නන්නාදුනන නම්බර් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හදිස්සියේම නන්නාදුනන නම්බර් එකකින් කෝල් එකක්.
මත් ඉතින් මගේ සුමදුරු ස්වරයෙන් හරි ලාලිත්ය යෙන් හෙලෝ,
නෝ කතා නෝ සිනා,
හෙලෝ කවුද මේ
ඔන්න එහා පැත්තෙන් කටහඩ අවදි උනා.
පුරුෂ උත්තමයෙකුන්ගෙන්.
මූ එකපාරම ඔයා කවුද කියලා අහපි.
“දැං මගේ යටි හිත මුගේ ආ
උඹ නේද කෝල් එක ගත්තේ
දැං මං කවුද අහන්නේ..”
ඒත් මං එකපාර මුකුත් නොකියා ඉද්දී මූ අයෙත් අහනවා ඔය කොහින්ද?
ඒපාරනම් ඉතින් මගේ යකා ආවා..
ඉහමොල රත් උණා.
ගත්තා ගෑණු ශක්තිය උපරිමයෙන් ,
කටහඩ සද්දේ නැතත් උච්චම ස්වරයෙන් ඇයි තමුසෙ හිතං ඉන්නේ කටහඩින් අදුනන්න තමුසේ ජෝතිපාලාද ,
අනික තමුසෙම කෝල් එක අරං මං කොහෙද අහන්නේ.
අනේ මේ මට වැඩ තියෙනවා ,
කියලා කට් කරන්න යද්දීම ,
එහා පැත්තෙන්,
“ඇයි තමුසෙට අදුනන්න බෑද ,
ඉස්සරලා කාට උනත් කතා කරන්න ඉගන ගනිම්.”
මමත් නිකං හිටියේ නෑ .
ආ… මේ ඔය උත්තමයා කියනකල් හිටියේ.
ආයි කතා කළාම .
“අනේ මෙයා.
මම මෙහේ.
මේ..තාම කෑම හදනවා
යන ගමන් එම්න කාලා පොඩ්ඩක් වාඩිවෙලා යන්න” .
කියලා කියපි.
යකෝ දැං බැදලා අවුරුදු කීයද?.
උබට තාම මිනිහගේ කට හඩ අදුනන්න බෑද?.
අප්පට සිරි,
ඒපාරනම් අර ගෑණු ශක්තිය කොහින් ගියාද නෑ.
මිනිහා උනත් දැන ගන්න ඕනී අවුරුදු ගාණක් හිටියත් අපිත් රැවටෙනවා කියලා.
අවසානෙට මනුස්සයා කියපි මෙච්චර කාලයක් මගෙත් එක්ක හිටිය ගෑණිට ,මගේ කටහඩ හොයන්න බෑ,
ජෝතිපාලගේ පුළුවන්ලූ,
ජෝතිපාල ද තමුසෙගේ මිනියා,,
ඒකටනම් මටත් හිනාව නවත්තගන්න බැරි උනත් මාත් හිමීට කියපි ඔය වගේ ගොරහැඩි නැති ,
ඒ වගේ සුමුදුර හඩක් තිබුණනම් මටත් එකපාරම අඳුන ගන්න තිබුණා කියලා.
උපුටා ගැනීම: Buddhika Ruwanthi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!