“මෝෂන්” (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සත්ය කතාවක් ඇසුරෙන්.
“ගූඩ් මෝර්නින් සර්” ගූඩ් මෝර්නින් ප්රේමසිරි..
මොකද්ද ප්රශ්නේ ප්රේමසිරි උදේම්ම මොකද ? “සර්” මන් ජොබ් එකෙන් අයින් වෙන්ට කියලා? මොකක්..? තමුසෙට පිස්සුද? නැ සර් මන්..මේ.. පොඩි බිස්නස් එකක් කරන්ටය කියලා.
ප්රේමසිරි යනු මා ලග වැඩ කරනා හොද සේවකයෙක් වන අතර ඔහුට අවුරුදු පනහක් පමණ වයසක්වේ ප්රේමසිරිට මා දන්නා පමණින් ළමයි හතර දෙනෙකී. ගැහැණු ළමයි දෙදෙනකු හා පිරිමි ළමයි දෙදෙනෙකුවේ මේ ළමයි හතරදෙනාම තවමත් අධ්යාපනය ලබන අතර මොහු කියා ඇතී පරිදි බොහෝ අමාරුකම් මැද ජීවිකාව ගෙන යයි.
සර් මේ අස්වීමේ ලියමන අස්සන් කරලා දෙනවද? “අයිසේ ප්රේමසිරි” තමුසෙගෙ ළමයි තවමත් ඉගන ගන්නවා නේද? මේ ජොබ් එකෙන් අස්වෙලා අමාරුවේ වටෙන්නද හදන්නේ? නැ සර් මේ පඩියෙන් පවුලක්‌ ජීවත් කරන්න බැ සර් එකයි.
දැන් තමුසේ කරන්න හදන බිස්නස් එක මොකද්ද?
සර් මන් ගෙදරම පොඩි සිල්ලර බඩු කඩයක් දා ගන්නවා. මන් ලක්ෂ දෙකක ණයක්‌ ගත්තා සර් ගෙදර ඇපේට තියලා බැංකුවකින් අවුරුදු පහකින් ගෙවලා ඉවරකරනවා කොහොම හරි කඩෙන් එන ආදායමින්ම.
කෝකටත් කල්පනාවෙන් වැඩ කරන්න ප්රේමසිරි. අමාරුවේ වැටෙන්න එපා? කියා අවවාදයක් දෙමින් ඔහුගෙන් ඉල්ලා අස්වීමේ ලිපියට මා අස්සන් තැබුවේ කිසිම කැමැත්තකින් නොවේ.
ඉහත සදහන් සිද්දිය වී අවුරුදු හතකට පමණ පසූ ප්රේමසිරි මට නැවතත් මුණ ගැසුනේ මා මගේ මිත්රයෙක් හමුවීමට මාරවිල නාත්තන්ඩිය පාරේ යන විට මාරවිල උසාවිය අසලදීය.
හනේ සර්ව අදුනගන්නත් බැ වෙනස් වෙලානේ..? මා කෙසේ වෙතත් මටනම් ප්රේමසිරි කොහොනවත්ම අදුනන්නට බැරි විය ඔහු කථා නොකරේනම් මා පිට පාරෙම්ම් යනවා එකාන්තයෙම්ම.
සම්පුර්ණයෙන්ම වෙනස්වී ඇති ප්රේමසිරි බොහෝ ඇඟ දිරාපත්ව් ඇත දුර්වර්ණවී ගිය විසාලා ඇදුමකින් ඔහුගේ කෙසඟ සිරුර වසාගෙන ඇත්තේ මන්දපෝෂණයෙන් පෙළෙන සෝමාලියානුකුගේ ස්වරූපය මවා පෙන්වමිනි.
ඉතින් ප්රේමසිරි කොහොමද? කඩේ තවමත් කරනවාද? මතක් කරන්න එපා සර් ඔය මගදාව මාව විනාස උනේ ඕකෙන් සර්? එ මොකද ඒ ප්රේමසිරි අපේ ගෑනුත් එක්ක කඩ කරන්න බෑ සර්.? කඩේ බඩු ගෙදෙරට ඇදලා කඩේ අවුරුද්දේ බංකොලොත් වුණා සර්.. ඉතින් ඇයි මේ උසාවිය ගාව..? අනේ සර් ගේ ඇපේට තියලා බැංකුවෙන් ගත්ත ණය ඉතින් තවමත්.? අවුරුදු පහකට දැම්මේ නේද..? අනේ ඔව් සර් මුන්ට හෙන ගහන්න ඕනේ. සර් ගත්ත ණය වගේ තුන් ගුණයක් ගෙව්වා එත් තව වාරික දහයක් තියනවා කියලා මීට මාස දහයකට කලින් උසාවි දැම්මා සර්…? එසේ කියනා විට ප්රේමසිරිගේ මුහුණන් අසරණ කම දුප්පත් කම හිතාගන්නත් බැරි විය පව් අසරණයා මට නිතැතින්ම සිතිනි.
මේ ඔක්කොම හරි සර් මට තේරෙන්නේ නැති දෙයක් තියනවා සර්…? එ මොකද්ද ප්රේමසිරි අනේ සර් බඩට කන්නවත් නැතිව මේ ණය ටික නෝවදිනා දුක්විඳලා ගෙවන්නේ සර් ඉතින්..? ගිය මාස හතකටත් කලින් මන් දිනේට උසාවියට අවා ණය වාරිකය ගෙවන්න ඉතින්.. අනේ සර් උසාවියේ ණය ගෙවන කවුළුවෙන් කිව්ව මගේ ෆයිල් එක නැති වෙලා කියලා..? ඉතින් මෝෂන්ද.? මොකද්දෝ එකක් දාන්න කියලා. ඉතින් ආයේ පෙරකදෝරු මහත්තයෙක් අල්ලන් කථා කරා. මගේ නැති වුන ෆයිල් එක හොයන්න අනේ සර් පෙරකදෝරු ගාස්තු රුපියල් 3000 යි ලියකියවිලි කියලා තව රුපියල් 500 යි ගෙව්වා අනේ සර් මගේ ඔලුව විකාර වෙනවා සර් කලන්තෙත් වගේ සර්.
ඕවා ඔහොම තමා ප්රේමසිරි දැන් ඉතින් ඉතිරි ටික ගෙවලා ගෙදර ඔප්පුව බේරගන්න වැටිලා ඉන්නවත් තියෙන්නේ ඕකනේ….
එත් සර්…,..???
මොකද ප්රේමසිරි……????
අද අයෙත් මගේ නඩු ෆයිල් එක නැති වෙලා.අනේ දෙවියනේ සර්…..???? මේක මගේම කරුමයක්…
අද ආයෙත් අර “මෝෂන්” එකක් දාල කථා කරන්න කිව්වා සර්. ෆයිල් එක හොයන්න මීට වඩා හොදයි මාව එල්ලුම් ගස් යැව්වා නම් සර්… මට තේරෙන්නේ නැ සර් මේ “මෝෂන්”………….????????.
  උපුටා ගැනීම:  සාලින්ද බණ්ඩාර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!