මෝටර් රථය (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
                                        මම හොල්මන් කතා විශ්වාස නොකරමි  නමුත් මෙවැනි සිදුවීම් සිදුවන නිසා එවාගේ ඇත්තක් නැත්තේම නැතැයි කියා බැහැර කළ නොහැක,
කලක් තිස්සේ මගේ සිතේ රැව්පිළි රැව් දුන් මේ කතාව ඔබට අද ඉදිරිපත් කරමි,
*මෙය මා මුහුණදුන් අත්දැකීමක් නොවන නමුත් අසා ඇති කතාවක් වන අතර මෙහි සත්ය භාවයක් ඇති බව මට හැඟේ.
අනිල් රජයේ ආයතනයක කාර්යාල කාර්ය සහායක වරයෙකි,
ඔහු සෑම දිනකම ගොම්මන් වැටෙන යාමයේ තම බෑගයද අතින් රැගෙන පාළු රබර් වත්ත මැදින් ගමන් කර සොහොන් පිට්ටනිය හරහා යන ගමනාන්තය වන නිවස කරා ලඟාවීමට පැයක පමණ කාලයක් ගතකරයි,
ඇත්තෙන්ම ඔහුට මෝටර් බයිසිකලයක් මිලදී ගැනීමට වුවමණා වුවද ඔහුව හිස් මුදුණේ සිටම තලා පෙළා දමා තිබූ දුප්පත්කම ඊට හරස්විය,
තම බිරිඳගේ ක්ශය රෝගයට බේත් ගැනීම, සෑම මසකම දිනය පසුවූ පසු නිවසටම පැමින කෑ මොරදෙන ගෙවල් අයිතිකරුගේ කුලිය ගෙවීම හා කුඩා දියණිය පාසල් යැවීම ආදිය ඔහුගේ මෝටර් බයිසිකල් සිහිනය බොඳ කරවයි…
===========
එදින සුපුරුදු පරිදි විඩාබර රාජකාරී නිමා කර පාළු රබර් වත්ත මැදින් ගමන් කළ අනිල් හට වෙනදා මෙන් නොව පරිසරයේ යම් අමුත්තක් දැනී තිබුණි,
වෙනදාටත් වඩා අඳුරු පැහැ අහස යුහුසුළුව හාත්පස කළුවර කරේ අනිල් ගේ සැකය තවත් තහවුරු කරමිනි,
ඈත රබර්ගස් අතරින් පෙනෙන පාළු නිවසේ කුප්පි ලාම්පු එලිය කණා මැදිරියෙක්ගේ එළියකට වඩා මඳක් වැඩියෙන් ඇතැයි අනිල්ට සිතුණි,
රබර් වත්තේ රබර් ඇට පුපුරා වැටෙන ශබ්දය මෑත දොළේ ජලය ගලාගෙන යන ශබ්දය හා මැවූ මූසල රටාව බිඳමින් කැරකොප්පුව දෙසින් හමා ආ සුළඟේ තිබූ අප්රසන්න දුර්ගන්ධය අනිල්ගේ සියොලඟ සීතල කලෙන් ඔහු තම බෑගයේ අණ්ඩය තදින් මිරිකා ගත්තේය…
අනිල් හට නිවස කරා වේගයෙන් දිවීමට සිතුණත් ඇත්තෙන්ම ඒ ශක්තිය ඔහු හට නැත,
එසේ කලත් එය උපරිමෙන්ම කල නොහැකි බව ඔහුගේ කැඩී අඩිය බිම ඇදෙන සපත්තුව පවසයි…
කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුණ අනිල් හට තිබූ එකම සැනසීම වන කුඩා පෙන් ටෝච්යේ එළිය විගසින් අඩුවී ගැස්සීමට ගත්තේ මහා සීතලේ අනිල්ගේ පරණ වැහැරී ගිය අළු පැහැති කමිසය තෙත්වෙමින් සියොලඟට දහඩිය දමමිනි,
ඈතින් බල්ලෙකුගේ මූසල උඩුබිරුම එම අද්භූත ගතියට තවත් බියකරු බවක් එක් කලේ අනිල් නොසිතූ වේලාවකය,
කෙමෙන් කෙමෙන් අනිල් රබර් වත්ත පසු කර කැරකොප්පුව දෙසට ඇවිද යනවිට ඔහු දුටුයේ මින් දින දෙකකට කලින් ගෙළ වැල ලාගෙන මිය ගිය සේතංගේ සොහොනේ දරුවන් නොමැතිව තනිවූ බිරිය දල්වා ගිය මලාණික ඉටිපන්දම් ආලෝකයයි…
“පව් අහිංසකයා, පිළිකාව හැදිලා නොවිඳිනා දුක් විඳලා ඒක දාරාගෙන ඉන්න බැරිව බෙල්ලේ වැල දාගත්තා”
තනියම අනිල් මිමිණුවේය,
එවිගසම අනිල්ට මතක්වූයේ සතියකට පමණ පෙර මේ අයුරින්ම ඔහු කැරකොප්පුව පසුකර යන විට කොර ගසමින් පැමිණි සේතං ගොරහැඩි හඬින් තමා හා කතා කළ හැටිය
පෙරෙයිදා හැන්දෑවේ සේතං ගෙළ වැලලාගත් සිදුවීම ආරන්චීවූ ඔහු ඔහුව බැලීමට යනවිටත් කඹයේ එල්ලෙමින් සිටි අයුරු ඔහුගේ සිතේ ගලේ කෙටුවා සේ ඇඳී තිබුණි
සැණෙකින් කෙටූ විදුලි දහරාවෙන් මුළු පළාතම එළියවීගිය අතර ඔහු ඉදිරියෙන් ඇති නා ගසේ අත්තක සේතන්ගේ අබල දුබල ශරීරය ගෙළ වැල දාගෙන නැවත් සිටිණු දකින්නට විය…
ඔහු ගල් ගැසුණේය…
උගුර හිරවිය,
හිසේ වම් පස හිරිවැටී එම හිරිය මුළු ශරීරයේම හාත්පස හිරිවැටීමට සමත්විය…
=============
ඈතින් පැමිණෙන මෝටර් රථයේ එළිය ඔහු දුටූයෙන් ඔහුගේ සිතට ඇතිවූ සැනසීම මෙතෙකැයි කිව නොහැක…
ඔහු ඇත්තෙන්ම සිටියේ සේතංගේ සිදුවීම නිසා සිහිමඳ ගතියෙනි,
සෙමින් සෙමින් ආ කාරය මඳක් ඔහු අසල නතරවූයෙන් ඔහු කිසිවක් විමසා නොබලා එහි පසුපස දොර ඇර නැඟ ගත්තේය…
නැවතත් කාරය ගමන් කරන්නටවිය…
ඔහු සිතූයේ පෙර ආත්මභවයක කළ පිනක් පලදුන්නා කියාය…
කැරකොප්පුව පසු කරමින් ඇදෙන අඳුරු පැහැ මෝටර් රථයේ රියදුරු අසුන දුටු ඔහුගේ සැනසීම ක්ශණයෙන් අතුරුදන් විය,
“දෙවියනේ රියදුරෙක් නැති කාරයක්” ඔහුට කෑගැසීමට වුවමණා වුණත් උගුර හිරවී ඇත,
ගහෙන් වැටුණ මිනිහාට ගොනෙක් ඇන්නා සේ ඔහු තම ගැලවීමට ගොඩනැඟුනු මෝටර් රථය දැන් රියදුරෙක් නොමැතිව ගමන් කරයි..
ඉදිරියෙන් වංගුවකි…
මහා විශාල පල්ලමක් මඟ හැර හැරවියයුතුය, ඔහුට මෝටර් රථයෙන් පැනීමටද සිතේ…
තීරණය ගැනීමට ඔහුට ශක්තියක් නොමැත…
විගසින් වංගුවට කලින් කළුපාට හස්තයක් මෝටර් රථයේ ජනේලයෙන් පැමිණ සුක්කානම නිවරදි දෙසට කරකවන ලදී,
මේ සිදුවී සිදුවීමට නැවතත් ඔහුගේ සියොලඟ වෙව්ලන්නට විය,
ඔහු ඉතිපිසෝ ගාථාව මිමිණුයේ අන්තිම තුරුම්පුව ලෙසය…
නැවතත් පැමිණි වංගුවේදී එම හස්ථයම පැමින මෝටර් රථය නිවරදි දෙසට හරවන්නට විය…
ඔහු විගසින් දොර ඇර එළියට පැනගත්විටම එතන තිබූ කාණුවක ඔහුගේ පය පැටලී ඇද වැටුණි…
ඉන්පසු ඔහු දුටුදෙයින් විපක්ශිත විය,
එතනට පැමිණ හිටගෙන සිටියේ කළු හැඳගත් දේහදාරී මිනිසෙකි,
“මම කාර් එකේ තෙල් ඉවර වෙලා තල්ලු කරන් ආවා, තමුසේ ඒකේ නැගලත් ආවාද ඕයි”
කියා මහා හයියෙන් බෙරිහන් දෙන්නට විය…
*අන් අයටත් ත්රාසය ගෙන ඒමට අපි හැමෝම බය හිතුණ සීන් එකෙන් කමෙන්ට් දාන්න ඒකමතික තීරණයකට එමු ප්රෙන්ස්.
උපුටා ගැනීම: Tharu Rajapaksha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!