මොනාලිසා කියන ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද සිතුවම ලොව ඇති ජනප්රියතම චිත්රයක්. ඒත් ඇයි හැමෝම මේ මොනාලිසා චිත්රය ට මේ තරම් කැමති. ඒ ඇයගේ ගුප්ත එහෙත් ආකර්ෂණීය සිනහව නිසාද ? නිසා ද එහෙමත් නැත්නම් මේ චිත්රය ලෝකප්රකට චිත්රශිල්පී ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණයක් නිසා ද? එහෙමත් නැත්නම් ඇයගේ අනන්යතාව සම්බන්ධව පවතින මතභේදාත්මක ස්වභාවය නිසා ද? ඒත් උත්තරය නැහැ කියන එකයි.
මේ චිත්රය අනර්ඝ කලා නිර්මාණයක් තමයි. ඒත් එක්දහස් නවසිය ගණන්වල මුල් භාගය මේ චිත්රයට එතරම් පිළිගැනීමක් තිබ්බේ නැහැ. මෙය එතරම් ප්රසිද්ධ කලා නිර්මාණයකුත් නෙවෙයි. මේ නිර්මාණය මෙච්චර ප්රසිද්ධ කළේ එක්තරා හොරෙක් කිව්වොත් ඔබ මොකද කියන්නේ? මේ චිත්රය 1911 අගෝස්තු විසි එක්වැනි දින යමෙක් විසින් හොරා ගන්නවා. Vincenzo Peruggia කියන ඉතාලි ජාතික පුද්ගලයා තමා මේ වැඩේ කරන්නේ. ඔහු මේ ලූවර් කෞතුකාගාරයේ සේවකයෙක්. ඔහුට වීදුරු මය රාමුවක් හදන්න කියලා මොනාලිසා චිත්රය ලබා දෙනවා. මේ රාමුව හදලා ඉවර උනාට පස්සේ ඔහු කෞතුකාගාරයෙන් එළියට යන්නේ නැහැ. කෞතුකාගාරය ඇතුලෙ හැංගිලා ඉන්නවා මුළු රෑම. පහුවෙනිදා උදේ කෞතුකාගාරය විවෘත කරහම ඔහු මොනාලිසා චිත්රය තමන්ගේ කබාය තුල සගවාගෙන කෞතුකාගාරයෙන් එළියට යනවා.
පලවෙනි දවසේ මේ චිත්රය නෑ කියලා කවුරුත් දැනගෙන හිටියෙ නැහැ. කෞතුකාගාර කාර්යමණ්ඩලයේ හිතුවේ චිත්ර ප්රතිසංස්කරණට අරං ගිහින් කියලා. ඒ තරමට මේ චිත්රය ගැන කාර්ය මණ්ඩලය තැකීමක් කළේ නෑ. ඒකට එච්චර ආරක්ෂාවක් තියලා තිබ්බෙත් නෑ. දවස් දෙකකට පස්සේ මොනාලිසා චිත්රය පිටපත් කරන්න ආපු චිත්ශිල්පියෙක් දැනගන්නවා මේ චිත්රය නෑ කියලා. එතනදි මේ ප්රවෘත්තිය මීඩියා වල පත්තර වල හැම තැනම ප්රසිද්ධ වෙනවා. මේ ප්රවෘත්තිය මුළු ලෝකෙම පත්තර වල මුල් පිටුවේ සඳහන් ප්රවෘත්ති බවට පත්වෙනවා. ලූවර් කෞතුකාගාරය ලෝක ප්රසිද්ධ වෙනවා. මිනිස්සු මිලියන ගණන් මොනාලිසා චිත්රය හොරකම් කරලා ඉතුරු වෙලා තිබ්බ බිත්තිය බලන්න යනවා. පොලීසියට මේ චිත්රය හොරකම් කරපු පුද්ගලයව හොයාගන්න බැරිවෙනවා. අන්තිමට පැබ්ලෝ පිකාසෝ මේ හොරකමට සැක කරනවා.
ඊළඟ අවුරුදු දෙක ඇතුළත මේ චිත්රය ගැන හැමෝටම අමතක වෙලා යනවා. 1913 දී චිත්ර එකතු කරන්නකු වන Alfred Geri ට ඉතා අමුතු ආකාරයka ලියුමක් හම්බවෙනවා. එහි එවන්නා සඳහන් කරලා තිබ්බේ තමා මොනාලිසා චිත්රය හොරකම් කළ බවත් එය දැන් ඔහුට විකිණීමට වුවමනා බවත්. ඉතින් මේ Alfred Geri කියන පුද්ගලයා ඉතාලියට ගිහින් හොරාව හම්බවෙනවා එම චිත්රය ඇත්තම මොනාලිසා චිත්රය තමයි කියලා සැක හැර දැනගත්තට පස්සේ ඔහු මේක ගන්නවා. එච්චර කාලයක් චිත්රය තිබිලා තියෙන්නේ Vincenzo Peruggia ගේ ඇද යට.
ඒ වගේම මේ චිත්ර එකතු කරන්නා මේ ඔත්තුව පොලිසියට දුන්නට පස්සේ අත්අඩංගුවට ගන්නවා. ඔහුගේ අධිකරණය විසින් චිත්රය සොරකම් කිරීමට හේතු විමසද්දී ඔහු කියන්නේ ඔහු මොනාලිසා ට ආදරය කරන බවයි. ඒ වගේම ලියනාඩෝ ඩාවින්චි ඉතාලියානු ජාතිකයෙක් නිසා මොනාලිසා චිත්රය ඉතාලියට අයත් විය යුතු බව කියනවා. මොනාලිසා නැවත ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කරනවා. Vincenzo Peruggia අවුරුද්දක සිර දඬුවමදඬුවමකට යටත් කරනවා ඔක්කොටම පස්සේ මේ හොරාට පින් සිද්ද වෙන්න සිද්ධ වුණේ මොනාලිසා චිත්‍රය ලොව ජනප්‍රියතම චිත්‍රය බවට පත්වීමයි.
රන්දිකා සමරකෝන්
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි
මොනාලිසා මෙහෙමයි කියල කවුද දන්නේ………. (වැල්වටාරම්)
Share With Friends
Facebook
WhatsApp
Telegram
LinkedIn
Email