ප්‍රංශ විප්ලවය තුලින් එක් පුද්ගලයෙක් තමන්ගෙම ගමනක් පටන් ගන්නවා. ඒ තමයි නැපෝලියන් බොනපාට්. ප්‍රංශ විප්ලවය සමඟයි මොහු කරලියට පැමිණෙන්නේ. පසුව මොහු ප්‍රංශයේ අධිරාජ්‍යයා බවට පත්වෙනවා.
මේ කියන්නේ ප්‍රංශ අධිරාජ්‍යා වු නැපෝලියන්ගේ ජීවීතයේ වැඩි ප්‍රසිද්ධියක් ඉසිලු නැති අප්‍රසිද්ධ ව ඇති ඔහුගේ ජීවිතයට සම්බන්ධ සිද්ධීන් කිහිපයකුයි.
මුලින්ම කියනවානම් නැපෝලියන්ගේ මව වුණු ලැටීෂියට නැපෝලියන් බොනපාට් ලැබෙන්නට ඉද්දී දොළදුකක් ඇතිවෙලා තියෙනවා. ඒ තමයි ලෝකයේ පවතින සියලුම රටවල් ගෙත්තමකට නගන එක. නැපෝලියන් බිහිවෙන අවස්ථාවේදී මේ ගෙත්තම සම්පූර්ණ වෙලා තිබිලා නැහැ. නැපෝලියන් බිහිවුණේ මේ ගෙත්තම මත කියනවා. නමුත් ලැටීෂියා මේ කතාව ප්‍රතික්ෂේප කළා. එහෙත් ඒ කතාවේ තියෙන විචිත්‍රවත් ගතිය නිසා තාමත් බොහෝ දෙනෙක් මේ කතාව විශ්වාස කරනවා.

තව දෙයක් නම් නැපෝලියන් කියන්නේ දක්ෂ රණශූරයෙක් වගේම උසස් රසඥතාවයක් තිබ්බ කෙනෙක්. මේ නිසා මුළු ජීවිත කාලය පුරාම ඔහු කලා නිර්මාණ වලට දැඩි ආශාවක් දැක්වූවා. මේ නිසා බොහෝ රටවල් ආක්‍රමණය කරද්දී ඒ රටවල කලා නිර්මාණ ප්‍රංශයට ගෙන එන්න කටයුතු කරා.ඒ වෙනකොට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තිබ්බ සුප්‍රකට සිතුවමක් නැපෝලියන් තමන්ගේ නිදන කාමරය අලංකාර කරන්න යොදා ගත්තා. ඒ තමයි “මොනාලිසා” චිත්‍රය.

තවත් දෙයක් නම් ලෝකයේ සුප්‍රකට ආදර අතර නැපෝලියන් සහ ජොසපින් අතර තිබුණු ආදරයට ප්‍රධාන තැනක් ලැබෙනවා. එහි විශේෂත්වය තියෙන්නේ මේ සම්බන්ධතාවය සීයට සීයක් අවංකව වුණේ නැහැ. දෙදෙනාටම වෙනත් සම්බන්ධතා තිබ්බා. නමුත් ඒ කොහොම වුණත් දෙදෙනාම දෙදෙනාට දැඩිව ආදරය කළා. දෙදෙනාම මිය යන අවස්ථාවේදී අනෙක් කෙනාගේ නම අවසාන වචනය වශයෙන් කිව්වා කියල විශ්වාස කෙරෙනවා. නැපෝලියන් බොනපාට් හා විවාහ වෙද්දී ජොසපින් දරුවන් දෙදෙනෙක් සිටි මවක්. ඒ දරුවන් දෙදෙනාටත් නැපෝලියන් දැඩි ලෙස ආදරය කළා. මේ නිසාම ජෝසපින්ගේ දියණිය වුණු හර්ටෙන්ස්ව නැපෝලියන්ගේ තවත් සහෝදරයෙකු වුණු ලුයිස් බොනපාට්ට විවාහ කරලා දෙන්න නැපෝලියන් කටයුතු කරලා තියෙනවා.
ඒ වගේම ප්‍රංශයේ අධිරාජයා විදිහට නැපෝලියන්ව අභිෂේක ගන්වන උත්සවයට එවකට සිටි පාප්වහන්සේ වන හත්වැනි පියුස් පාප් වහන්සේ වැඩම කළා. එම අවස්ථාවේදී කලින් ඇතිකරගත් එකඟතාවයක් මත නැපෝලියන්ගේ කිරුළ සහ වෙනත් රාජකීය ආභරණවලට පාප්වහන්සේ ආශීර්වාද ගන්වනු ලැබුවා. ඉන් අනතුරුව නැපෝලියන් පළමුව කිරුළ තමන්ටම පළඳවා ගෙන අනතුරුව ජොසපින් හට කිරුළ පළඳවා තියෙනවා.

එසේම පසුව නැපෝලියන් බොනපාට් ට ඔහුගේ පරාජයෙන් පස්සේ වෙනත් දූපතකට යන්න වුණා. ඒ ශාන්ත හෙලේනාවට. ශාන්ත හෙලේනාව අප්‍රිකා මහද්වීපයේ දූපතක්.
තවද නැපෝලියන් මිටි පුද්ගලයෙකු ලෙස මත පලවුනා. ඊට හේතුව නැපෝලියන් මිය ගිය පසු ඔහුගේ මරණ පරීක්ෂණය සිදු කරපු වෛද්‍යවරයා තබපු සටහනයි. ඔහුගේ සටහනේ සඳහන් වෙලා තිබ්බේ ප්‍රංශයේ පැවති ක්‍රමය අනුව නැපෝලියන්ගේ උස අඩි පහයි අඟල් දෙකයි කියලා. නමුත් සාමාන්‍යයෙන් අපි භාවිතා කරන වර්තමාන මිනුම් ක්‍රමය අනුව නැපෝලියන්ගේ උස අඩි 5කුත් අඟල් හයාමාරයක් බව සඳහන් කෙරෙනවා.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් සියවස් කීපයක් විශ්වාස කළේ නැපෝලියන් බොනපාට් මියගියේ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණයකින් කියලා. නමුත් පසු කාලෙකදී පර්යේෂණ මගින් අද වෙනකොට නැපෝලියන් මියගියේ උදරයේ ඇතිවුණු පිළිකාවකින් නිසා යන්න තහවුරු වෙලා තියෙනවා.
මේ හැමදෙයක්ම පාහේ නැපෝලියන් ගේ ජීවිතයේ වැඩි කතාබහට ලක්නොවුනු දේවල් ලෙස දක්වන්න පුලුවන්.
උපුටා ගැනීම: The Lanka Post