නන්ඟි ගැන මතකය (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නන්ඟි ගැන මතකය හින්ඳා එයාගෙ කතාවක්ම කියන්නන් මගේ නන්ඟී (අපි කියන්නේ චූටි කියලා) හරිම මුරන්ඩුයි! එයාට හිතෙන දේ ඉවරක් වෙනකන්ම කරන්න පුලුවන්. වැස්සකටවත් කැම්පස් නොගිය අපේ පවුලෙන් කැම්පස් ගියෙත් එයා. ඉතින් ඔය කාලේ මගේ කසින් අයියා අපේ ගෙදර හිටියේ. දෙන්න අතර සම්බන්ඳයක් පටන් ගෙන. අපි දන්නෙත් නෑ. එතකොට ඒ අයියා හෝටල් කලමනාකරුවෙක් නුවර. මේ දෙන්නා දැන් අපේ ගෙවල් වලට කිව්වා මේ දෙන්නගෙ සම්බන්ඳය. දෙන්නට බඳින්න ඕනෙත් කිව්වා. වැඩේ වුනේ ඒ අයියගේ අම්මා මේකට තදින්ම විරුද්ධ වුනු එක. ඒ හින්ඳා අපේ පවුලේ මේකට විරෝධයක් ආවා. අනික නෑනයි මස්සිනයිත්නේ. එතකොට පොඩි සීන් එකක් තියනවනේ ලේවල හම්බවෙන දරුවන්ට. ඕව මේවා හින්ඳා අපේ අප්පච්චිත් මේකට විරුද්ධ වුනා. අප්පච්චිගෙ වචනෙ ඉතින් රාජ වචනෙ වගේ තමා අපේ ගෙදර. එතකොට මම බැඳලා නෑ. ඉතින් චූටි මට කතා කරල කිව්වා එයා හෙට බඳිනවා බොහොම චාම් උත්සවේකින් හැබැයි පවුලේ කිසි කෙනෙකුට කියන් නෑ මොකද ඒ අය ආවොත් ප්රශ්නයක් වෙන හින්ඳා කියලා.
මම තනියම තීරණය කරා පවුලේ සියලු දෙනාටම විරුද්ධ වෙලා මේකට යන්න. ඉතින් මම කොලඹ ඉඳන් සතියෙ මැද නුවර ආවා. මතක විදියට අඟහරුවාදා. අපි මොන නසරානියෝ වුනත් අපේ අප්පච්චිට අම්මට තිබ්බේ ලොකු ගවුරවයක්. අම්ම ඉතින් අම්මක්නේ. ඕනෙ දෙයක් කියන්න පුලුවන්නේ අම්මෙකුට. ඒත් අප්පච්චි එක්ක අපේ තිබ්බේ ගව්රවනීය ඩිස්ටන්ස් එකක්. ඉතින් අප්පච්චි මගෙන් ඇහුවා ‘ඇයි උඹ මේ සතිය මැද?’ කියලා. අප්පච්චි මෝඩයෙක් නෙවෙයිනේ බොරු කියන්න. ඉතින් මම කෙලින්ම කිව්වා ‘අප්පච්චි මම චූටිගෙ වෙඩින් එකට යන්න ආවේ’ කියලා. යකෝ උඹලට හිතේ ඇති එහෙම කියන එක ලේසි වෙන්න ඇති කියල නේ? පුකෙන් හිටන් දාඩිය දාන් ඒ ‘ගට’ ගත්තේ!! අප්පච්චි ටිකක් කල්පනා කරලා කිව්වා ‘එතකොට උඹ යනවා එහෙනන්’ කියලා. මම කිව්වා ‘අප්පච්චී, අපිව හදල තිබ්බේ එකටම. මේ වෙලාවේ අපි චූටිව තනි කරන එක හරි නෑ නේද? මට ඒක කරන්න බෑ’ කියලා බිම බලන්!! දැන්නන් මට කලිසමේ චූ යන්න එන්නේ මිත්රවරුනි! අපේ අප්පච්චිට එහෙම කවදාවත් කතා කරල නෑනේ. අප්පච්චී මා දිහා බලන් ඉඳලා ඇතුලට ගියා. මොකුත් කිව්වෙ නෑ.
මම ඉතින් මගේම ගට ගැන පුදුම හිතන් පහුවදා ගියා. චූටි දන්නෙත් නෑ මම එනව කියලා. මම හෝටලේට යනකොට චූටි තනියම එයාගේ බ්රයිඩල් ඩ්රෙස් එක අඳිනවා! එයා ඇස් උඩ තියන් ඇහුවා ‘දැන් උඹට ලොකු කේස් එකක් වැටෙයි පවුලෙන්’ කියලා. මම කිව්වා ඒව මම බලා ගන්නන් කියලා තදය සේ. ඉතින් එදා මම තමා චූටිව පෝරුවට ඇරන් ගියේ එයාගේ තාත්තා වගේ වැලමිටවල් පටලවගෙන. යාලුවොත් පනහක් හැටක් හිටියා හෝල් එකේ. පිස්සු පීකුදු සාන්ත. මම පපුවත් පුම්බන් හරියට මාව බලන්න සෙනග ඇවිත් වගේ හෙමින් අඩිය තිය තියා ඇවිද්දේ මාලිගාවෙ ඇතා යනව වගේ…පූහ්.. ඒක මට අමතක වෙන් නෑ. ඇයි ඉතින් වැදගත් වැඩකට කියලා ඔය එකක් කරාමනේ. ඊට පස්සෙ මගේ එක මල්ලියෙකුත් ආවා. අපි ඌට හිනා වුනා දැන් උඹටත් ලොකු කේස් එකක් වැටෙයි කියලා. ඌ කියනවා ‘නෑ. දැන් ඔක්කොම වලිය යන්නේ සුසාන් අයියට. මාව පේන් නෑ’ කියලා.. එදා ඉතින් බීලා, නටලා, අරුන් දෙන්නව පූල් එකට දාලා පිස්සු කෙලලා ආවේ! අප්පච්චි නැගිටින්න ඉස්සෙල්ලා කොල්ල මාරු කොලඹට!!
අප්පච්චි පසුව චූටිලත් එක්ක එකඟ වුනා. චූටි අප්පච්චි මැරෙනකන්ම එතුමට හොඳින් සැලකුවා. අපි බොහොම සැහැල්ලුවෙන් විනෝදෙන් හිටියා ඒ අයට ඔය ඛේදවාචකය වෙනකන්.
ජීවිතේ ඔහොම තමා. දුක සැප උඩ දාපු කාසියක දෙපැත්ත වගේ. කොයි වෙලාවේ මොන පැත්ත පෙරලෙයිද කියන්න බෑ. අපි ජීවිතේ සැහැල්ලුවෙන් ගෙනියන්න ඕනෙ වැඩිය කම්ප්ලිකේට කර ගන් නැතුව.
උපුටා ගැනීම: Susantha Pethiyagoda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!