මට මේක දැක්කහම අවස්ථා තුනක මගේ අත්දැකීම් මතක් වුනා.
1. 1987-88 කාලෙ නොරිස් කැනල් පාරෙ රාජිත සේනාරත්නගෙ ගෙදර මම නිතර යන තැනක්. දවසක් මට ඉඩ ලැබුණ එයාගෙ ගෙදර සාලෙ තියෙල තිබුණ ෆොටෝ ඇල්බම් එක බලන්න. ඒකෙ එයාගෙ දේශපාලන ජීවිතයේ විවිධ අවස්ථාවල ගත්ත ෆොටෝ තිබුණ. මගේ අවධානය වැඩි පුරම යොමුවුනේ මහජන රැස්වීම් පෙළපාලි වැනි අවස්ථාවල එයා ඇදගෙන හිටපු ෂර්ට් වල පාටට. මුලින්ම රතු, ඊට පස්සෙ නිල්, ඊට පස්සෙ දම්. අපි දන්නව ඊටත් පස්සෙ ලා දම් වුනා, ඊට පස්සෙ කොළ වුනා, ඊට පස්සෙ ආයෙ නිල් වුනා, ආයෙත් කොළ වුනා.
2. 1990 විශ්වවිද්යාල ඇරපු ආසන්නයේම වගේ ජවිපෙට හිතවත් පිරිස් අතුරුදහන් වූවන් සමරළ ප්රදර්ශනයක් තිබ්බ කොළඹ විශ්වවිද්යලයේ දි. ඒකට රාජිතත් ආව. තරමක් විරෝධයකුත් තිබුණ මට මතකයි. හැමෝම දන්නවනෙ අතුරුදහන් කිරීම් සහ ජවිපෙ මර්ධන ක්රියාවලියට රාජිතගෙ තිබුණු දායකත්වය. හැබැයි එයාට කිසිම ගැටලුවක් තිබුණෙ නැහැ මර්ධනය ඉවර වූ හැටියෙම මර්ධනයට විරුද්ධ කැම්පේන් එකත් එක්ක හිටගන්න.
3. 1997 විතර අපි මංගල සමරවීර සමග කිට්ටුවෙන් වැඩ කරනකොට මට අයිටීඑන් එකේ සාකච්ඡා වැඩසටහනක් මෙහෙයවන්න ලැබුණ. ඒකෙ නම අසත්වා බලත්වා. මම ඒකට විමල්, චම්පික, දයාන්, රාජිත වගේ අයත් ගෙන්නුව. දයාන්ව ඇනෙන විදිහට ප්රශ්න ඇහුවෙ නැහැ කියල මංගල ඒකට කැමති වුනේ නැහැ. ඒනිසා වැඩ සටහන නවත්වන තැනට වැඩ සිද්ධ කලා. කාරණේ ඒක නෙවෙයි. රාජිත එක්ක වැඩ සටහනෙදි මම එයාගේ උතුරේ ප්රශ්නය සම්බන්ධ ප්රෙව්ශය ගැන කතා කලා. එයා එතකොට යූඇන්පී. ඒත් එයා කියනවනෙ එයා කොහෙ හිටියත් දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනව කියල. එතකොට චන්ද්රිකාගේ පැකේජ් එක ඇවිල්ල නිසා මම රාජිතගෙන් ඒ ගැන ඇහුව. එයා කිව්වෙ දෙමළ ජනයාට ඕවයින් වැඩක් නැහැ ආරක්ෂාව ගැන ප්රශ්නයක් විතරයි තියෙන්නෙ කියල.
මගේ නිගමනය – “මෙවැනි අවස්ථාවල මූණ දෙස නොබැලිය යුතුය උස්සං ඉන්න බෝඩ් එක දිහා පමණක් බැලිය යුතුය.“