ටයිටැනික් ගිලූණේත් මේ ‘ෆාටා මෝර්ගානා’ සංසිද්ධිය නිසා ද?
ටයිටැනික් නැව ගිලූණේ මුහුද මැද මතු වූ මිරිඟුවක් නිසා ද? ‘ෆාටා මෝර්ගානා’ නමින් හැඳින්වෙන මෙම සංසිද්ධිය ව්‍යාජ දිය ඇල්ලක් මිරිඟුවක් ඇස් ඉදිරියේ මවන්නක්. ටයිටැනික් නැවේ නියමුවාට මේ ‘ෆාටා මෝර්ගානා’ මිරිඟුව නිසා ඒ දැවැන්ත හිම කන්ද නොපෙනී ගියාද?
බි්රතාන්ය ඉතිහාසඥයකු වන ග්රන්ථ කර්තෘ ටිම් මෝල්ටින් ඒ කාලයේ කාලගුණ වාර්තා පරීක්ෂා බලා පසුගියදා නව මතයක් පළ කළා.
මෙහි පහත දැක්වෙන චායාරූප වලින් සංසිද්ධිය ඔබට තේරුම් ගත හැකියි. ඉදිරියේ දක්නට ලැබෙන දේ අඳුරු කර, නොපැහැදිලි කර හෝ සමහර තැනක දී කුඩා හෝ විශාල කර හෝ දක්වන, විටෙක උඩුයටිකුරු කර පෙන්වන මෙය ඉතාමත් විස්මිත සංසිද්ධියක්.
මේ අමුතු නම හැදිලා තියෙන්නෙ, මෙහෙමයි. ‘ෆාටා’ කියන්නේ ‘සුරංගනා’ අරුතින්. ‘මෝර්ගානා’ කියන්නේ ආතර් රජුගේ පුරාවෘත්තයේ එන මායාකාරියක්. සාගරයේ දී ‘නැවියන්ට මරු කඳවන මන්ත්‍ර බලයෙන් කරන කොඩිවින විශේෂයක්’ යන අරුතින් තමයි, ‘ෆාටා මෝර්ගානා’ කියා කියන්නේ. ඇත්තෙන් ම එය මුහුදේ හමුවන මිරිඟුවක්! මේ ක්‍රමයෙන් කිසියම් දෙයක් උඩුකුරු යටිකුරු කරලා පෙන්වනවා. වෙලාවකට ක්ෂිතිජයට ඉහළින් ඒ රූපය දික් අතට ඇදලා විකෘති කරලා පෙන්වනවා.
පෘථිවිය මතුපිටට ආසන්න වායු ස්තරය සාමාන්‍යයෙන් උණුසුම් වන අතර ඉහළ අහසට යද්දී එය වඩාත් සිසිල් වෙනවා. මේ අතර වඩාත් ශීතල වායු ධාරාවකටත් ඊට පහළින් ඇති වායුධාරාවටත් අතර ස්තරයේ thermal inversion තාප ප්‍රතිලෝමයක් ඇති වන නිසා, උෂ්ණත්වය උඩුකුරු යටිකුරු වීමක් සිදු වෙනවා. එවිට මෙම ‘ෆාටා මෝර්ගානාවක්’ දර්ශනය විය හැකියි.
ටයිටැනික් ඛේදවාචකය සිදු වූ රාති‍්‍රයේ මෙන් නිසල කාලගුණයක් පැවති විටෙක උණුසුම් හා සිසිල් ස්තර දෙක අතර තීරුව වර්තක කාචයක් ලෙස කි‍්‍රයා කරනවා. ඒ නිසා නරඹන්නාගේ ඇසට එන ආලෝක ධාරා වර්තනය වීම හේතුවෙන් තමන් දකින දෙය විකෘතිව හෝ වෙනත් තැනක පිහිටියා සේ පෙනෙන්නට පුළුවන්.
මෝල්ටන් විශ්වාස කරන්නේ එදා ටයිටැනික් නැව ගිලූණු අපේ‍්‍රල් 14 වැනිදා එවැනි වෙනස් වීමක් ඇති වී හිමකන්ද නොපෙනී යන්නට ඇති කියායි. ඒ වෙනුවට නැවේ සිටි නිරීක්ෂකයන්ට හිම කන්ද වසා ගෙන ‘බොරු’ ක්ෂිතිජයක් මැවී පෙනෙන්නට ඇති කියලයි ඔහු කියන්නේ.
ටයිටැනික් නෞකාව අනතුරට පත් වෙද්දී ඒ පේනතෙක් මානයෙන් යාත්‍රා කළ කැලිෆෝනියන් නෞකාව, මේ ව්‍යසනය තේරුම් නොගෙන, අනතුරට පත් එහි පිරිස බේරා ගැනීමට ඉදිරිපත් නොවී එතැනින් වෙනත් අතකට යාත්‍රා කළේ, ඒ එහි කපිතන් ස්ටැන්ලි ලෝඩ් තමා දකින්නේ කුඩා නැවක් හෝ වෙනත් හැඩයක් ඇති යමක් යැයි සිතා වරදවා තේරුම් ගෙන තිබීම නිසයි.
ශීතල කාලගුණික මිරිඟුවක් ඇති වන්නේ ශීතල කාලගුණික වායු තීරුවක් හා උණුසුම් වායුව හා මුසු වීමේ දී ඒ අතරින් යන ආලෝක කිරණ වර්තනය වීමෙන් ක්ෂිතිජයෙහි ඇති වස්තු වෙනස් වී පෙනෙන විටයි.
නැෂනල් ජ්යොග්රෆික් ටීවී චැනලය හරහා විකාශය වූ සිය වාර්තා චිත්‍රපටයෙන් තම සොයා ගැනීම් ගැන පැහැදිලි කිරීමක් කරන ටිම් මෝල්ටින් කියන්නේ, ඔහු මේ නිගමනවලට ආවේ ඒ කාලේ කාලගුණ වාර්තා පරීක්ෂා කරමින් පමණක් නොව ඒ සිද්ධිය ඇසින් දුටු අයගේ සක්ෂි ද සැලකිල්ලට ගනිමින් බවයි.
ටිම් මෝල්ටින් කියන්නේ, ”එදා කපිතන් ලෝඞ්ට දෝෂාරෝපණයක් නැඟුණා, අනතුර මඟ හැර ගියාට. ඒත් විද්‍යාත්මකව එදා රාති‍්‍රයේ තත්වය දිහා බැලූවාම මට ඔහු ගැන අනුකම්පාවක් ඇති වෙනවා. ඒ අවස්ථාවේ දුටු මිරිඟුවට රැවටීම ගැන. ඔහු එදා කීවේ තමා දුටු දේ කිසිසේත් ම ටයිටැනික් නැව කියා නොසිතූ බවයි. දැන් මා දන්නවා ඔහු එදා කීවේ සම්පූර්ණ ඇත්ත බව. ඔහු දැක ඇත්තේ ඇත්තෙන් ම ‘ෆාටා මෝර්ගානා’වක්..
උපුටා ගැනීම: රාම් වණා