නැන්කින් යන නම ඇසූ පමණින් ලේ රත් වන, ඉතිහාසයේ සිදු වූ දරුණුම ඛේදවාචකය වන නැන්කින් සංහාරය සමහර විට ඔබ අසා ඇති. දෙවන ලෝක යුද්ධයේදී සිදු වූ මෙම සිදුවීම, මනුෂ්යත්වයේ හීන වී යාම ලොවටම හඬගා කිය අවස්ථාවකි.
එය කියවීමට තරම් ශක්තියක් ඔබට ඇතැයි රාම්වණා අනුමාන නොකරයි. මොකද ඒ සිදුවීම් පැහැදිලි කිරීම වඩා භයානකය.. දරුණුය.. මිනිස්සුන්ට එලෙස හැසිරීමට හැකි දැයි ප්රශ්නයක් ඇති කරයි… නමුත් මේ කියන්නට යන්නේ නැන්කින් සංහාරය ගැන නොවෙයි.. දෙවන ලෝක යුද්ධයේදී එම කාලය තුළම, නැන්කින් වලදීම සිදු වූ, කිසිදු සලකුණක් නොතබා අතුරුදහන් වූ තුන්දාහකට ආසන්න හමුදා ඛණ්ඩයක් ගැනයි.
එය චීනය හා ජපානය අතර යුද්ධයේ ගිනිදළු පැතිරගිය ක්රි.ව 1937 වසරයි.දෙපාර්ශවයටම දැඩි සේ අලාභහානි සිදුවූ අට අවුරුදු යුද්ධයේදී කාලයේ වැලි තලාවෙන් වැසීගිය එක්තරා සිදුවීමක් ලෝකයා හමුවේ අබිරහසක් ඉතිරිකරවීමට සමත් විය.
ඒ ක්රි.ව 1937 දෙසැම්බරයයි. ජපාන හමුදා විසින් නැන්කින් නගරය සිය යටතට ගැනීමත් සමගම 2988 ක සෙබල පිරිසකින් හා විශාල බර අවි වලින් සමන්විත චීන සේනාංකයක් නැංකින් පලාතේ කිලෝමීටර් 3.6 ක් පමණවූ පටු බිම් තීරුවකට කැදවීමට ඉහලින් අණක් ලැබිනි.
ජපාන සෙබලුන්ට නගරයෙන් පිටතට යාමට නොදීම සදහා කැදවූ චීන සේනංකයේ ප්රධානම අරමුණ වූයේ ඒ අසල වූ යැංසි නදිය හරහා ඉදිකොට තිබූ පාලම ආරක්ෂා කිරීමයි.
දෙසැම්බර් මස 9 වෙනිදා රාත්රිය උදාවිය.
චීන සේනාංකයේ අණදෙන නිලධාරි ලී ෆූ සියෙන් ( li Fu Sein) සිය සේනාංකය නියමිත පරිදි පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුපුරුදු පරිදි චීන ඉදිරි ආරක්ෂක වලලෙන් කිලෝමීටර් 2 ක් පමණ පිටුපසින් පිහිටි සිය කදවුර කරා පිවිසියේ රාත්රි නිදාගැනීම සදහාය.
රාත්රිය ගෙවී ගොස් පසුදා පහන් විය. උදෑසන අවදි වූ චීන අණදෙන නිලධාරියා ලද පණිවිඩයයෙන් වික්ෂිප්ත විය.
නැන්කින් පාලම අසල ස්ථානගත සේනාංකයෙන් කිසිදු පණිවිඩයකට ප්රතිචාර නොලැබෙන බව ඉන් පැවසිණි.
පාලම අසල ස්ථාපිත සේනාංකය අසලට ගිය නිලධාරින්ට දැකගත හැකිවූයේ සම්පූර්ණයෙන්ම පාලු ස්වභාවයක් ගත් චීන ආරක්ෂක වලල්ලයි. සේනාංකයේ බර අවිද ප්රහාරයකට සුදානමින් උන්ඩ පුරවා එලෙසම තිබූ තැනවලම පැවති අතර කිසිදු කලබලයක් සිදුවූ ලකුණක් හෝ දක්නට නොලැබිනි.
නමුත් කිසිදු සෙබලෙකුගේ හෝ නිලධාරියෙකුගේ සලකුණක්වත් දක්නට නොලැබිනි.
ඒ ආසන්නයේ සිටි ගොවියන් ඇතුලු මිනිසුන්ගෙන්ද මේ පිලිබද ප්රශ්න කර සිටියද කිසිවෙකු පලායන දර්ශනයක් හෝ කිසිදු වෙඩි හුවමාරුවක හඩක් නොඇසුනු බව ඔවුන්ගෙ ප්රකාශ වලින් සටහන් විය.
එමෙන්ම ඒ අසල භූමියේද කිසිදු පසුබැසීමක හෝ සලකුණක් දැකගත නොහැකි වූ අතර කිසිදු අඩි සලකුණක් හෝ මල සිරුරක්වත් දක්නට නොලැබිනි.
මෙම සිදුවීම පැහැදිලි කිරීම සදහා විවිධ මත ඉදිරිපත් වී තිබේ
මින් එක් මතයක් වූයේ චීන සේනාංකය ජපාන හමුදාවට යටත් වීමක් සිදුවී ඇති බවයි.කෙසේ වෙතත් එය කිසි ලෙසකින්වත් සිදුවිය නොහැකිවිය. මන්ද ජපානය විසින් තමාට යටත්වන්නන් හට ඉතා දරුනු වධහිංසා පමුණුවා මරණයට පත්කරන අතර මේ ගැන හොදින් දන්නා චීන සෙබලුන් කිසි ලෙසකින් වත් ජපානයට යටත් වීම සිදුවිය නොහැක . එමෙන්ම ජපානයද පසුව නිවේදනය කලේ මෙලෙස කිසිදු චීන සෙබලෙක් තමාට යටත් නොවූ බවයි.
මෙහිදී යම්තාක් දුරකට සිදුවිය හැකි මතයක්ද ඉදිරිපත් විය.
එනම් යුදමය තත්වයන් නිසා ඇති කලකිරීම හා බලාපොරොත්තු රහිතබව හේතුවෙන් චීන සෙබලුන් හොර රහසේ සෙමෙන් සෙමෙන් අසල කුඩා ලදුකැලෑ හරහා ඒ අසල ගොවීන්ගේද සහයෙන් පලායාමක් සිදුවිය හැකි බවයි. මෙලෙස විශාල පලායාමක් පිලිබද ප්රසිද්ධියට පත්වුවහොත් එමගින් අනෙක් සෙබලුන්ගේ චිත්ත ධෛර්යයට හා චීනයේ ප්රතිරූපයට හානිවේ යැයි බියෙන් චීනය විසින් එම පලායාම ලොවෙන් වසන් කරා වියහැකි බව ඉන් කියැවිණි.
නමුත් මෙම මතයද තරමක් මතභේදාත්මක වන අතර බොහෝ දෙනාගෙ අදහස වන්නෙ ඒ අවට පරිසරයේ පැවති ඉතා කුඩා පදුරු වැනි ලදු කැලෑ හරයා කිසිවෙකුටත් නොපෙනී 3000 ක භට පිරිසකට පලායාම ඉතා අපහසු බවයි.
මීට අමතරව ඉදිරිපත් වූ තවත් අපූරු මතයක් වූයේ චීන සේනාංකය පිටසක්වල පැහැරගැන්මටකට ලක්වූවා වියහැකි බවයි.එමෙන්ම චීන සේනාංකය කිසියම් සිදුවීමක් නිසා විශ්වයේ වෙනත් මානයක් කරා ඇදී ගියා වියහැකිබව වැනි මතද ඉදිරිපත් විය.
කෙසේ වෙතත් මෙවැනි සිදුවීමක් පිලිබද ඓතිහාසික සාක්ෂි අවම වන අතර මේ නිසා බොහෝ පිරිසක් පිලිගන්නෙ නැන්කින් සේනාංකයේ අතුරුදන්වීම කිසිදු ලෙසකින් සත්යක් නොවියහැකි බවත් මෙය ඉතිහාසයේ සිදු නොවුනු සිදුවීමක් බවයි.
අවසානයේ තවත් එක් අබිරහසක් කාලයේ වැලි තලාවෙන් එලෙස වැසීගියේය .
උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.