මගේ පුතුගේ සැත්කමින් අනතුරුව ඔහුගේ සැත්කම කල ස්ථානයට radio therapy කිරීම නිර්දේශ විය . ඒ සදහා මහරගම අපේක්ෂා රෝහලට යොමු කෙරිනි .
කොදු ඇට පෙලෙහි කරන ලද සැත්කමක් නිසාවෙන් ඔහුගේ ඉරියව් පවත්වා ගැනීම ද ප්රශ්නයක් විය.
නියමිත වේලාවට නම් කරන ලද ප්රතිකාර කෙරෙන ස්ථානයට මුල් දිනවලදී ගෙන යාම මහත් අසීරු කාර්යයක් විය. කිහිප දෙනෙකුගේ ආධාරයෙන් ගිලන් ඇදකට ගැනීමටත් එම ගිලන් ඇද radio therapy ස්ථානයට ගෙන යාම ත් ඔහුව ඔසවා යන්ත්රය මත තැබීමත් , ප්රතිකාර අවසානයේ නැවත ඇද තබා වාට්ටුව ට ගෙනවිත් නැවත ඇද මත තැබීමත් හොදින් කිරීමට හා කරවා ගැන්මට ලැබීම ඔහුගේ දිවියේ ලද භාග්යයක් සේ සලකමි. පුතුට රෝගීන්ට උපස්තානයට සිටි බොහෝ දෙනාගේ කරුනාව, දයාව ,ආදරය ද නොඅඩුව ලැබින.
පුතුගේ ඉල්ලීම පරිදි ඔහුගේ අසලින්ම සිටීමට මම ද මගේ කටයුතු පසෙක ලා දහවල් කාලය ඔහු සමීපයෙහි ම ගත කලෙමි .බිරිදත් දියනියත් රෝහල අසලින්ම ඇනෙක්සියක පදිංචි ආහ.රාත්රීය මට නිදි වැරීමට නොදී කවුරුන් හෝ අයෙකු එවීමට බිරිඳගේ නැගෙනිය කටයුතු කලාය.
අප සියලු දෙනාටම අවශ්ය ආහාරය ඇනෙක්සියේ දී පිලියෙල වූ අතර පුතු ඉල්ලන ඕනෑම දෙයක් ඉක්මනින් සම්පාදනය කර රෝහල අසලට ගෙන්විත් දීමටත් ,තුන් වතාවක් දරුවා බැලීමට ත් බිරිඳ හා දියනිය උත්සුක වූයේ ඔවුන්ගේ අපහසු කම් ගැන නොසලසමිනි.
Radio therapy වලින් හා ශාරීරික ව්යායාම වලින් දින දහයක් පමන යන විට ආධාරයක් භාවිතා කරමින් රෝද පුටුවට මාරු වීමට හැකියාව ලැබුන අතර එය දුටු අපේ හදවත් අපේක්ෂාවෙන් ජීවිත අපේක්ෂාවක සේයාවක් සනිටුහන් විය .
දිනක මම පුතුව රෝද පුටුවේ තබා නාන කාමරයට ගෙනගොස් නාවා පිරිසිදු කර ආපසු ඇද වෙත රැගෙන එන විට නාදුනන තැනැත්තියක ඇද අසල සිටිනු දිටිමි .
“කවුද පුතේ ඒ…..”
“අනේ … දන්නෑ….”
ඇද අසලට පැමිනි අප දෙස බලා ශෝක බරිත මුහුණ කින් යුතුව මන්දස්මිතයක් පෑවාය.
පුතුත් මමට පෙරලා ඇයට ඒ අයුරින් ම සංග්රහ කලෙමු.
රෝදපුටුව අසලට ආධාරයක සමීප කරගෙන මගේ ද උදව්වෙන් පුතු ඇදෙහි වාඩි විය. නවාතැනෙන් ගෙන ආ බීමක් උනුසුම්ව කෝප්පයකට වත්කර බීමට දුනිමි . ඔහුට ඇදට ගොඩවීමට නම් මා විසින් ඔහුගේ දෙපා ඔසවා ඇද මත තැබිය යුතුය . එය කිරීමට සූදානම් වුවත් පුතු ප්රතික්ෂේප කලේ එම ඉරියව්වෙන් සිටීමට කැමැත්ත නිසා යයි සිතුවෙමි .
නාදුනන මහත්මිය මේ සියල්ල කතවෙන් තොරව ඉවසීමෙන් යුතු ව බලා සිටියාය .
ඇද අසල වූ රෝද පුටුව නියමිත ස්ථානයේ තැබීමට ගොස් ආපසු එන විට පුතු සමග සංවාදයකට මුල පුරා තිබින.
නිරන්තරයෙන් මා සමග කතා කරන පුතුට වෙනසක් හොඳ යයි සිතූවෙන් ඒ කතාවට ඉඩ හසර ලබා දුනිමි …
ඇය බෑගයට අත දමමින් එකින් එක පාර්සල් කිහිපයක් ගෙන ඇද අසල වූ රාක්ක යෙහි තැබුවා ය. මම ද අසල වූ රෝගියා වෙත ගියෙමි.
අසල රෝගීන්ගේ ඇස් ද නාදුනන මහත්මිය වෙත යොමුව ඇත .
“මේ බඩු මට මෙච්චර වැඩි … අර අනිත් ලෙඩ්ඩුන්ටත් දෙන්න ඇන්ටි”
“එහෙනම් පුතාට තියාගෙන ඉතුරුව ඔයගෙ අතින්ම දෙන්න “
“මට යන්න බෑනෙ .. ඇන්ටි …..”
“ඔයා එක එක අරන් දෙන්න … මං දෙන්නම්..”
පාර්සල් විවෘත කරමි පුතු එක එක අරන් දුනි . නාදුනන මහත්මිය ඒවා එකින් එක රෝගීන්ට දුන්නාය…
“පුතාට ඉක්මනින් සුවපත් වෙන්න කියල මං ප්රාර්ථනා කරනව….”කියමින් පුතුගේ හිස අතගා මා දෙස බැලුවේ ඔවුන් දෙදෙනාගේ සවාදයේ ප්රතිපලයක් ලෙස විය යුතුය .. මම ඇය අසලට ගියෙමි .
” මහත්තයා පුතාගෙ තාත්තා නේ…..”
” ඔව්…. මිස්….”
“පුතා අනිත් අයට වඩා හරි වෙනස්”
“ඒ කිව්වේ …”
“නෑ ……මම අවුරුද්දකට සැරයක් ඔය ඇද ලගට එනවා ….ගෙනාපු දේ බෙදලා දුන්නු එකම කෙනා”
” ඒ එයාගෙ හැටි මිස්”
” දැන් වයස කීය ද”
” විසි එකයි..”
” ස්ලිට් එකේ ලු”
” ඔව්….මිස් කොහෙද “
” මං පානදුරේ …මගෙ මහත්තයගෙ උපන් දිනේ අද ….ඒ කයි මෙතෙන්ට ආවෙ… හොඳ දේවල් ලෝකයේ පවතින්නේ ටික කාලයයි….මේ දරුවගෙ වියදමකට ගන්න.””..කියමින් සකස් කරගෙන ආ කවරයක් මා වෙතට දිගු කලාය.
“මහත්තයගෙ උපන් දිනේ නම් ඇයි මහත්තයා නාවෙ….”
” මහත්තයා මැරුනා …ඒත් කැන්සර් එකක් හැදිල…දැන් අවුරුදු හයක් ….”
“”ඉතින් පුතා හොයාගන ආවෙ”
“මහත්තයා හිටියෙ ඔය ඇදේ ….ඒකෙදි තමයි නැති උනේ ….. අවුරුද්දකට සැරයක් මං ඔය ඇදේ ඉන්න ලෙඩාට සංග්රහ කරනව…”
” මං මහත්තයට පිං ප්රාර්ථනා කරනව “
“පුතත් පිංදුන්න…..ලස්සන මල් තමයි ඉස්සර වෙලා ම නෙලා ගන්නෙ….”
උපුටා ගැනීම: සනී මීගස්දෙනිය බණ්ඩාර