නාසාහි 2020 Perseverance අඟහරු රෝවරය: උපාංග (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
~ NASA’s Mars 2020 Perseverance Rover: Components ~
අඟහරු භූ විද්යාත්මක ලක්ෂණ අධ්යයනය, අතීතයේ අඟහරු මත වූ වාසයෝග්යතාව පිරික්සීම, පුරාණ ක්ෂුද්ර ජීවය පිළිබද සාක්ෂි සෙවීම මෙන්ම අනාගත රොබෝ හා මානව ගවේෂණ සඳහා මංපෙත් විවරකර දීම වැනි මුලික අරමුණු කීපයකින් යුතුව අඟහරු මතට යැවෙන Perseverance රෝවරයේ සැලසුම නාසාහි Curiosity රෝවරයේ ආකෘතියට බොහෝ සෙයින් සමාන වේ. Perseverance රෝවරයට බලය සැපයෙන්නේද Curiosity රෝවරයේ මෙන් විකිරණශීලි සමස්ථානික තාප විද්යුත් උත්පාදකයකින් වනමුත් මෙහි රෝද Curiosity රෝවරයේ රෝදවලට වඩා ශක්තිමත්ව නිර්මාණය කර ඇත. ඒ අඟහරු මතුපිටදී Curiosity රෝවරයේ රෝද වලට සිදු වූ හානි සැලකිල්ලට ගනිමිනි. කෙසේ වෙතත් Perseverance රෝවරයේ භාවිත කරන්නා වූ නව විද්යාත්මක උපකරණ හේතුවෙන් මෙම මෙහෙයුමෙහි ගොඩබෑමේ මුළු අවදානම හා පරීක්ෂණ පිරිවැය අවම කොට ඇත.
විද්යාත්මක ඇගයීම් මත පදනම් ව පහත දැක්වෙන ප්රධාන දෘඪාංග පද්ධති හත Mars Perseverance රෝවරයේ ස්ථාපිත කොට ඇත.
1. Mastcam-Z: දියුණු විශාලනයේ/Zoom කිරීමේ තාක්ෂණය හා ත්රිමාණ ඡායාරූප ගැනීමේ හැකියාව ඇති, අඟහරු මතුපිට පාෂාණ සංයුතිය නිර්ණය කිරීමට යොදා ගන්නා කැමරා පද්ධතියයි.
2. SuperCam: දුර සිට ලේසර් මගින් පාෂාණවල රසායනික සංයුතිය නිර්ණය කිරීමට යොදා ගන්නා උපකරණය වේ. මෙහි වර්ණාවලීක්ෂ 4ක් සහ ලේසර් 2ක් අන්තර්ගතය.
3. Planetary Instrument for X-ray Lithochemistry (PIXL): මෙම X කිරණ ප්රතිදීප්ත වර්ණාවලීක්ෂය මගින් ඉහළ පැහැදිලි බවකින් යුක්තව අඟහරු මතුපිට වස්තූන්වල මුලද්රව්යමය සැකැස්ම සිතියම්ගත කිරීම අනන්ය හා තියුණු හැකියාවකින් යුතුව සිදුකෙරේ.
4. Scanninhg Habitable Environments with Raman & Luminescence for Organics and Chemicals (SHERLOC): අඟහරු මතුපිටට යන පළමු පාරජම්බුල වර්ණාවලීක්ෂය වන මෙමගින් අඟහරු මතුපිට කාබනික ද්රව්ය ඡායාරුපගත කිරීම අරමුණු කර ඇත. එමෙන්ම මෙයට අඟහරුගේ අන්වික්ෂීය ද්රව්ය වර්ණ සහිතව ඡායාරුප ගත කිරීමේ ප්රබල හැකියාවක් පවතී.
5. The Mars Oxygen In-Situ Resource Utilization Experiment (MOXIE): අඟහරු වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් නිපදවීමට ඇති ශක්යතාව පිරික්සීමට යොදා ගන්නා උපකරණයක් වන අතර මෙය සාර්ථක වුවහොත් අනාගත අඟහරු ගවේෂණයන්හිදී මහත් උපකාරී වනු ඇත.
6. Mars Environmental Dynamic Analyzer (MEDA): උෂ්ණත්වය, සුළඟේ වේගය හා දිශාව, පීඩනය, සාපේක්ෂ ආර්ද්රතාව හා දුවිලි අංශු ස්වභාවය යන පරාමිතීන් මැනීමට යොදාගන්නා සංවේදක සමුහයයි.
7. The Radar Imager for Mars’ Subsurface Experiment (RIMFAX): අඟහරු පෘෂ්ටය විනිවිද යන රේඩාර් පද්ධතියක් සහිත මෙමගින් සෙන්ටිමීටර පරිමාණයකින් යුතුව අඟහරු භූ ගර්භය පිරික්සීමට නියමිතය.
මෙවැනි මානවයා සතු ඉහළතම තාක්ෂණයෙන් සන්නද්ධව Perseverance රෝවරය 2021 පෙබරවාරි 18 දා අඟහරු ග්රහයාගේ Jezero ආවාටයට ගොඩ බසිනු ඇත.
උපුටා ගැනීම:   නුවන් බණ්ඩාර
                      Tharulowa
                References and Image Courtesy: https://mars.nasa.gov/mars2020/

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!