මමයි මගේ මහත්තයයි අපේ දෝනි පැටව් දෙන්නයි යන්න ආසම තැනක් තමයි මහත්තයගේ මහගෙදර…
කවදත් අපිට ඒ හමුවීම ගෙනාවෙ සතුටක්…
එහෙ ගියාම මගේ කටට වගේම කනටත් නවනක් නෑ ආපහු ගෙදර එනකම්ම.
මමත් ගියාම කෝච්චිය වගේ අන්තිමට දැක්ක දවසෙ ඉදන් ඒ කතාකරන මොහොත වෙනකම් සේරම කියනවා. එයාලත් ආසාවෙන් අහනව.
මගේ මහත්තයාත් හරිම කැමතියි නිතරම ඒ දෙමාපියන්ට මාව මුනගස්සවන්න. එයාලත් එහෙමයි. අපි අපි දෙඇසින් දකිනකම් දුරකථනයට නිවනක් නෑ. ඒ තරම්ම අපිට අපි ආදරෙයි.
ඉතිං ඕං ගියාම අම්මයි තාත්තයි අපි එනව කියල දැනගන්න දවසට අපි යද්දිත් අපේ ආසම දේවල් උයාගෙන අපි එනකම් වෙලාව අපිටම වෙන්කරල බලාගෙන ඉන්නව.
අපිත් ගියාම මිදුලෙන් බහිනව නෙමේ පනිනව. අපි හතර දෙනාම ඒ අම්මවයි තාත්තවයි වටකරගෙනද නැත්නම් එයාල අපිව වටකරගෙනද හොයන්න බෑ.
තේ හදන්නේ අම්මයි මමයි. ඒ වෙලාව ඉතිං ඒ වෙලාව තේ වෙලාව වෙන්න පැයක්වත් යනව. ඒ වෙලාව වෙන්වෙන්නෙම පහුගිය ටිකේම මහත්තයාගෙන් මට උන හිත්රිදීම් ගැන ආයෙ යාලුඋන එව ගැන එහෙම කියන්නමයි.
අම්ම හරිම ආසයි මගෙ කටින්ම ඒව අහන්න. මොකද ඇයට ඕනෙම අපි ආදරෙන් ඉන්නව දකින්නමයි. මට ඇයව හොදට තේරෙනව ඊටත් වඩා ඇය මාව තේරැම් අරන්…
ඉතිං ඇත්තම කියුවොත් මගේ මහත්තයා ඉදල ඉදල හරි මගෙ හිත රිදෙන දෙයක් කියනව නේද අන්න එදාට ඒ දුක්ගැනවිල්ල මම කියන්නෙ මගෙ මේ අම්මට තමයි.
ඒකත් නිකම්ම නෙමෙයි හොටු පෙරාගෙන කදුලු පෙරාගෙන…
ඒක අහල ඇය නිතරම මගෙ හිත හදන්නෙම
“අනේ් අඩන්න එපා මගේ දුවේ. මගෙ චූටි පුතාගෙ පනනේ ඔයා. ඔයා ටිකක් ගනන් උස්සල ඉන්නකෝ එතකොට එයාගෙ ගෑස් බහී” කියලයි.
අම්මයි මහතයි ටිකක්. මම ඇයට වඩා කෙට්ටුයි. ඉතිං ඇයගෙ හිත සතුටු කරන්න මමත් එහෙ ගියාම නොයෙක් දේ කරනව.
*ඇයගේ ඇදුම් අදිනව
*ඇයට කියල කවාගන්නව
*ඇයගේ අත අල්ලගෙන ඇවිදිනව
*මහත්තයා එනව පෙනිපෙනීම අම්මට කනට මොනව හරි කියල බොරැවට හිනාවෙනව
(එතකොට නම් මහත්තයාට ටිකක් තරහයි)
*ආස කෑම අම්මට කියල හදවගන්නව
*එක්කො මම හදනව (අප්පා මෙලෝ රහක් නැතත් අම්ම කියන්නෙම හොදයි කියල. මම විවාහ උන අලුත මම උයන ඒව මට කන්නත් බෑ. අම්ම මට හිමිහිට කියල ඇයත් එක්කම උයල මට දැන් හොදට උයන්න පුළුවන්)
මගෙ දරැවන්ටත් ඇය පන තමයි. ආච්චීට මිනිබිරියෝ දෙන්නත් හරි. මිනිබිරියෝ දෙන්නට ආච්චිත් හරි.
එහෙ ගියාම මට ගෙදර එන්න මතකත් නෑ. මහත්තයා තමයි යමු යමු කියන්නෙ.
එවෙලෙට ඉතිං අම්ම බනිනව
“ඕං ආව විතරයි යන්න හදිසිය”
කියල. (ඒ කියුවට අපි අවෙ උදේ නම් යන්නෙ හවසනෙ. ඇයටත් අපි හිටිය මදි වගේනම් ඇය එහෙම කියන්නෙ තව ටිකක් අපිව තියාගන්න)
ඉතිං ඒ අම්ම හදපු වඩපු පුතාට වගේමයි ඇය මටත් ගොඩාක් ආදරෙයි. මමත් ඊටත් වඩා ඇයට ආදරෙයි.
ඇයගෙන් මම උගත් ලොකුම දේ තමයි
නිහතමානි
කරැනාබර
හොද හදවතක් ඇති
දරැවනට හදවතට කතාකලහැකි
සමානාත්මතාව ඇති
දරැවන් නම් දරැවන්මය සිතනා
ආදර්ශමත් අම්ම කෙනෙක් වීමේ වටිනාකම.
මමත් මගේ දරැවන්ටත් ඇයව මගේ හදවතේ වීරවරිය බව නිතරම මතක්කරදෙන ගමන් ආදර්ශමත් මවක් වීමට නිතරම කැපවෙනවා.
මානුෂවාදී ගුණ හංගාගෙන කුහකව ඊර්ෂ්‍යාවකින් වෛරයෙන් ජීවත් වීම තුල තමාට තමාද අහිමිවන අතර …
ආදරය කරැරැනාව වැපිරවීමෙන් පමනක් හදවත් දනිය හැකි බවත්…
ඉන් ලැබෙන නිරාමිශ සතුට ජීවිතය පුරාම එකසේ විදිය හැකි බවත්…
උගත් කමත් සමග වැදගත් කමට මේවා අවශ්‍ය බවත් මගේ දරැවන්ටද
ඒත්තු ගන්වා ගැහැනියකගේ සතුට ගැහැනියක පෙලිමට නොව සැනසීමට යොදවන්නටත්
නැන්දම්මා ඇසුරින් මා උගත් පාඩමෙන්
මගේ දරැවනට මම දෙන දායාදයයි
උපුටා ගැනීම: Chathuri Ranasinghe