නමින් ටෙඩී ය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගෙදරට එන්නේ මීට වසර ගණනාවකට කළින් ය.
වචනයේ පරිසමාප්තියෙන්ම පරයෙකි. නොඑසේනම් Indian Paraiah Dog වර්ගයට අයත් එකෙකි.
තාත්තා කියන්නේ මූ ගිය ආත්මයේ මනුස්සයෙකු කියාය. ඊට හේතු කීපයකි.
මූට …ශරීර කෘත්ය කරන්නට සිමෙන්ති පොළවක් උවමනාය. නැතිනම් ටයිල් පොළවක් උවමනාය. කවුරුන් හෝ බලා හිඳ ගහප් තොට මැරෙන්න ඔතන රුන්නොත් කියා තරවටුවක් කළ විට වියළිව , ක්රමවත් ව අතුගා ඇත්නම් පමණක් කලු චිප්ගල් අතුරන ලද ගෙදර මිදුලේ ඒ කාරිය කරන්නේය. නැතිනම් නිවසේ ඉදිරිපස වැරෙන්ඩාව හොඳින් විෂබීජ හරණය කර , සෝදා වියළිව පවතිනා විටක ටයිල් පොළවම ඌට ලැට් වලකි.
වතුර අකැපය. එහෙත් නෑවීමට කරදරයක් නැත. වැරදීමකින් හෝ වර්ශාව පතනය වේනම් ඌට කූඩුවෙන් පිටට විත් අවශ්ය තැන් වලට යාමට ගෙදර කවුරුන් හෝ කුඩය එසවිය යුතුය. නැතිනම් මේ හාමු මහත්තයා කූඩුවෙන් එලියට අඩියක් හෝ තබන්නේ නැත.
කන්නේ ඉතා අඩුවෙනි. ෆිගර් මේන්ටේන් කරන්නේය. පාන් කෑමට රුසියෙකි. නමුත් පාන් කන්නේ දින දෙක තුනක් ඒවා අව්වේ වියලා ටෝස්ට් කරගැනීමෙන් පසුවය. එතකන් ඒවාට අත තැබීමට හෝ අපට තහනම් ය.
ගෙදරට එන අමුත්තන් ට බුරනවා වෙනුවට යටිගිරියෙන් විලාප නගා දෙකකුලින් ඉස්සේ අමුතු පිළිගැනීමේ නර්තනයක යෙදී පලාත දෙවනත් කරමින් කරනා රංගනය අවසාන වන්නේ ගෙදර කෙනෙක් ඌගේ අම්මා, මුත්තා මතක් කර බැණීමෙන් සහ මරණ තර්ජන කිරීමෙන් අනතුරුවය. (මූව හැදුවාට වඩා පුකට පයින් එකක් ගසා පාරට ඇද දමන්නට සිතෙන වාර හිසේ කෙස් ගාණට වඩා වැඩිය. නමුත් කොරන්නට දෙයක් නැත. බැඳගත්තාවූ බෙරය ගැසිය යුතුමය.)
ටෙඩියා ගැන දරුණුතුම පශ්චාත් බාගේ චර්ම රෝගය තිබූයේ ගේ ආසන්නයේ වාසය කළ පිස්සු හෝන්තුවකටය. කීප වතාවක් බල්ලා ඉල්ලා සිට උත්සාහය අසාර්ථක වූ තැන වතාවක් Embark වෙතටත් තවත් වතාවක් සිවුරක් පොරවාගත් ඕන නැති රෙද්දක් නැති හාමුදුරුනමකුත් ලවා ටෙඩියා ගැන අවලාද, නගන්නට ගත් උත්සාහය දෙයියන්ගේ නාමයෙන් කුණුහරප නොපවසා වළකා ගන්නට අපිට හැකියාව ලැබිණ.
ඌට අයිති කාල සටහනක් ඇත. ඒ අනුව උගේ චූ බර හැදෙන වෙලාව. ඌට එලියට ආ යුතු වෙලාව සුපුරුදු විලාපය තුලින් දැනුම් දෙන අතර ඒ වෙලාවට ඌව කූඩුවෙන් එලියට ගැනීමට සහ ඌට අවශ්ය වූ විට කුඩුවට ගිය පසු යළි කූඩුව වැසීමට අප සැදී පැහැදී සිටිය යුතුය.
මළාට වාහනයක ගමනක් යාමට අකමැති අතර මූට කරුමෙට හෝ ලෙඩ උනෝතින් ඇතිවන යුද්ධය තුන්වන ඊලාම් යුද්ධයට වඩා භයානකය.
ගෙට ආ විට අනිත් බල්ලන් මෙන් බිම ඉඳගැනීම ඌට හුරු නැත. අමුත්තන් පමණක් වාඩිවෙන කුශන් සෝපාවේ හරි බරි ගැසී වාඩිවෙන්නේය. ෆෑන් එක උගේ දෙසට කරකැවීම අත්යාවශ්ය වන අතර දෙවෙනි ඉණිම බැලීමද ඉඳ හිටක ප්රිය කරයි.
සැ : යු – පොල් මුඩු ගැලවීමේ දක්ශයෙකු වන අතර වතාවක් අටපට්ටමටද ගියේය.
පිලිගැනීමේ නර්තනයක් අඩංගු වීඩියෝවක් පසුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!