තාරකා විද්යාඥයින් අපේ සෞරග්රහ මණ්ඩලයෙන් පිටත හදුනාගත් ග්රහලෝකයක් මේ වන විට නොපෙනී ගොස් ඇති බව හබල් දුරේක්ෂ වාර්තා පෙන්නුම් කරනවා. ඒක නිකන් හරියට සුපර්මෑන් ගේ ගෘහ ග්රහලෝකය වන ක්රිප්ටොන් පුපුරා යාම වැනි විද්යා ප්රබන්ධ කතාවල සිදුවන ආකාරයේ සිදුවීමක් බව තාරකා විද්යාඥායින් කියා සිටිනවා.
ෆෝමල්හෝට් නමින් නම් කල අපේ සෞරග්රහ මන්ඩලයට එපිටින් තියෙන අපේ සූර්යයා මෙන් දීප්තිමත් තාරකාවක් වටා කක්ශගත වූ එම අතුරුදහන් වූ ග්රහලෝකය පිලිබද මුල්වරට චායාරූප එවුවේ 2004 අවුරුද්දෙ දී.. එ හබල් දුරේක්ෂය විසින්.
2004 සහ 2006 දී ලබාගත් දත්ත පදනම් කරගෙන 2008 දී ෆොමල්හෝට් බී නමින් මෙම වස්තුව ප්රථම වරට ප්රකාශයට පත් කර ඇත. වසර ගණනාවක් තිස්සේ හබල් දුරේක්ෂයේ නිරීක්ෂණවලින් එය පැහැදිලිව දිස්විනි.නමුත් අනිත් ග්රහලෝක මෙන් නොව එය අදුනාගත් මුල් අවදියේදීම තාරකා විද්ය්ඥයින්ට විකාර ප්රශ්න රැසක් මතුකර ඇත.
ඒ එය අසාමාන්ය ලෙස දීප්තිමත් වීමයි.. ඒ දෙස බැලීමට අමතර කලු පැහැති ආවරනයක් පවා යොදා ගැනීමට සිදුව් ඇත. ඒ තරම් එය දීප්තිමත් ව් තිබී ඇත. නමුත් නාසා හී ස්පිටර් නම් අධෝරක්ත දුරේක්ෂය හරහා නිරීක්ෂණ කිරීමේදී එහි දීප්තියක් දැකිය නොහැකි වී ඇත. ප්රශ්නය නම් එහී ආලෝකය ලෙස පෙන්වන්නේ වෙනයම් දෙයක් වීමයි.
2014 සිට එය යම් ආකාරයක් මැකී යාමක් පෙන්නුම් කර ඇති අතර මේ වන විට සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ඇත.

උපුටා ගැනීම: රාම් වණා