එදිනෙදා කාර්ය බහුල ජීවිතයක් ගත කරන අප සියලු දෙනා දැනුවත් කමින් හෝ නොදැනුවත් කමින් සිදුකරන සිදුවීම් නිසා ලොව පුරා මදුරු ග්‍රහණය සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. මිනිසා මරණය වෙත රැගෙන යන ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය ද ඊට සාපේක්ෂව වර්ධනය වී තිබීම භයානකය. මදුරුවන් ඇතිවීම වැළැක්වීම උදෙසා පරිසර හිතකාමී වැඩ කටයුතු සිදු කළද නගරබද ආශ්‍රිතව මදුරු ග්‍රහණය නම් අඩුවක් නැත.
බොහෝවිට මදුරු උවදුරින් මිදීමට තම නිවෙස් අවට පිරිසිදු කරනවා වෙනුවට මිනිසුන් වෙනත් විවිධ උපක්‍රම භාවිතා කරයි. එනම් වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි මදුරු කොයිල්, විකර්ෂණ ක්‍රීම් හෝ ලෝෂන් අද වන විට වැඩි වශයෙන් භාවිතා කිරීමට පෙළඹතිබේ. මදුරු කොයිල් භාවිතය ඒ අතර වැඩි ප්‍රසිද්ධියක් උසුලයි. මදුරු කොයිල් භාවිතය මදුරුවන්ටත් වඩා භයානක බව අද වන විට තහවුරු කර ගෙන තිබේ. එනම් මදුරු කොයිල් භාවිතා කරන්නෙකුට දුම්වැටි 130 දැල්වීමෙන් ශරීරයට ඇතුළු වන විෂ එක මදුරු කොයිල් එකකින් ශරීරයට ඇතුළු වන බව තහවුරු කරගෙන තිබේ.

මදුරු කොයිල් වල පර්මිත්‍රින්,ඇලත්‍රීන්, ඩීට්‍රාන්ස් ඇලත්‍රින් ආදී පිරත්‍රොයිඩ ක්‍රියාකාරී සංඝටක ලෙසද පිරවුම් ද්‍රව්‍ය හා දාහක ලෙස ගොම කුඩු ලී කුඩු හා නොයෙක් වර්ණ සංඝටක අන්තර්ගතය. මෙහි අඩංගු පිරිතොයිඩ් කාණ්ඩයේ රසායනික සංඝටක ක්ෂීරපායින්ට බෙහෙවින් බලපාන බව තහවුරු වී ඇත.
මදුරු කොයිල් දිගු කාලයක් භාවිතා කිරීම හේතුවෙන් කැස්ස, හිසරදය, වමනය, හුස්ම ගැනීමේ අපහසුතා, නාසය හා උගුර ආශිත ඇති වන දැවිල්ල, ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන දැවිල්ල ,ඇදුම ආදී කෙටිකාලීන ශරීර සංකූලතා ඇති විමේ ප්‍රවණතාවය වැඩිය. ඊට අමතරව ප්‍රතිශක්තිකරණය යට හානි වීම ,ඇස් පෙනීම අඩු වීම, පිළිකා හට ගැනීම, ස්නායුපද්ධතිය අක්‍රමවත් වීම, අක්මාව දුර්වල වීම ආදී නොයෙක් රෝගාබාධ ඇතිවිය හැකිය.
මදුරු කොයිල් වල අඩංගු ඇලත්‍රීන් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවේ. එයින් නොයෙක් ලෙඩ රෝග ඇතිවීමේ දැඩි ප්‍රවණතාවයක් මෙන්ම වැළදුන රෝග උත්සන්න වීමේ ප්‍රවණතාවයක්ද ඇතිවේ.ඊට අමතරව ඇලත්‍රින් මගින් මොළයේ අභ්‍යන්තර රුධිර වහනය වැළැක්වීම සිදු කරන අතර එමගින් මොළයට සෘණාත්මක බලපෑමක් ඇති වේ. මෙමගින් මොළයේ ස්නායු සෛල වලට වන හානිය පසුකාලීනව නොයෙක් ශරීර ආබාධ ඇතිවීමට ප්‍රබල වශයෙන් හේතු පාදක වන බව සොයාගෙන තිබේ.

මීට අමතරව මදුරු කොයිල් වල අඩංගු ඩී ට්‍රාන්ස්න් ඇලත්‍රින් නම් රසායනය මගින් මිනිසාගේ හෝමෝන පද්ධතියට ද සෘණාත්මක බලපෑමක් සිදු කරයි. එය මද සරුභාවයට හේතුවේ. එමෙන්ම ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා ඇති වීමටත් මෙය හේතු කාරකයක් විය හැකිය.
එමෙන්ම මදුරු කොයිල් වල අඩංගු කාබනිල් සහ බහුකාබනික, බහු චක්‍රිය ඇරෝමැටික ආදී විෂ රසායනික සංයෝග දීර්ඝ කාලීනව ශරීරයට එකතු වීමෙන් පිළිකා වැනි රෝග වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින බව අද වන විට වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මදුරු කොයිල් භාවිතා නොකර දරුවන් මදුරු උවදුරෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේද ?මදුරු කොයිල් භාවිතය කුඩා දරුවන්ට ඉතාමත් අහිතකර බව අද වන විට වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු කර ගෙන තිබේ. මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට නම් පළමුව කළ යුත්තේ මදුරු දැල් භාවිතා කිරීමයි. මන්ද මදුරු කොයිල් භාවිතය වැඩිහිටියන්ටද බොහෝ අතුරු ආබාධ ඇති කරයි. ඒ නිසාම ඔබ පළමුව කළ යුත්තේ මදුරු දැල් භාවිතා කිරීමයි.
ඊට අමතරව ඔබේ ගෙවත්ත වටපිටාව හොදින් පිරිසිදු කර ගත යුතුය. එමෙන්ම තද වර්ණ වලට මදුරුවන්ගේ ආකාර්ශනය වැඩි බැවින් ලා පැහැති වර්ණයෙන් යුතු ඇඳුම් කුඩා දරුවන්ට ඇන්ඳවීම වඩාත් සුදුසු වේ. මදුරුවන් ගැවසෙන ස්ථාන වලට දරුවාට යාමට ඉඩ නොදිය යුතු සේම මදුරුවන් ගැවසෙන කාලය තුළ දරුවාගේ සිරුර හොඳින් ආවරණය කර තැබීමද දරුවාගේ ආරක්ෂාවට බෙහෙවින් ඉවහල් වේ.

මදුරුවන් ස්වභාවිකව පලවා හරින පැළෑටි වර්ග ගෙවත්තේ සිටුවීමද මදුරු කරදරෙන් මිදීමට කළ හැකි ප්‍රතිකර්ම අතර තවත් එක් ප්‍රතිකර්මයක් වේ.කෙසේ වෙතත් මදුරු කොයිල් භාවිතය කුඩා දරුවන්ට හා ගැබිනි මවිවරුන්ට , කාන්තාවන් ට වැඩි වශයෙන් බලපෑම් කරන හෙයින් මදුරු කොයිල් භාවිතය අවම කරන්නේ නම් එය සියලු දෙනාගේ යහපත් සෞඛ්‍යයට බෙහෙවින් හේතු පාදක වේ.
මදුරුවන් බෝවීම වැළැක්වීමට පළමුව කළ යුත්තේ ඔබේ ගෙවත්තේ මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි පරීක්ෂා කර බලා එවැනි තැන් පිරිසිදු කිරීමය. මීට අමතරව හැකි නම් මදුරුතලා කොළ සහ කොහොඹ කොල අගුරු මත තබා උදේ සවස නිවස තුළ දුම් ඇල්ලීමේන්ද මදුරුවන් පලවා හැරිය හැකිය. ඔබත් මදුරු වුවදුර ඔබේ පවුලට හිතකර අයුරින් මැඩපැවැත්වීමට කටයුතු කරන්න.
උපුටා ගැනීම: Hela Rahas