නාමල් ජයසිංහ නම් වූ දක්ෂ තිර පිටපත් රචකයා (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
‘සත්යා’, ‘වීරයා ගෙදර ඇවිත්’, ‘සහෝදරයා’, ‘තාරා’, ‘බොහිමියානුවා’, අප්පච්චි’ වැනි උසස් ටෙලිනාට්ය රැසක් ප්රේක්ෂකයා හමුවට ගෙන ආ නාමල් ජයසිංහ ලංකාවේ දැනට සිටින විශිෂ්ටම තිර පිටපත් රචකයා කිව්වොත් මා නිවැරැදියි සිතනවා.
මෑතක අපව වසඟ කළ ඔහුගේ නවතම ටෙලි පිටපත වූයේ ” සත්යා” ( මියෙන නොමියෙන ජීවිතයක්) ටෙලිනාට්යයයි. ලාංකීය ජරාජීර්ණ දේශපාලනයේ හෙලුව විනිවිද පෙන්වන මෙම තිර පිටපත තුළ සත්යාගේ චරිතයටත් වඩා අප සිත් පැහැරගත් චරිතය බවට පත් වූයේ සංජයගේ චරිතයයි. සංජයගේ Mastermind එක පසුපස සිටින්නා අන් කවරෙක්වත් නොව නාමල් විජේසිංහයන්ය. ලංකාවේ සමාජය අපූරුවට ප්රශ්න කරන මෙම ටෙලිනාට්යය episode 46 කට සීමා වීම කනගාටුවක්. එහි අවසානය අප නොසිතූ අවසානයක් .නාමල් ජයසිංහ නම් වූ තිර පිටපත් රචකයාගේ විශේෂත්වය ද එයයි. ⁣ ප්රේක්ෂකයා නොසිතූ මානයකට රැගෙන යාමට ඔහුට පවතින්නේ අපූරු හැකියාවක්.සත්යා ටෙලිනාට්යයේ තේමා ගීතය වන “ෆීනික්ස් කුරුල්ලෙක් මම ” ගීතයද නාමල් ජයසිංහයන්ගේ ගීත රචනයක්.
” වීරයා ගෙදර ඇවිත්” ටෙලි නිර්මාණය සදහා හොඳම තිර පිටපත් රචකයාට හිමි සම්මානය පවා නාමල් ජයසිංහයන්ට හිමි වුණා. පශ්චාත් යුද සමය තුළ සමාජමය කියවීමකට ඔහු අපව රැගෙන යනවා. එහිදී සිය දෑස් අහිමි වූ යුද විරුවෙකුගේ ජීවිතය හරි අපූරුවට නිරූපණය කර තිබෙනවා.
” සහෝදරයා ” ⁣ටෙලිනාට්යය අපව සංවේදී කළ විශිෂ්ට ගණයේ ⁣ටෙලිනාට්යයක්. සහෝදරත්වයේ හැඟීම අප හද පත්ලටම ගෙනයන තිර පිටපතක්. ඉතා සීමිත episode ගණනකින් ප්රේක්ෂක සිත් වසඟ කළ මේ ටෙලි සිතුවමේ අවසානය අප කිසිසේත් බලාපොරොත්තු නොවුණක්. කුතුහලය දිගටම රදවමින් අප නිර්මාණයේ අවසානය තෙක් ගෙන ගිය තිර පිටපත් රචකයා අපව අවසානයේ වික්ෂිප්ත භාවයට පත් කරනවා.
” තාරා” (තරු අතරින් මිහිමතබට කන්යාව) ටෙලිනාට්යය අපගේ මනස Brain wash කරන අපූරු නිර්මාණයක්. නන්දිතාගේ චරිතය තුළින් සාම්ප්රදායික හණමිටි අදහස් වලට අභියෝග කරමින් , විටෙක සමාජය උපහාසයටද ලක් කරමින් ප්රේක්ෂකයා නව මානයකට ගෙන යනු ලබයි.
” බොහිමියානුවා ” ටෙලි පිටපතත් අතිවිශිෂ්ට තිර පිටපතක්. “ආදරය, උමතුව , ජීවිතය” තේමා කර ගනිමින් මනුෂ්ය සිතුවිලි කදම්බයන් අපූරුවට නිරූපණය කිරීමට නාමල් ජයසිංහයන් සමත් වී තිබෙනවා. මෙහි එන ‘ චොප්රාගේ’ චරිතය තුළින් ඔහු අප වෙත බොහීමියන් දර්ශනය ගෙන එනවා.
නාමල් ජයසිංහයන්ගේ තිර පිටපත්වල විශේෂත්වය වනුයේ ඒ තුළින් අපට සතුටුදායක අවසානයක් බලාපොරොත්තු විය නොහැකි වීමයි.ඒ ලංකාව වැනි රටක් තුළ එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි නිසාවෙනි.
අනෙක් කරුණ වනුයේ ඔහු විසින් රචිත බොහෝ ටෙලිනාට්යවල චරිත රට හැරයාමයි. සහෝදරයා ටෙලිනාට්යයේ උත්තරා දේවී ලංකාව හැර දමා කැනඩාව වෙත පිටත් වේ. සත්යා ටෙලි නාට්යය තුළ ද මොරටු සරසවියේ සිසුවිය එලෙසම රටින් පිට වී යයි. විජිත් ද උත්සාහ කරනුයේ ර⁣ටින් පැන ගැනීමටයි.
ගෙන්දගම් පොළොව මත දිවි ගෙවන්නවුන්ගේ චරිත අප ඉදිරියට ගෙන එන Namal Jayasinghe ලංකාව සතු වටිනා වස්තුවකි.
May be an image of 2 people and text
May be an image of 1 person, beard and text
May be an image of 3 people and text
May be an image of 1 person and text
May be an image of 2 people and text
May be an image of one or more people, beard and text
උපුටා ගැනීම:Horagala Vimalathissa

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!