නාකි මනමාලයා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම කර්මාන්ත පුහුණුවේ ඉන්න කාලෙ මට හිටියා අයියා කෙනෙක් අපෙ තාත්තගෙ වයසෙ. මිනිහා මට මල්ලි කිවුවට මිනිහගෙ ලොකු පුතා මගෙ අයියගෙ වයසෙ.
ඒ අයියා පෙන්ශන් යන්න ඔන්න මෙන්න හිටියෙ. ෆැක්ට්රි එකේ කෙල්ලොන්ට පැනි හලන එක තමා මිනිහ හරියට කරපු එකම රාජකාරිය. මම දවසක් මේ අයියගෙන් ඇහුව පවුලෙ අය එක්ක කාර් එකේ යනකොට පාරෙ ලස්සන කෙල්ලෙක් දැක්කොත් මොකද කරන්නෙ කියලා. මිනිහා කිවුවා,
“ගෑනි ලඟ හිටියා කියලා ඒව නතර කරන්න බෑනෙ මල්ලි. අපේ ලොකු පුතයි මායි ආස්රය කරන්නෙත් මේ උබයි මායි ආස්රය කරන විදියටම තමා. අපි දෙන්නට තියනව රහස් බාශාවක්. වයිපරේට ඒව තේරෙන්නෙ නෑ. කෙල්ලො කියන්නෙ වාහන කියලා හිතාගෙන තමා අපි දෙන්න කතා කරන්නෙ. අද හවස කොල්ලා එනවනෙ මාව ගන්න. උබ යමන්කො අද මාත් එක්ක අපේ වාහනේ. මම උබව බෝඩිම ලඟට දාන්නම්. උබට එතකොට තේරෙයි බාසාව”
ඉතින් එදා හවස මම මිනිහා එක්ක බෝඩිමට යන්න හිතන් නැග්ගා මිනිහගෙ තුන්සීය ඩෑශ් බෙන්ස් එකට. වැඩ ඇරිලා කෙල්ලොත් පාරෙ යනවා. ඔන්න තාත්තයි පුතයි මට පේන්න ඩෙමෝ එකක් කරනව.
ඔන්න මිටි ගෑනු ලමයෙක් යනව පාරෙ.මූන එක පාටක්. අත පය තව පාටක්.
“පුතා අර මරුටිය නම් මූන පේන්ට් කරලා නේද”
“ඔවු ඔවු. මූන එක පාටක් දොර හතර තව පාටක්. කැට්ලෝ දාපුව හරියට කපලත් නෑ. ඕක නම් කොහෙ හරි වැදුනු එකක් “
ඊලඟට ඔන්න වයස හතලික විතර ගෑනු කෙනෙක්. හැබැයි ලස්සනයි. හොඳ හැඩයක් තියනව.
” තාත්තෙ පරන උනාට ඒ කාර් එක නියමයි නේද”
-” මම ඕක දන්නව. කලින් ඕක පැද්දෙ අර නිමල්ගෙ යාලුවෙක්. දැන් පදින්නෙ පොල් වත්තෙ ජගත් මල්ලි. හොඳ සැප”
“තාත්ත ඒ වාහනේ පැදලත් බැලුවා ඒ කියන්නෙ”
ආයෙ ඔන්න ඉන්නව ලස්සන කෙල්ලෙක් බස් හෝල්ට් එකේ. කොන්ඩෙ පාට කරලා ලස්සනට ඇඳලා.
” ඔය පෙනුමට තිබ්බට මරාල බං. නඩත්තු අමාරුයි. සර්විස් එකට දැම්මාම බිල දැක්කම පන යනව. වියදම් වැඩී. ගන්න නම් හිතන්නවත් එපා පුතෝ ඕවා”
“තාත්තෙ අර රතු කාර් එක නියමයි නේද. ඩිකිය නම් ඉඩ තියනව වගේ හතර දෙනෙක්ට ඕමි ගහන්න.”
“තාත්තෙ අර පහුවුන නිල් කාර් එකේ බොනට් එක දැක්කද.”
ආදී වශයෙන් බෝඩිමට යන ටිකට කාර් විස්සක් විතර බැලුවා. මරු තාත්තයි පුතයි. ටික දවසකට පස්සෙ මිනිහා මට කතා කලා කෑමකට එන්න කියලා මිනිහගෙ ගෙදර. මමත් ගියා කෝඩියල් බෝතලේකුත් බ්රවුන්පේපර් එකක ඔතාගෙන. මිනිහගෙ වයිපරේ ටිකක් වෙලා අපි එක්ක කතා කර කර ඉඳලා ගියා කුස්සිය පැත්තට. එයා හොඳ පෙනුමයි. මිනිහට වඩා ගොඩක් වයසින් අඩු වගේ පෙනුම නම්. මමත් කතා කර කර ඉන්න ගමන් හිනා වෙවී මිනිහට කිවුව
“අයියා පාරෙ යන වාහන දිහාම බැලුවට ගෙදරත් හොඳ බෙන්ස් එකක් තියනවනෙ.” කියලා
එතකොටම අර අක්කා ආපහු ආවා. එයාට ඇහුනා මම කියපු එක. මට ලජ්ජ හිතුනා වැඩේට. අක්කා හිනා වෙවී මෙහෙම කිවුවා,
” ඔයත් වාහන පිස්සෙක්ද. ඒක තමා මෙයාටම සෙට් වෙලා තියෙන්නෙ. අපේ ලොකු පුතාටයි මෙයාටයි දෙන්නටමත් වාහන පිස්සුව හොඳටම. මට නම් එපා වෙනව මෙයාලත් එක්ක ගමනක් යන්න.පාරෙ වාහනයක් දැකපු ගමන් දෙන්නත් එක්ක මොන මොනවද මන්දා කියවනව. මට ඕව තේරෙන්නෙත් නෑනෙ “
ඔන්න මට හොඳටම පැහැදිලි උනා තත්වෙ.හොඳ වෙලාවට ඒ අක්ක නම් නිල්මිණි අක්ක වගේ නොවුනෙ. නැත්නම් තව පොඩ්ඩෙන් එදා දවසෙ වචන විසිදාහම මට අහගන්න වෙනව.
උපුටා ගැනීම: සුපුන් උදාර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!