මේව උනෙ A/L ලියන කාලෙ. ඒ කාලෙ පන්තියේ හිටපුම නැති තරම්.ඉස්කෝලෙට අල්ලලා තියෙන්නෙ කුරුළු කැලේ. කෑගල්ලෙ ටවුමෙ ඉන්න කෙනෙක්ට නම් කුරුළු කැලේ කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි. නමේම තියෙනවානෙ.ඒක කැලයක්. මන් දන්න තරමින් ලංකාවෙ ලොකුම නැතිනම් පැරණිම පුස් වැල තියෙන්නෙ ඔන්න ඔය කැලේ.
(දැන් ඕක වැරදියි කියලා ඇඩ්මින්ලට කේලම් කියලා මේක අයින් කරවන්න දගලන මහත්තුරු නෝනලාට කියන්නෙ, ඔක්කොටම දැනගන්න නිවැරදි එක කමෙන්ට් කරන්න)
ඔය කාලෙ මගෙත් එක්ක එකට හිටපු පොර ගෝනගල. ඌ ගැන වෙන ලිපියක ලියන්නම්.අපි දෙන්න ඒ කාලේ හෝ පටේට කුරුළු කැළේ පනිනවා. බීඩි ගහන්න නෙවෙයි, නිකම් පීරියඩ් ටික කට් කරන ගමන් පරිසර සෞන්දර්ය විදින්න.
ඉස්කෝලෙන් කැලේට රිංගපු ගමන් තියෙන්නෙ ගල්පොතක්. ගල්පොත්ත ළගින් උඩහට යනකොට කැලේ ඇතුලෙ අඩි පාර දෙකට බෙදෙනවා. අපි එක පාරක ගියා. පුස් වැලේ මුල තියෙන තැනට මීටස් සීයක් විතර ඈත ඉදන් කලව සයිස් පුස් වැල් බිමට එලෙනවා.
අපි ඉතින් ඔව්වගෙ නැග නැග ඉන්නවා. අපි දෙන්න ඒ ළඟ ගහක් දෙගේ උඩට බඩ ගෑව. ඒ ගහේ පුස් වැල එතිල. ඒ ගහේ විතරක් නෙවෙයි, ඔය හරියෙ තියෙන හැම ගහකම පුස් වැල එතිලා වියනක් වගේ. අපි නැග්ග ගහේ ඉදන් පුස් වැල් වියන දිගේ බඩ ගෑවා. නියම ඉදගන්න පුලුවන් තැනක් සෙට් උන නිසා හොද සැපට පස්ස තියලා ඉද ගත්තා. දැන් අපි ඉන්නෙ පොළොවෙ ඉදන් මීටර් පහක් වගේ උසින්.කැන්ටිමෙන් ගෙනාව දහයෙ බයිට් පැකට් දෙක්කුත් ඇරන් දැන් අපි කනවා. පට්ට ලස්සනයි. වටේම කඳු විව් එක නිල්පාටට පේනවා.ඒක ඉතින් නැවුම්ම් ෆීලින් එකක්… මෙහෙම හිටියා ටික වෙලවක්. එක පීරියඩ් එකක් ඉවර වෙලා බෙල් එක ගැහුවා. තව අපි වැල උඩ…..
ටික වෙලාවක් යනකොට ගහ යටින් සද්දයක් ඇහෙන්වා.බිම බැලුවට පෙන්නෙ නෑ.ඒ තරමටම වැල් ගාල. ගෝනගලයා කිව්වා ඌ ටිකක් බැහැලා බලන්නම් කියලා. මූ හිමීට ගහට කිට්ටු කරලා ගහ දිගේ බහින්න ගත්තා. තප්පර කීපයයි. මේක යටි ගිරියෙන් කෑ ගැහුවා අම්මේ කියලා. අහපව් උඩට බඩ ගෑවා.
“මොකද යකෝ”
“තඩි නයි දෙන්නෙක් පෙන පුප්පාගෙන ගහ යට වෙලෙනවා.”
නයි දෙන්නෙක් එකට වෙලිලලු. නයෙකුයි නැයිනියෙකුයිද දන්නෙ නෑ.නැතිනම් නයිම දෙන්නෙක්ද දන්නෙ නෑ. ඒ කිව්වෙ උන් වලියක්ද දන්නෙ නෑනේ..
(නයාගෙ ගෑනු සතා හැපින්න නෙවෙයි නැයිනි)
මාත් ගහ ගාවට වැල දිගේ ගිහින් බැලුවා. දාර නයි දෙන්නෙක්. පිඹ පිඹ එකට වෙලිලා, ඇගෙන් බාගයක් පොළොවෙට ලම්භකව එසවිලා. රන්ඩු වෙන්වද වෙන මොකුත් කරනවාද කියලා උන් තම දන්නෙ.උන් දැක්කත් ඇති කලන්තෙ දාන සයිස්.
ආයෙත් මන් ගියා කලින් හිටපු තැනටම. දැන් ගෝනගලයා බය වෙලා. ඌ කියන්නෙම නයි දෙන්නා ගහ දිගේ නගියිලු.මේක මාවත් බය කරවනවා. අපිට වෙන් විකල්පයකුත් නෑ. අපි එහෙමම හිටියා. ඊළඟ බෙල් එකත් ගහනවා ඇහුනා. තාමත් යට සද්දේ ඇහෙනවා. මූ කියනවා එහා ගහට මාරු වෙලා එතනින් බහිමුලු.ඒක ඌට කරන්නත් බෑ මටත් බෑ…කොයි වෙලේ හරි යයිනෙ කියලා අපි එතනම හිටියා. මෙහෙම තව පීරියඩ් එකක් ගියා. දැන් පස්ස රිදෙන්වා. ඇයි ඉතින් වැල උඩනෙ.තවමත් යට සද්දෙ. කොහොම හරි ඉස්කෝලෙ ඇරිලා ඉවර වෙනකමුත් මේ සද්දේ තිබ්බා.
(අපි උදේ හතයි තිහට කැළයට රිංගපු බවක් මෙහි සදහන් නොවන බව නයි ඔස්තාර්ලා සලකන්න.)
කොහොම හරි සද්දෙ නැත්තටම නැති වෙලා නයි දෙන්නත් වාෂ්ප වෙලා පැය භාගයක් ගියාමයි අපි ගහෙන් බැස්සෙ.
ගහ ලගින් කොයි තරම් වේගෙන් පන්තියට දිව්වද කියනවානම් මිතුරනි පස් පාරකට වඩා බිම පත බෑවුනා….
එදා නයි දෙන්නා ලොකු පාඩමක් අපිට කියලා දුන්නා. එදායින් පස්සෙ කුරුළු කැලේ රිංගීම නැවතුනා.මන් හිතන්නෙ අපි විසි තිස් පාරක් කලින් කැලේට රිංගන්න ඇති…
උපුටා ගැනීම: Amila Wijethilake