මොනොලිත් ( කලු ස්ථම්භය ) (විද්යා හා තාක්ෂණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ දවස් වල එකපාරටම ලැව්ගින්නක් වගේ පැතිරිලා යන photo ටිකක් හමු උනා. දැනට මේකට කියන්නෙ මොනෝලිත් කියලා (මොනොලිත් කියන්නෙ space odyssey collection එකේ කලු ස්ථම්භයටම තමයි) මේක නොවැම්බර් 18 වෙනිදා එකපාරටම හොයාගත්ත හරි අරුම පුදුම දෙයක්. හමු වෙලා තියෙන්නේ උකුස්සො සහ බැටලුවෝ ගැන කරපු හෙලිකොප්ටර් පරීක්ෂණයක් අතරෙ.
මුලින්ම කියන්න ඕන දැනට නිකුත් වෙලා තියෙන video වල හැටියට බලද්දි නං මේක ලෝහ ප්රිස්මයක්. ඒ වගේම හොඳින් ඔප දාපු රිදී පාට පෘශ්ට තමයි මේකට තියෙන්නේ. ඒ වගේම මේක තියෙන්නේ එක්සත් ජනපදයේ ඌටා කියන ජනපදයෙ. මේ ඌටා ජනපදය කියන්නෙ ත් ටිකක් අමුතු ප්රදේශයක්. ලෝක ප්රසිද්ධ සෝල්ට් ලේක් සිටි නගරය තියෙන්නේ මෙහේ. ඒ වගේම ලෝකයේ ප්රසිද්ධ ගුප්ත ආගමක් වෙන මෝමෝන් ආගමේත් මූලාරම්භය වෙන්නෙ ඌටාව.
ඌටාවෙ මේ කියන ප්රදේශය ජනශුන්ය වගේම මිනිස් ඉදිකිරීම් කරන්න තහනම් කාන්තාර දේශගුණයට හුරු ප්රදේශයක්. ගොඩක් අය කියනවා මේක මිනිස්සු මොහොක හරි movie එකකට ගත්ත පසුතලයක්, පස්සෙ කාලෙක මෙතනට ගේන්න ඇති කියලා. ඒත් හරියට බැලුවොත් ඔයාලට පෙනේවි මේ තැනට ලඟාවෙන්න ටිකක් අමාරුයි කියලා. ඒ වගේම මේ හරියෙ පරිසරය ගොඩාක් දුරට අඟහරු මතුපිටට සමානයි. (ඒක නං මට හිතුන ටිකක් ෆැන්ටසි කතාවක්)
ඉතින් මිනිස්සුන්ට ලඟාවෙන්න මෙච්චර අමාරු තැනක කිරිටොයියා වගේ මෙහෙම දෙයක් තියෙන්නේ කොහොමද?😎🙄
මෙතනදි සමහර post වල මම දැක්කා කට්ටිය කියලා තියෙනවා, සර් ආතර් සී ක්ලාක් මහත්තයගෙ පොත්වල එන කලු ස්ථම්භය ගැන. ආතර් සී ක්ලාක් කියන්නෙ විද්යාත්මකව අනාගතය ගැන අනාවැකි කිව්ව විද්යාඥයෙක් මිසක් අනාගතය දැකපු (පේන) කෙනෙක් නෙවෙයි. මේ පොත් මාලාවෙ කලු ස්ථම්භ ගැන එක එක තැන්වලදි කියවෙනවා. 2001 පොතේදි මුල්ම එක පෘථිවිය මත වානරයන් ඉන්න කාලෙ තමයි මේ සෞරග්රහ මන්ඩලය හරහා ගියපු ජීවීන් කොට්ටාසය මේක හැදුවා කියල තියෙන්නේ. ඊලගට තියෙන්නේ ඊට වඩා ගොඩාක් ලොකු එකක් 2010, 2061 පොත්වලදි බ්රහස්පති ලඟ. ඒක වෙනත් මන්දාකිණියකට යන දොරක් වගේ. ඩේවිඩ් බෝමෝන් එකපාරක් ඒක හරහා යනවා. (මම 3001 නම් කියවලා නෑ. ඒත් මන් දන්න විදියට ඒකෙ නං තියෙන්නේ අන්තිම කලු ස්ථම්භය පෘථිවිය මත තියෙන කතාවක්. මේ විස්තර වලදි මම වැරදියි නම් කියන්න)
හැබැයි ඒ කලු ස්ථම්බ ඔක්කොම ඝනකාභ හැඩයෙ ඒවා. ඒත් මේක ප්රිස්මයක හැඩයෙ. ඒකත් මෙතනදි එන ප්රශ්නයක්. සාමාන්යයෙන් ප්රිස්ම වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ ප්රකාශ විද්යාවෙදි. ඒත් මෙතන එහෙම සීන් එකක් පේන්නත් නෑ. Photo වල පේන විදියට මේක මිනිස්සු 2ක් තරම් උසයි. අඩි 10-12 තරම් කියල තමයි එයාලා කියන්නෙත්. කොහොම උනත් එහේ මහජන ආරක්ෂන දෙපාර්තමේන්තුව යටතේ ඉන්න ලුතිනන් නික් ස්ට්රීට් කියල තියෙන්නේ නං මේක කොහෙත්ම පිටසක්වල ඉදිකිරීමක් නෙවෙයි කියලයි. ඉතින් කොහොමටත් ඉස්සරහදි මේකත් අර රොස්වෙල් බැලූන් එක වගේ වෙන්නත් බැරි නෑ😂😂
අන්තිමටම කියන්න ඕන මේ විස්තර ටික හොයාගන්න උදව් කරපු කස්ටියටත් thanks 🙏 . අලුත් විස්තර තියෙනවනං comment කරන්න.
සටහන
සිනෙර රිද්මික
මූලාශ්‍රය: Nivarthana Gamage

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!