෙක්ගෙන් අහන්න ඕන ප්රශ්නයක්ද කියලා හිතන ගමන් මම ඉතින් මේ ලියනවා වගේම බොහොම පැහැදිලිව මගේ හිස්ට්රි එක සහ අවශ්යතාවය ඩොක්ටර් එක්ක කිව්වා.
“ගොඩක් අයට රජයේ ඉස්පිරිතාල මතක් වෙන්නේ අමාරුවෙ වැටුනම තමයි. එහෙම ඔයාලට හිතුන හිතුන වෙලාවට රෙජිස්ටර් වෙන්න බෑ. අපි කොහොමටවත් සති 12න් පස්සේ අලුත් අම්මලා රෙජිස්ටර් කරගන්නේ නෑ. ඔයාගේ වෝටර්බෑග් එක ඩැමේජ් වෙන දවසෙ හැටියට (සතියට දවස් 3ක් සඳුදා, බදාදා, සෙනසුරාදා වගේ. හරියටම මතක නෑ.) ඉමෙජන්සි ඇඩ්මිශන් එකක් විදියට එන්න පුළුවන්.”
මේ තමයි ඩොක්ටර්ගෙ උත්තරේ. ඔය උඩින් කියපු දවස් නැතුව අනිත් දවස් 4න් එකක ඩැමේජ් උනොත් යන්න තවත් ප්රසිද්ධ කාන්තා රෝහලක නමකුත් කිව්වා. මම ඒ කාමරෙන් එලියට ආවේ තිගැස්සිලා. බලාපොරොත්තු වෙච්ච විදියට වැඩේ කෙරුණේ නැති නිසා නෙමෙයි. ඒ ඩොක්ටර් කතා කරපු ටෝන් එකට.
ඔය වචන ටිකම මම කාටහරි කිව්වනම් කියන්නේ කොහොමද කියලා තමයි මට මුලින්ම හිතුනේ. ඩොක්ටර්ගේ කතාවෙ කිසිම වැරද්දක් නැති උනත් මම ප්රෙග්නන්ට් කෙනෙක් විදියට ඩොක්ටර් ඒක කියපු ස්වරූපයට මට ඇතිවෙන තිගැස්ම බබාට හොඳ නැති බව ඩොක්ටර් නොදන්නවා වෙන්නත් බෑනේ. “ඕවා නම් මොනාද? සමහර අම්මලට තියෙන ප්රශ්නත් එක්ක”. සමහරුන්ට එහෙම හිතෙන්න පුළුවන්. ගොඩක් මිනිස්සු හිතන්නේ එක්කො තමන්ට වෙච්ච දෙයක් එක්ක නැත්තං තමන් දන්න කෙනෙකුට වෙච්ච දෙයක් එක්ක සංසන්දනය කරලා, කිරලා මැනලනේ. ඒත් ඒ වෙනකොට මම වටේට හිටපු හැම කෙනෙක්ම මට ඕනවටත් වැඩිය කරුණාවන්ත වෙලා තිබුන නිසා මට ටික වෙලාවක් යනකම් හිතට හරි නැති ගතියක් දැනිලා, පස්සේ හරි ගිහින් ජීවිත කාලෙටම අමතක නොවෙන තවත් සිද්ධියක් විදියට යටි හිතේ තැන්පත් උනා. ඒ විතරක් නෙවෙයි ඇයි එහෙම උනේ කියලත් මම හැම පැත්තකින්ම කල්පනා කරා.
ඒ ඩොක්ටර්ගේ ආසාව තිබුනේ වෙන රස්සාවක් කරන්නද?
අම්මලා, තාත්තලගේ හරි, වෙන කාගේ හරි උවමනාවකට ඩොක්ටර් කෙනෙක් උනාවත්ද?
ඉගෙන ගන්න කාලේ ගොඩක් දුක් විඳලා ඇත්ද?
ඒ නිසා නිතරම තරහෙන් ඉන්න කෙනෙක්ද?
ෆැමිලි ප්රොබ්ලම්ස් මොනව හරි තියෙනවද?
ඒ නිසා හොඳ මූඩ් එකකින් ඉන්න බැරිද?
මගේ VOG ට පේශන්ට්ලා වැඩි නිසා, ඒ ඩොක්ටර්ට පේශන්ට්ලා අඩු නිසා මගේ ඩොක්ටර්ගේ නම ඇහිච්ච ගමන් වෘත්තීය පැත්තෙන් ඉරිසියාවක්වත් දැනුනද?
වගේ ප්රශ්න ටිකක් මගේ ඔළුවට ඇවිත් මම තීරණය කරා ඩොක්ටර්ගෙ චිත්තවේග සංවර්ධනය වෙලා මදි ඇති කියලා මගේ විෂය පැත්තෙන්. ඒ වෙනකොටත් මුල් ළමාවිය සංවර්ධනය හරියට මැක්කගේ කතාව වගේ වෙලා ඉවරයි මගේ ජීවිතේට.
ගවන්මන්ට් හොස්පිටල් ගැන මගේ හිතේ තිබුන බය තවත් ටිකක් වැඩි උනා. ඊටපස්සේ මම සීනි, පිටි දිහා හැරිලවත් බලන්නේ නැතුව රතු බත්, පරළු පාන්, කුරක්කන් රොටි, බ්රෑන් ක්රැකර්, බාගෙට ඉදිච්ච ඇඹුල් කෙසෙල් කකා ඉතිරි මාස 5 සතියෙන් සතිය හරිම පරිස්සමට ගෙවා ගත්තා දෙවියන්ට කන්නලව් කර කර.
කොයිතරම් ෂුගර් වලට බය උනාද කිව්වොත් හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා කරපු බ්ලඩ් ටෙස්ට් එක බලලා ඩොක්ට කෙනෙක් කිව්වේ,
“ඔයාගේ ෂුගර් ලෙවල් එක හොඳටම බැහැලා. ඔය විදියට ෆාස්ට්න් ඉන්න අමාරු වෙයි. මොනව හරි කන්න”
කියලා. කියන පමාවට හේමන්තව ළඟම තියෙන කැරවැන් එකට යවලා බනිස් ජාති දෙක තුනක් ගෙන්නවගෙන කාලා, හොස්පිටල් එකෙන් දෙන හැම කෑමක්මත් කාලා, බොන්න තියා කටට ළං කරන්නවත් කැමති නැති උනත් අන්තිමට දීපු කිරි වීදුරුවත් බීලා තමයි මම රෑ 10 ඉඳන් ෆාස්ටින් හිටියේ.
සහේන්ට අවුරුද්දක්වත් නෑ මගේ තාත්තගේ අවුරුද්දේ දානෙට බදුල්ලේ යනකොට. දෙසැම්බර් සීතලටද මන්දා යත්දිම සහේන් අසනිප උනා. නිවාඩු ගොඩක් ගන්න බැරි නිසා හේමන්ත පස්සේ එන්න බලාගෙන අපි මුලින්ම ගියපු නිසා එදත් මම හිටියේ සහේන්ගේ අසනීපේ නිසා හිතේ බයෙන්. බදුල්ලේ තියෙන පොඩි ප්රයිවෙට් හොස්පිටල් එකකට ගියේ එතකොට හිටපු පීඩියට්රිෂන්ට අපොයින්මන්ට් එකක් අරන්.
“අම්මයි, පුතයි වාඩිවෙලා කියන්නකො බලන්න විස්තර. ඔයාලා මෙහේ නෙමෙයි නේද?”
“නෑ ඩොක්ට අපි දැන් ඉන්නේ පිළියන්දල. තාත්තාගේ අවුරුද්දේ දානෙට තමයි මෙහේ ආවෙ. ආපු ගමන් බබා අසනීප උනා”
ඒ විදිහට පටන් ගත්ත කතාව ඉවර උනාම බය වෙන්න දෙයක් නෑ කියලා බෙහෙත් තුන් ජාතියක් හරිම ලස්සන අත් අකුරෙන් ලියලා දීපු ඒ ඩොක්ටර්වත් කවදාවත් අමතක වෙන්නේ නැති විදියට මගේ යටි හිතේ හිතේ
තැම්පත් උනා.
“සතුටින් ඉගෙන ගෙන, තමන්ගේ හීනය හැබැ කරගෙන සතුටින් ජීවත් වෙන මනුස්සයෙක්”
මට එහෙමයි හිතුනේ. හිතලා විතරක් නිකං හිටියේ නෑ මම. හොයලත් බැලුවා. මගේ අනුමානය හරි ගිහින් තිබුනා. ගොඩක් හොඳයි කියලා ප්රසිද්ධ එස්එල්ඒඑස් ඔෆිසර් කෙනෙක්ගේ පුතෙක් වෙච්ච ඒ ඩොක්ටර් සතුටෙන් ජීවත් වෙච්ච, වෝඩ් එකේදි තමන්ගේ ස්ටාෆ් එකට වගේම පේශන්ට්ලටත් කරුණාව දක්වපු කෙනෙක් කියලා දැනගන්න ලැබුණා. ඒ ප්රෙස්ක්රිප්ශන් එක ගොඩක් කාලයක් මම ළඟ තිබුනා. ෆාමසිස්ට්ලට විතරක් කියවන්න පුළුවන් විදියට බෙහෙත් ලියන ඩොක්ටස්ලා අතරේ ඒ අකුරු මගේ හිතට පුදුමයක් ගෙනාවා විතරයි නෙවෙයි පේරන්ටල් අවෙයානස් වලදී මම එක පෙන්නුවා සතූටින් රස්සාව කරන කෙනෙකුට සාක්ෂියක් විදියට.
ඔය ඩොක්ටර්ස්ලා දෙන්නාගේ අතර මැද ඩොක්ටර්ස්ලා ඊට කලිනුත් ඊට පස්සෙත් මට, අපිට මුණ ගැහිලා තියෙනවා. සමහරු හරිම ප්රසන්න විදියට තවමත් මගේ මතකේ තියෙනවා.
මොන වෘත්තියක නියැලුනත් දවස ගානේ අපිට මුණ ගැහෙන මිනිස්සුත් එක්ක හොඳින් ගනුදෙනු කරන්න පුළුවන් නම් අපි හැමෝටම පුළුවන් කාගේ හරි හිතේ ප්රසන්න මතකයක් වෙන්න. අඩුම ගානේ අප්රසන්න මතකයක් නොවී ඉන්න. දරුවෙක් පුංචි කාලෙදිම ඔය දේවල් හදන්න ඕනේ කියලා කිව්වත් වැඩහිටියෙකුට උනත් බැරි කමක් නෑ හිතලා බලන්න මේ ජීවත් වෙන ටික කාලෙදි අපි ඇයි මිනිස්සුන්ගේ හිත් නිරපරාදේ රිද්දන්නේ කියලා එහෙම නොකර ඉන්න පුළුවන්කම තියෙත්දිත්.
උපුටා ගැනීම: Anu Jayawardane