ගොඩක් අයට අවුරුද්ද මතක් කලේ කොහා උනාට අපෙ අම්මට අවුරුද්ද මතක් කලේ මම. ඒ මොකද මගේ උපත එනම් මේ අවුරුදු කුමාරයගෙ උපත සිදු උනේ ඒ මාසේ ලස්සන දවසක..
ගොඩක් අය ඉපදෙනකොටම අම්මට කරදර කලේ ඉස්පිරිතාලෙ යන්න උනාට මම එහෙම නොකලෙ අම්මට ආදරේ නිසා මොනව උනත් එදා මම ගෙදර ඉපදුන වෙලාවෙ මිඩ්වයිෆ් මිස් ගෙදර නොහිටිය නම් මටත් වෙන්නෙ අම්මත් එක්කම ඉස්පිරිතාලෙ යන්නටය.
මොනා උනත් අම්ම නම් එදා මාව ඉපදුන වෙලාවෙ කිව්වෙ
” කවද හරි උබ තමා පුතේ අපේ පවුලෙ නම ඉහලට ගෙනියන්නෙ “
කියාය… ඔය කතාව මට කීවේ අපේ අයියා ය. මොකද ඕක කියනකොට මතක හිටින්න තරම් මාගේ මානසික මට්ටම අද මෙන්ම එදත් හොද තත්වයක නොතිබුන බවට මටම කිව හැක. ඒ මා ඉපදී විනාඩි 13යි තප්පර 27ට පසුව අම්මා මෙය කියූ නිසාය.මේ බව කීවේත් අයියාමය. නැත්නම් ඔබ අසන්නේ කියපු දේ අමතක උබ වෙලාව මතක තියාගත්තෙ කොහොමද කියා යා.
ඒ කෙසේ වෙතත් අම්මා කියූ අයුරින් පවුලේ නම ඉහලටම අරන් යන්න මා හට මදි උනේ තව දශම දෙකක් පමණි. ඒ මා 5 වසරේදී සදුනිගෙන් කසාද බදිමුද කියා අහන විට එය අපගේ පංතිභාර මිස්ට ඇසීමත් සමගිනි. එහෙත් මිස්ගේ කරුණා බල මහිමයත් මාගේ සිත් ඇදගන්නා සුලු අහිංසක සිනහවත් එකට කැටි කල මටසුමට කතාව නිසා මිස් එය ශේප් කලද , එය මටසුමට උනාට සදුනිට සුමට නොවූ නිසා සදුනිගේ අයියා මට බිම දාගෙන ගැහුවේ බයික් එකට බල්ලෙක් පනිනවා මෙන් එක පාරටමය.
එදා සදුනි මට හා කිව්වා නම් මිස්ට එය ඇසුනේ නැති නම් සදුනිගෙ අයියා මට ගැහුවේ නැතිනම් මාගේ නම නොව අපේ පවුලේ නම පමනක් නොව රටේ නමද වාර්තා පොතට එකතු වන්නේ අහපු ගමන් කසාද බදින්න කැමති උන එකම කෙල්ල එක්ක මා විවාහ වීම නිසා බව අදටත් කසාදයක් නැති මා හට පෙන්වා දිය හැක.
එහෙත් මා ඉපදී දින 17කට පසු කිරි වමනය කර ඇත. එය දුටු අපේ තාත්තා පවස ඇත්තේ
” කවද හරි මූ තමා මගේ නම ඉස්සරහට ගෙනියන්න ඉන්නෙ “
කියාය… තාත්තාට සිතී ඇත්තේ මා අරක්කු බී වමනය කල බවද කියා අපෙ අම්මා තවමත් බත් උයන්න හාල් ගරන ගමන් කල්පනා කරන බව මා හට දැනට දින දෙකකට උඩදීද කීවේ හිතේ සැකයක් ද සමගය.
දින 17 දී කිරි වමනය යාමත් එය තාත්තගේ නම ඉස්සරහට ගෙන යාමත් සමග සම්බන්ධ වූයේ කුමක් නිසාද කියා මා හට අදටත් ගැටලුවකි.
කෙසේ වෙතත් මා කිසි දිනෙක මත් වන ජාතියක් අමුවෙන් කටේ තියා නැති අතර තාත්තගේ නම ඉදිරියට ගෙන යාමට කවදා හෝ ඔය දහජරාව අමුවෙන් බීමට වන බව මා නිසැකවම දන්නා කරුණකි.
කෙසේ වෙතත් අපගේ පවුලේ බම්බුවක් වැනි නම්බුව ඉදිරියටත් රැක ගැනීමට මා හට විශාල කාර්යයන් රාශියක් පැවරී ඇති අතර තව දිනෙක ඒවා සදහන් කිරීමට කැමැත්තෙන් අදට මෙයද නවත්වමි. මට මෙන්ම අපගේ පවුලේ නම්බුවටද බුදුසරණයි



( මම මේ ටයිප් කරන ඒව සමහරුන්ට හොද ඇති තවත් අයට මෙලෝ රහක් නැතුව ඇති. ඒත් මේ මට පුලුවන් දේ පමණි. ඔබගේ වටිනා අදහස මා අගයමි. අදහසට ඇහුන් කන් දීමට තරම් මා හට මාහාබලගතු ශක්තියක් ඇත.
. එක වචනයකින් හෝ ඔබගේ අදහස දක්වන මෙන් ඉල්ලා සිටිමි.
)


උපුටා ගැනීම: Achintha Giwantha