ගෙදරින් එනවා කෝල් එකක්,
“පුතේ මෙන්න මේ නංගි මොකද්ද කියනවා”
අම්මා කතා කරලා කිව්වා.
“මොකද්ද,
දතක්වත් ගලවන්න වෙන්න ඇති මගෙන් ඔය ඇඹරෙන්නේ”
මම ගත් කටටම කිව්වා,
“හෙලෝ අයියේ…”
අම්මෝ…
සහෝදර ප්රේමේ උතුරා යන්න කතාව,
මට තේරුණා එන පොට හොඳ නෑ කියලා.
“ඔව් අයියා තමයි”
මම කීවා.
“අපි බල්ලෙක් ගෙනාවා”
කියලා කිව්වා හෙන භය පක්ශපාතීව
“මොකා?
කොහාටද?
ගෙදරට?
බල්ලෙක්ද බැල්ලියක්ද?”
මම ප්රශ්ණ වැලක් ඉදිරිපත් කලා.
මම තදින්ම විරුද්ධ වුණා බල්ලෙක් ගේන එකට,
අනික බල්ලෙකුත් නෙවෙයි ෆීමේල් බල්ලෙක්,
බැල්ලි කියන එක හරිනෑනේ,
ඒකයි එහෙම ලිව්වේ,
නැතුව පොශ් සීන් නෙවෙයි,
ඉන්නේ රුවන්වැල්ලේ,
කන්නේ වළඳේ,
බොන්නේ කේතලෙන්,
දාන්නේ බාටා,
කොහෝම හරි මම කෝල ෆ්රෙන්ඩ් අවස්ථාව ඉල්ලාගෙන අප්පච්චීට ගත්තා,
අප්පචීත් කැමතිම නෑ සීන් එකට,
අම්මා සහ නම්කී සත්ත්වවේදීන් දෙපළ,
අප්පච්චී සහ මම තිරිසන් සතෙකුටවත් ආදරේ නැති විරුද්ධපිළේ දෙපළ,
දැන් හෙන යුද්ධේ,
නංගි මාතෙක්ක තරහා වෙන සීන් එකටම ආවා,
මමත් අතෑරියේ නෑ,
ඇයි යකෝ 89 ඉපදුණ මම කියනදේ අහන්ඩ බැරිද මේ 97 ඉපදුණ එකීට,
අඩුගානේ අයියා කියන රෙස්පෙක්ට් එක තියපන්,
අනික පියාණෝත් විරුද්ධයි,
ඔහොම සීන් එකක් ගියා අපේ ගෙදර.
මමත් ඉතින් ඔන්නෝහේ ඕනේ මඟුලක් කියලා ෆුට් නෝට් එකක් දාලා වැඩේට හා කිව්වා.
මම දැන් නිවාඩුවට ගෙදර යනවා,
මෙන්න බුරාගෙන පනින සද්දයක් ආවා,
සද්දේ විතරයි භල්ලෙක් නෑ,
බැලින්නම් මූ බුරන්නේ පුටුව යට ඉඳන්,
අඩේ…
පොඩිම පොඩි dachshund කෙනෙක්,
මේකි පට්ට බයයි,
මට දැක්කාම මාර ආදරයක් ආවේ,
එහෙමම වඩා ගත්තා,
බය වෙලා හිටියේ,
කලුයි දුඹුරුයි බූල් ටික ලස්සනට තෙල් ගාලා වගේ පීරලා තිබ්බා,
ඒ අහින්සක ඇස් මාව පිස්සු වැට්ටුවා,
මම දිහා බලන් ඉන්නවා බොහෝම අසරණ විදිහට.
මේකිගේ නම රූබී,
උඩ අඩි බාගයක් නෑ,
කිටු කුටු ගගා ගේ වටේම දුවනවා,
මම ගෙදර ගිය වෙලේ ඉඳලා මගේ ඇඟේමයි,
මූණ ලෙව කනවා,
ටෙඩීබෙයෙක් උස්සන් එනවා සෙල්ලම් කරවන්න කියලා,
මම උදේ නිඳාගෙන ඉද්දී එක පාරට දොර රෙද්ද අස්සෙන් මූණ දාලා බලනවා මගේ මූඩ් එක,
මම සිනාවක් දාලා
“මොකෝ මේ”
වගේ දෙයක් කිව්වොත් එහෙම බල්ටියක් ගහලා පනින්නේ ඇඳට,
මම ගනන් ගන්නේ නැති සීන් එකෙන් හිටියෝත් එහෙම ඇඳ පාමුල.ඉඳලා නැට්ට වන වනා බලාන ඉන්නවා අහින්සක විදිහට,
ඉතින් මම,
“ආ..රූ…එන්න එන්න”
කියලා ඇඳට තට්ටුවක් දැම්මාම.පනිනවා ඇඳට කට ඇරලා,
දිව පැත්තක දාලා,
නැට්ට වනලා එහෙම.
දැන් කොහොම හරි පහුගිය ටිකේම මූගේ හුරතලේ,
වෙලට පැන්නාම අල්ලාඅගන්න වෙන්නේ නෑ එහේ මෙහේ දුවනවා,
“රූබී….
කූඩූ…”
කීවාට සත 5කට ගනන් ගන්නේ නෑ,
පිස්සු කෙලිනවා.
මම කරපු වැඩේ කොහොම හරි වෙල ගාවින් අල්ලාගෙන වඩාගෙන ගියා කූඩුවට දාන්න,
මම යනකම් බැන බැන ගියේ,
“හොඳට හිටියාම එනවා මෙතන කරේ නඟින්න”
“කී පාරක් එන්ඩ කිව්වාද,
කනකට ගත්තාද”
“හොඳ කෝට්ටක් අරන් දෙකක් දුන්නානම් හරියයි,
අපි හොඳ වැඩියි මූට”
ඔහොම බැන බැන ගියා,
රූබියත් හොඳට අහගෙන ඉන්නවා කන් පාත් කරගෙන,
වචනයක් විරුද්ධව කතා කලේ නෑ මට,
දැන් ගෑනි පශ්චාත් තාපයෙන් ඉන්නේ,
කොහොම හරි දැම්මා කූඩුවට,
දැන් මූණේ හිනාවක් නෑ,
බුම්මාගෙන මූණ එල්ලාගෙන ඉන්නවා,
මාත් ගනන් නොගෙන ගියා යන්න.
පස්සේ වෙලාවක ආයේ ගත්තා එළියට,
ඊට පස්සේ ගෑනිට අමතකයි කලින් සීන්,
ඇඟට පනිනවා,
හපන්න හදනවා,
වටේ දුවනවා,
“රූබී…
කූඩු…”
කියලා කීවා විතරයි,
බැලුවා මගේ මූණ,
කල්පනා කලා,
ගෑනිට මතක් වුණා කලොන් බැන්න සීන් එක,
ආයේ කියන දේ ඇහුවේ නැත්නම් තාරුවාගෙන් බොරුවට බැනුම් අහගන්න වෙන්නේ කියලා මත වුණා,
රූං ගාලා දිව්වා කුඩුවට.
මාත් පස්සෙන් ගිහින් ඔලුව එහෙම අත ගාලා ප්රසංශා කරලා ආවා,
නරක දෙයක් කළාම බනිනවා වගේ හොඳ දෙයක් කලාම අගය කරන්න එපායෑ.
හැබැයි බල්ලෙක් බුරන සද්දයක් එහෙම ආවොත් සුං ගාද්දී වාශ්ප වෙනවා,
පන බයයි,
කෙලින්ම කාමරේ ඇඳක් යට ඉන්නේ.
“නාන්ඩ යං”
“චිකන්”
කියන වචන එහෙම හොඳට හුරුයි.
චිකන් වලට හෙන ආසයි ඉතින්.
අපේ ගේ පිටිපස්සේ වෙල,
වෙල පැත්තට හැරිලා කුරුල්ලන්ට ලේනන්ට බුර බුර ඉන්න එක තමා මූගේ විනෝදාංශේ,
මූට කෑම දාලා කන්ඩ එන්ඩ කිව්වාට එන්නේ නෑ,
බැරිවෙලාවත් කෑම දාලා පූසාගේ නම කිවෝත් කඩාගෙන බිඳගෙන යන්නේ.
උපුටා ගැනීම: Tharu Rajapaksha