පොඩි කාලෙ මට අපලයි කියල ගෙදරින් මට දැම්මා නයි මුද්දක්. එතකොට මම නවය වසරෙ වගේ..
ඉස්කෝලේ යනකොට ඉතින් මුදු දාන්න දෙන්නෙ නෑනේ..ඒත් ගෙවල් ගාව ඉස්කෝලෙට යනකොට සාමාන්යයෙන් පොඩි බලයක් ලැබෙනව ශිෂ්යයන් අතරෙ..ඒක නිසා කව්රුත් මට මුකුත් කිව්වෙ නෑ..ගුරුවරු මට ආදරේ නිසා මුද්ද ගැන අහල අපලයක් කීවම මුකුත් කීවෙ නෑ..හැබැයි ප්රින්සිපල්ගෙන් නම් බේරිලා හිටියේ එතුමා දකිනකොට මගහැර යාමෙන් හෝ මුද්ද සහිත ඇගිල්ල වසා ගැනීමෙන්..
මාස තුනක් විතර ඇදගෙන ගිය මේ වැඩේ හබක් උනේ ගමේ ගිහින් ඉස්කෝලේ ආව දවසෙ..තාත්තගෙ වාහනේ පැච් එකක් ගියා එනකොට..ටයර් මාරු කරන් එන කොට ගේට්ටුව වහල ප්රින්සිපල් ඉන්නව ඉස්සරහට වෙලා..මම ටක් ගාල සීට් එකෙන් ඉස්සරහට රූටල ගිහින් තාත්තාට කිව්ව යං යං කියල..
කව්ද දන්නෙ මේ දෙන්න අදුනනව කියල??
තාත්තා දැකපු ප්රින්සිපල් එයාට අතවනල..(මේක පස්සෙ වෙලාවක තාත්තා කිව්වෙ) ඉතින් තාත්තා වාහනේ නවත්තල..තමන්ගෙ යාලුවට කතාකරන්න ප්රින්සිපල් වාහනේ ඉස්සරහ දොර ඇරියා විතරයි දොරට හේත්තු වෙලා උන්නු මාව එලියට දොන්ත පදොං..
මේ උඹේ පුතාද? කියල අහපු ප්රින්සිපල්ට තාත්තා හිනාවෙවී කිව්වා ඒක දැන් හොදටම දැක්කනේ ඔප්පු කරන්න ඕන නෑනෙ කියල 

දූවිලි පිහිදාගෙන නැගිට්ට මට ප්රින්සිපල් කිව්ව යනව ගිහින් අර තණකොළ ගලවනව කියල..තාත්තා නෙවෙයි ඇහැක් ඇරල මගේ දිහා බැලුවෙ..පොත් බෑග් එක කොට්ටම්බා ගහ යටින් තියල මම පරක්කු වෙලා ආව අනිත් උන්ට එකතු උනා…
පැය භාගයක් විතර ගියාම අපි හිටපු තැනට ආව ප්රින්සිපල් හැමෝටම සමසේ වේවැල් පාර දුන්නා පස්ස රත් වෙන්න..අපරාදෙ කියන්න බෑ එක සමාන ශොට්ස්..
අනිත් උන්ට යන්න කියල මගේ අත දිහා වේවැල දික්කරපු ප්රින්සිපල් තමුසෙ යනව මගේ ඔෆිස් එකට කිව්ව..ඒ දවස් වල ඔෆිස් එකට යනව කිව්වම ඉතින් අපායට යනව වගේ ෆීලින් එකක් ආවෙ..
ඔෆිස් එකට ගිහින් ටික වෙලාවකින් ප්රින්සිපල් ආව..
“මොකක්ද ඔය ඇගිල්ලෙ?”
“මේ මේ මුද්දක් සර්”
” මට ඒක පේනව මිනිහො..මොකටද ඕක?”
“අ…අ…අපලෙකට සර්”
“ඕක තමයි අයිසෙ තමුසෙගෙ අපලෙ..ගලවනව ඕයි ඕක ලැජ්ජ නැද්ද මිනිහො ඔය මගුල් විශ්වාස කරන්න?”
“අම්ම කීවෙ සර්”
“තමුසෙලා ඒවට විතරක් අම්ම කියනදේ අහනව..මම දන්නෙ නැද්ද අයිසෙ තමුසෙලව?? හා හා ගලවනව ගලවනව”
මමත් ඉතින් මුද්ද ගලවන්න ට්රයි කලා ගැලවෙන්නෙ නෑ..
ලොක්කට තේරුනා ඇත්තටම ගලවගන්න බෑ කියල..පස්සෙ කිව්වා හරි ගෙදර ගිහින් ගලවල හෙට ඇවිත් මට අත පෙන්නල යනව..
එහෙම කියල කොළයක් අරං මොකක්දෝ ලියල මට දීල කිව්ව “මේක අරං ලයිබ්රියේ මිස්ට දෙනව..එයා තමුසෙට පොතක් දෙයි..අද හවස ගෙදර ගිහින් ඔය පොත කියවනව..කියවල හෙට මට අත පෙන්නන වෙලාවට කියනව තමුසෙට හිතුන දේවල්. හ්ම්ම් දැන් යනව පංතියට”
මම ලයිබ්රියට ගිහින් අර පොතත් අරං පන්තියට ගියා..
පහුවෙනිදා මම මුද්ද ගලවල ගෙදර තියල ප්රින්සිපල්ට අත පෙන්නුවා..
පොත ගැන කියනවනම් ඒ පොත මාව වෙනස් කලා..පොතේ නම තමයි “දෙවියෝ සහ භූතයො” ලංකාවේ හේතුවාදී න්යායයේ මූලිකයා වුන ඒබ්රහම් ටී කොවූර් තමයි එහි ලේඛකයා..පස්සෙ මම ඔහුගේ පර්යේෂණ සහ පොත් ඔක්කොම වගේ කියෙව්ව..
අදටත් මම ඔහුගේ න්යායයන් පිලිගන්නව..ඒත් අද කාලෙ වනවිට මිත්යා මත ඔස්සේ දුවන පරම්පරාවක් ආයෙත් බිහිවෙලා..ඒවට එරෙහිවන්න බැරිතරමට ඔවුන් ප්රබල වෙලා කොවූර් එදාට වඩා අදටයි අවශ්ය කියල හිතෙන තරමටම….
උපුටා ගැනීම: Mahesh Neranjan Palliyaguru