මම තුන වසරෙදි තමා නංගි ගෙනාවෙ.. එයා මට වඩා අවුරුදු 08ක් බාලයි .. නංගි ආවෙ සුරංගනා ලෝකෙන්ලු.. අම්ම එහෙමයි මට කියල තිබුනෙ.. වෙන අම්මලා නංගිලා ගේන්න කලින් බන්ඩිය ලොකු වෙනවා මලීශලෑ අම්මගෙත් එහෙමයි එයා ගෙනාවෙත් නංගියෙක් ඒත් මල්කි නම් කියන්නෙ නංගිලා ගේනකොට විතරක් නෙවෙලු මල්ලිලා ගේනකොටත් එහෙම බන්ඩිය ලොකුවෙනවලු.. එයා දන්නවා අපිට වඩා මොකද එයාට ඉන්නෙ මල්ලිකෙනෙක්..
කොහොම උනත් අපෙ අම්මට අපෙ නංගි ගේනකොට බන්ඩියක් තිබ්බෙ නෑ ඒක මට හරි ප්රශ්නයක් උනා.. අපේ ආච්චි කියන්නෙ මම අම්මා වගේලු,ඇස්දෙක නම් ඇරපු අතක් නෑ අම්මමයි කියලා නැන්දත් කියලා තිබුන..
මල්කි කියන විදිහට ළමයි අම්මල හරි තාත්තල හරි වගෙ වෙනවලු ඒ ඇයි කියලා අපි ඇහූවට කිවෙ නෑ ඒක එහෙම තමා කියලා කීවා. වෙන්න ඇති මමත් අම්මා වගේනෙ..
ඒත් අපෙ නංගි..
නංගිගෙ මූන රෝසපාටයි මලක් වගේ අම්මා වගේවත් නෑ තාත්තා වගෙවත් නෑ.. නංගි කවුරුවගේද?? මට ඉතින් ඔව්ව තේරෙන්නෙ නැතුව ඇති කියලා මම ඕක වැඩිය හිතන්න ගියෙ නෑ.. ඉස්කෝලෙදි නංගි ගැන කියනකොට මලීශලාටත් පුදුමයි..
එයා සුරංගනා ලෝකෙන් ආවා කියලා මම යාලුවන්ට කීවට එයාලා පිලිගත්තෙම නෑ.. එයාලා කීවා අම්මලා මාව රවට්ටනවලු සුරංගනා ලෝකයක් කියලා එකක් නැහැලු.. නෑ අම්මා කවදාවත් මට බොරු කියන්නෙ නෑ ඒක මට විස්වාසයි..
එයාලා තාම පොඩි නිසා අපි කියන දේවල් තේරෙන්නෙ නැතුව ඇති අම්මලා ලොකු නිසා දන්නවා ඉතින් මමත් දන්නවා.. ලොකු උනාම එයාලට තේරෙයි ඉතින් මමත් එයාලාට තව කියලා දෙන්න ගියෙ නෑ.. මොකද එයාලා ඇත්ත දැනගත්ත දවසට දුක හිතෙයි කියල මට හිතුන,,
තුනවසර අන්තිම වාර විභාගෙ.. ඉවර වෙල ලකුනුත් දුන්නා වෙනදට අම්මා එනවා අන්තිම දවසට එක්ක යන්න අද ආවෙ ආච්චි..
මට දුක හිතුනා..
අලුත් පන්තියට යන්න දීපු පොත් ඉස්සල්ලාම පෙන්නන්න ඕන උනේ අම්මට.. එතකොට අම්ම කියනවා
“අහ් මගෙ කෙල්ල දැන් ලොකු අක්කා කෙනෙක්නෙ” කියලා
එක වසරෙන් දෙක වසරට එනකොටත් කීවා දෙකෙන් තුනට යනකොටත් කීවා.. අද මම ඒක අහන්න හිතාගෙන අම්මා එනකන් බලන් හිටියෙ..
මං ගේට්ටුව ගාව හිටපු ආච්චි ගාවට ගියා. වෙනදා වගේ මම දැක්කාම ලස්සන හිනාවක් ආච්චිගෙ මූනෙ නෑ ඇස්දෙකත් ඉදිමිලා වගේ ආච්චිට අසනීපයක් වෙන්න ඇති කියලා මම හිතුවා.. අපෙ අම්මලත් වෙලාවකට මෝඩයි අසනීප තියන මිනිස්සුන්ව මෙහෙම එවන්න හොදනෑ.. ඒ ගැන කල්පනාවෙන් ගෙදරට යන පාර ගාවටම ගියා..
සුදු කොඩි දෙකක් දාලා තිබුනා ගෙදරට ඇතුල්වෙන පාර ගාව නංගි රෝසමලක් වගේ චූටි පෙට්ටියක නිදි කරවලා තිබුනා,, මම සද්ද නැතුව අම්මා ගාවට ගියෙ නංගි ඇහැරෙයි කියලා බයට.. වෙනදාට වඩා කට්ටිය ගොඩක් ගෙදර ඉන්න නිසා අමුත්තක් හිතුනා අම්මා මාව බදාගෙන ඇඩන්න පටන් ගත්තා.. මොන මොනවදෝ කියෙව්වා ඒ කියපුවයින් මටන් තේරුනේ , අද නංගි ගෙදරින් යනවා කියලා..
ආයෙ එන්නෙ නෑ කියලාත් හිතුනා..
ඉතින් “මන් නංගි නැතුව ඉන්නෙ කොහොමද අම්මෙ” කියලා මම අහපුවම අම්මා මාව බදන් කෑගහලා ඇඩුව මට මතකයි නංගි ගෙනාපු දවසෙ මම අල්මාරියේ හංගපු අලුත් බෝනික්කා මම අල්මාරියෙන් අරන් ඇවිත් නන්ගිගෙ අත්දෙක උඩින් තියලා කීවා
“මේක තියාගන්න නංගි ඔයා යන්න එපා” කියලා
ඒත් ගනන් ගත්ත පාටක් නම් පෙනුන් නෑ..
අම්මයි මමයි අඩනකොට නංගිව කවුදෝ අරන් ගියා..
පස්සෙ කාලෙක දැනගත්තා සුරංගනාවි අපිට අයිති කෙනෙක් නෙවේ කියලා..
එයා අපේ පුංචිගෙලු නංගි හම්බෙනකොට පුංචි නැති වෙලා.. අම්ම නංගිව අපේ ගෙදර ගෙනල්ලා.. ඒත් නංගි වැඩි කාලයක් ජීවත් වෙන්නෙ නෑ කියලා දැනගෙන ඉදලා තියන්නේ,,
ඒ වගේම ආයෙ නංගි සුරංගනා ලෝකෙට ගියා..