ඔබ අනිවාර්යෙන් හෙපටයිටිස් B(Hepatitis
ගැන අසා ඇති.සමහර විට ඒ සදහා වන එන්නතත් ලබාගෙන ඇති.ඒත් හෙපටයිටිස් කියන්නේ මොකක්ද කියල හොයල තියනවද??

හෙපටයිටිස් (Hepatitis) යන්නෙයි වචනාර්ථය නම් අක්මාවේ ඇති වන ඉදිමුව යන්නයි. Hepatitis වයිරස වර්ග පහක් පමණ ඇති(A,B,C,D හා E) බව කියවේ.සමහර හෙපටයිටිස් වෛරස් මගින් fibrosis, සිරෝසිස්, අක්මාව අකර්මන්ය වීම හෝ අක්මා පිළිකා ඇති විය හැක.
හෙපටයිටිස් බී වෛරසය (HBV) උග්ර හා කල් පවතින අක්මා ආසාදන ඇති කළ හැකිය. ආසාදිත රුධිර නිෂ්පාදන(infected blood products), අනාරක්ෂිත ලිංගිකත්වය, ඉඳිකටු, රේසර් බ්ලේඩ්, දන්ත හෝ වෛද්ය උපකරණ, පරික්ෂා නොකළ රුධිර පාරවිලයනය හෝ උපතේදී මවගෙන් දරුවාට සම්ප්රේෂණය වේ.
රෝග ලක්ෂණ ඇති අය සාමාන්යයෙන් වෛරසයට නිරාවරණය වීමෙන් දින 30 සිට මාස 6 දක්වා රෝගාතුර වීම සිදු විය හැක.. තෙහෙට්ටුව, ඔක්කාරය, උදර වේදනාව, අඳුරු මුත්රා සහ සෙංගමාලය වැනි රෝග ලක්ෂණ දැකිය හැකි වේ. මෙම රෝගය සති කිහිපයක් පැවතිය හැකි අතර සමහර වැඩිහිටියන්ට ආසාදනය වීමෙන් පසු නිදන්ගත වාහකයන් බවට පත්විය හැකිය. හෙපටයිටිස් බී නිදන්ගත අක්මා ආසාදන, අක්මාවේ සිරෝසිස් හෝ අක්මා පිළිකා ඇති කරයි. බොහෝ වයස අවුරුදු පහට අඩු දරුවන් තුළ රෝග ලක්ෂණ නොපෙන්විය හැකි නමුත් ඔවුන් නිදන්ගත වාහකයන් බවට පත්විය හැකිය. බොහෝ රටවල් දැන් දරුවන් කුඩා කාලයේදීම මේ සදහා වන එන්නත් ලබා දීම සිදු කරනු ලබයි.
හෙදියන්, වෛද්යවරුන්,දන්ත වෛද්යවරුන් හා රසායනාගාර සේවකයන් වැනි සෞඛ්ය ක්ෂේත්රයේ කටයුතු කරන පුද්ගලයන් මෙන්ම ගුරුවරුන්, ආධාර සේවකයින් සහ මිෂනාරිවරුන් වැනි ජනතාව සමඟ සමීපව කටයුතු කරන පුද්ගලයන් හට මෙම වයිරසය ශරීර ගත වීමේ වැඩි අවදානමක් ඇති හෙයින් ඔවුන්ට හෙපටයිටිස් සදහා වන එන්නත ලබා ගැනීම වෛද්යවරුන් නිර්දේශ කරනු ලබයි. මේ සදහා ලබා දෙන එන්නත් දීර්ග කාලීනව ඔබව වෛරසයෙන් ආරක්ෂා කරනු ලබයි.
ඔබ විදෙස් ගත වීමට හෝ දිගු චාරිකාවක යාමට අදහස් කරගෙන සිටිනවානම් ඔබේ වෛද්ය වරයා සමග සාකච්චා කර අදාළ සෞක්ය උපදෙස් පිළිපැදීම නුවනට හුරු ක්රියාවකි.
කෙසේ නමුත් රැවුල කපන උපකරණ,ඖශධ එන්නත් කිරීමට බවිත කරන කටු වැනි දෑ පොදුවේ භාවිතයෙන් වැලකීම.අනාරක්ෂිත ලෙස පච්චා(tattoo) කෙටීමෙන් වැලකීම. වැනි කරුණ අනුගමනය කිරීමෙන් ඔබට හෙපටයිටිස් වෛරසයෙන් ආරක්ෂා විය හැක.
උපුටා ගැනීම: විශ්ව සගරාව – Wishwa Sagarawa