තවත් කතාවක්,
ඔන්න එක දවසක් මම ඉන්නවා මාතර සුපිරි හෝටලයක කාමරයක් අරගෙන. ඒකෙ උඩ තට්ටුව වෙරලට යාබද කාමරයක් තමයි මට හම්බෙලා තියෙන්නෙ… මම එතන ඉඳන් බැල්කෙනියට වෙලා දවල් 2ට වගේ ඉන්නව සුන්දර මුහුද දිහා බලාගෙන. ඔන්න මට ඈතින් පේනවා පොල්ගස් උසට මුහුදු රැල්ලක් එනවා හෝටලය පැත්තට. මම දුවන්න හදනකොටම රැල්ල ඇවිත් ඉවරයි.
මම හරිම බයයි තද නිල් පාට නැත්තම් තද කොල පාට වතුරට… ඒ වතුර තදම තද කොල පාටයි නිල් පාටයි මිශ්ර උන පාටක්….
මම දුවන්න හදනකොටම රැල්ල ඇවිත් ඉවරයි. මම හිටපු හරියේ යට තට්ටුවට වෙනකම් වතුර. මාව බයේ ගැහෙනව තව රැල්ලක් ඇවිත් මාව ගහගෙන යාවිද කියලා…
බලාගෙන යනකොටම වතුර ටික ටික අඩු වේගෙන ගියා… මම දිව්වා බෑග් දෙකත් අරන් යට තට්ටුවට ගෙදර යන්න බලාගෙන. තව රැල්ලක් එන්න කලින්. මට මතක නෑ මම වාහනේද ආවේ නැද්ද කියන එක වත්. මම මලු ටිකත් අරන් බැස්සා පාරට. පාරේ හිටපු කෙනෙක්ගෙන් අහුවා කොළඹට බස් එකක් ගන්න නගින තැන පෙන්නන්න කියලා.
ඒ මනුස්සයා මට පෙන්නුවා තැනක්. පෙන්නලා කිව්වා හැබැයි නෝනා අද නම් බස් එකක් වත් නෑ… කියලා. මම ඇහුවා ත්රීවීල් එකක් වත් නැද්ද කිය්ලා… ඒ මනුස්සයා කියපි ඊයේ රෑ මුහුද ගොඩ කලන කතාවක් නිව්ස් වලට කිව්ව නිසා ගමේ කවුරුවත් නෑ කියලා..
ඒ පාර මම ෆෝන් එක බැලුවා ගෙදරට කෝල් එකක් ගන්න. ඒක කලබලේට දාල ඇවිල්ලා.. ආය යන්නත් බයයි වතුර ආවොත්..
මම හිතනවා තනියෙන් මම කොහොමද පයින් මාතර ඉඳන් නුවරට යන්නේ කියලා….
කනට හුරු පුරුදු නමුත් හිතාගත නොහැකි ශබ්දයක් එනවා.. මම බස් එකක්ද මොකක් හරි කමක් නෑ වාහනයක්ද බලන්න වට පිට බැලුවා..
බැලින්නම් එලාම් එක. කොච්චර බය වෙලා හිටියද කියනව නම් එලාම් එකට පින් දි දී නැගිට්ටා….
උපුටා ගැනීම: Thilini Bandara