ඊයේ රෑ 8.30ට සිරසේ මෝටර්බයිසිකල් පෙන්නනවා කියලා ඇඩ් එකක් දැක්කා.දසුන් පතිරණයි සමන්මලී ෆොන්සේකායි පහල පින්තූරෙ විදිහට හිනාවෙවී මෝටර්බයිසිකලේ එනවා මතක් වෙද්දිම අකුණක් ගහනව වගෙ එකපාරම මතක් වුණෙ මෝටර්බයිසිකල් චිත්රපටිය එක්ක තිබුණ මතකයක්.
මෝටර්බයිසිකල් මම බැලුවෙ අම්මා එක්ක නුවර රීගල් එකෙ.ඒ දවස්වල අම්මා විතරයි නුවර ගෙදර හිටියෙ .මාසේකට වගෙ සැරයක් කොලඹ වැඩ කරපු මම නුවර ගියා සති අන්තෙට.මග දිගට පාර දිගෙ මෝටර්බයිසිකල් පෙන්නවා කියලා පෝස්ටර් ගහලා තිබුණා.සමනලී ෆොන්සේකාට ආස නිසා චිත්රපටිය බලන්න යන්නත් හිතුණා.
අපේ අම්මාත් චිත්රපටි පිස්සෙක්.අම්මා එක්ක හින්දි චිත්රපටි බලලා තමා මටත් චිත්රපටි පිස්සුව හැදුනෙ.ඒ දවස්වල එන එන හොද සිංහල වගේම හින්දි චිත්රපටිත් අම්මා අපිව එක්කන් ගිහින් හෝල් එකෙ බැලුවා.සූරිය අරණ බලන්න සීගිරි එකට ගිහින් ඊලගට එන චිත්රපටි පෙන්නකොට කබි කුෂි කබි ගම් එකෙ ඇඩ් පෙන්නලා ශාරුක් පිස්සෙක් වුන මාව අම්මා ඊලග සතියේ ඒක බලන්නත් එක්කන් ගියා.
ඔන්න ඔහොම ඉස්සර අම්මා අපේ ආසාවට අපිව එක්කන් ගියා වගේ එදා ගෙදර ආපු වෙලෙ ඉදම් ටීවී එකෙ මෝටර්බයිසිකල් ඇඩ් යන්නක් ගානෙ අම්මාත් කියනවා ලොකු දුව මේක ලස්සන ඇති නේද කියලා .මටත් ආසාවක් ආපු නිසා පහුවදා අම්මායි මායි රීගල් එකට ගිහින් බැලුවා. ගෙදර එනකලුත් ආවාට පස්සෙත් අපේ අම්මාට චිත්රපටිය ගැන තිබුන එකම ප්රශ්නෙ අර දෙන්නා අර වැඩෙ කරාද,
පහුවදා උදෙ පාන්දර 9 ට විතර උඩ ගිහින් ඇහැරුනේ වලං පොලේ ගහන සද්දෙකට.අපේ ගෙදර අම්මා කවදාවත් වලං පොලේ නොගහන නිසා නිදිමරගාතේම අහගෙන හිටියා සද්දෙ ආවෙ කොහෙන්ද කියලා .නිතරම රණ්ඩුවෙන කෑකෝගහන අල්ලපු ගෙදරින් .
අල්ලපු ගෙදර හිටියෙ අවුරුදු 40ත් පැනලා ජීවිතේ කවදාවත් රස්සාවක් නොකර කසාදත් බැදලා ලමයි 2කුත් හදාගෙන ගෙදර ඉන්න අම්මාට රට ඉන්න අක්කලා 5 දෙනා එවන සල්ලි වලින් කකා බිබී ගම පුරාම ඕපහොයන පද හදන වචනයෙන් පරිසමාර්ථ අර්ථයෙන්ම චීත්ත පිරිමියෙක් ,ඔහුගෙ බිරිද ,දරුදෙදෙනා සහ මව.
සද්දෙ ඇහෙනවා අල්ලපු ගෙදර අම්මා අඩනවා .උඹ මගෙ මාලේ උගස් තියලා උඹේ ඔය බයිසිකලෙ ගෙනාවේ.මට මාලෙ බේරලා දීපන්.මට කියලා තිබුනෙ එච්චරයි .අරකී රට ගිහින් වලං හෝදලා හෝදලා ගෙනත් දුන්න මාලේ.
එදා වගේම ඊයේ රෑත් වීනා ජයකොඩි අඩ අඩ දසුන් පතිරණ ගෙන් තමන්ගෙ මාලේ උගස් තියලා ගෙනාපු බයිසිකලෙ ගැන කියවන රූපරාමු පේලීය මැවිලා පේනවා එක්කම අල්ලපු ගෙදර අම්මාගෙ වැලපීමත් කන්දෙකට ඇහුණා.
උපුටා ගැනීම: Miyura Dimuni