අපි හැමෝම යම් යම් අවස්ථාවලදී ප්රථම ප්රේමය ගැන කතා කරනවනේ..කියන්න සන්තෝෂයි හිතවතුනි, අර සොත්තිසේන රජතුමාගේ රජකම වගේ, මගේ ප්රථම ප්රේමය තිබ්බෙත් එක දවසයි..!!
එයාව මට සෙට්වුනේ මොන්ටිසෝරියෙදී.. ඒක තිබ්බේ පන්සලේ ධර්ම ශාලාවේ. උදේ 10.00 විතර ත්රිපෝෂ කෑවට පස්සේ තියෙන්නේ අකුරු ලියන්න. ඒ දවස්වල මට මෙලෝ අකුරක් බෑ..මොන්ටිසෝරියේ මිස් මහතයි. එයාගේ අර දඩු අතින් අල්ලලා අකුරු ලියවද්දී මගේ අත කැඩෙන්න වගේ එනවා. (ඒ කාලේ මොන්ටිසෝරිවල අකුරුත් ලියෙව්වා) ඉතින් ඕක මග අරින්න විදියක් හිත හිත ඉද්දී , මං දැක්කා පන්සලේ මිදුලේ ලොකු වැලි ගොඩක් ගහලා තියෙනවා.මං ඒකට නගින්න හදද්දී, තමයි එයාව සෙට්වුනේ..මට තනියම නගින්න බෑ..එරෙනවා..එයා අත දුන්නා..ඉතිං අපි අත් අල්ලාගෙන වැලි ගොඩේ එරි එරී මුදුනටම නගිනවා. ඊට පස්සේ අත් අල්ලගෙන පහලට දුවගෙන එනවා. ඒක හරි ජොලි. මට වැඩේ අල්ලලා ගියා. ඉන්ටර්වල් එක ඉවරවුනා. මං කිව්වා කමක්නෑ අපි ඉම්මු කියලා. එයත් හා කිව්වා. (මොනා වුනත් මං කියනදේ අහන හොද ළමයෙක්.) අන්තිමේදි අපි පන්තියේ නෑ කියලා දැනගෙන මිස් බයවෙලා හොයාගෙන ඇවිත් අපිව පන්තියට ඇදගෙන ගියා, බැණ බැණ. එයාට නම්.පොඩි ගුටියකුත් දුන්නාද කොහෙද..
ඒ දවස්වල පුංචි අම්මාට මංගල යෝජනා බලන කාලේ. ගෙදර නිතරම මංගලශ්රීයෙන් ඇළලිලා තියෙන්නේ..මනමාලයො එනවා..යනවා. ඉතින් මගේ පුංචි මොලේට තේරුනා..මෙයා තමයි මට ගැලපෙන කෙනා කියලා. මං මොන්ටිසෝරිය ඉවර වෙලා ගෙදර යන ගමන්ම පුංචිටත් ආඩම්බරෙන් කිව්වා. “මටත් ලගදිම මගුල් ගෙයක් දාතැහැකි කියලා”.එයා “මොකක්..?”. මං කිව්වා.”මටත් කෙනෙක් හම්බවුනා” කියල. පුංචි ගෙදර ගිය ගමන් කේලම කිව්වා. “අන්න අර සුමනාවතීලයි (ඒ වගේ නමක්) කොල්ලත් එක්ක වැලි ගොඩේ නටලා අහුවෙලා..ඕවයේ බල්ලොත් ජරා කරලා ඇති..මිස් බයවෙලා හැමතැනම හොයලා..”.ආත්තම්මාට යකා වැහුනා. “මොන්ටිසෝරියට ගියත් අකුරක්වත් ලියන ලමයෙක්ද? ඕවයේ ගිහින් අතක් පයක් කඩාගත්තොත්, අපිටයි තාත්තගෙන් දොස් අහන්න වෙන්නේ”. මොන්ටිසෝරි ගමන එතනින්ම හබක්…!!
මොන්ටිසෝරියේ මිස් නම් ඒ දවස්වලම මට නියත විවරණ දීලා තිබ්බා..”ඒ ළමයා නම් කවදාවත් හැදෙන ළමයෙක් නෙවෙයි” කියලා. බලන්නකෝ ගුරුවරුන්ගේ තුන්කල් දකින නුවණ..!! අපිත් අංගුලිමාලලා වගේ යුතුකම් දන්න මිනිස්සු. මං මේ තාම ගුරු පූජාවට පඩුරු එකතු කරනවා.
ප. ලි. :- එයා දැන් කොහේ ඉන්නවද දන්නේ නෑ..බුකියේ හොයන්න නමක් වත් දන්න එකක් යැ. ඒ දවස් වල අපේ ඇදුමේ නම ගහපු බැජ් එකක් තිබ්බා. ඒත් ඉතින් මට අකුරු කියවන්න පුලුවන් එකක් යැ. කොහොමවුනත් ජීවිතයේ, මට මුලින්ම ඉහලට නගින්න අත දුන්න කොල්ලා. (නැග්ගේ වැලි ගොඩක බව වෙනම කතාවක්.) පව්..මං හින්දා මිස් ගෙන් ගුටියකුත් කෑවා..
උපුටා ගැනීම: Imalka Malrukshi Palliyaguru